(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමකින් ඊයේ (16) පස්වරුවේ මියගොස් ඇති බව කළුතර නාගොඩ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අමාත්‍යවරයා වයර් දෙකක් සම්බන්ධ කිරීමට ගොස් ඇති බවත් එහිදී විදුලිසැර වැදී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මිය යන විට තෙවරප්පෙරුම මහතා 64 වියේ පසුවිය.
ඔහු දෙදරු පියෙකි. මීට වසර කිහිපයකට ඉහතදී ඔහුගේ වැඩිමහල් පුතු මියගියේය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් මතුගම යට දොළවත්ත ප්‍රදේශයේ ඉඩමක සිටියදී මෙම අනතුර වී ඇති බවත් එම අවස්ථාවේදී දී තවත් සිවුදෙනකු ලොරි රථයකින් පොහොර තොගයක් බාමින් සිට ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහු ලොරියට මඳක් ඈතින් අමාත්‍යවරයා වැටී සිටිනු දැක සේවකයන් කඩිනමින් පෞද්ගලික වෑන් රථයකින් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන විත් ඇති අතර, ඒ වන විටත් තෙවරප්පෙරුම මහතා මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.
සිරුර මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද17) පැවැත්වීමට නියමිතය.
තෙවරප්පෙරුම මහතාගේ හදිසි මරණයේ හේතුව සොයා ගැනීම සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීහු පැමිණ ඊයේ 16) රාත්‍රියේම පරීක්ෂණ ආරම්භ කළහ.
පාලිත තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටි කාලයේදී ඔහුගේ සිරුර තැන්පත් කිරීම සඳහා මතුගම යට දොළවත්ත ප්‍රදේශයේ ඔහුට අයත් විශාල වත්තක වැවක් අසල නිසල නිවහන නමින් විශේෂ ස්ථානයක් සකසා සිය දේහය තැන්පත් කිරීමට රැගෙන එන පුද්ගලයන් සඳහා කුලී මුදල්ද ගෙවා ඇති බව ඔහු විසින් එම දිනවල ප්‍රකාශ කර තිබිණි.
දේහය එම ස්ථානය කරා රැගෙන එන අවස්ථාවේදී ගායනා කිරීම සඳහා ඔහු විසින් සිංදුවක්ද තනා තිබූ බවත් අනාවරණය විය .
තමන්ගේ අවසන් කටයුතු පැය විසිහතරක් ඇතුළත සිදුකරන ලෙසත් ඔහු එමගින් දැනුම් දී ඇත.
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමකින් මියගියාද? අකුණු සැර වැදීමකින් මිය ගියාදැයි ? පරික්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
මතුගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ ක්‍රියාත්මකය.
------------------------------------
(සුමිත් පොතුපිටිය)
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.
නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ මෙසේ විදුලි සැර වැදී ඇති අතර ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.
පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂ කළුතර හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු වනජීවි රාජ්‍ය අමාත්‍යවරයෙකි.
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
මාත්රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
චන්දිම ෆොන්සේකා Tuesday, 16 April 2024 07:12 PM
අනේ මොනවා වුනත් මේ මනුස්සයට මේ වෙච්ච දේට නම් හිතට හරි කනගාටුවක් දැනෙනවා.
Nalin Tuesday, 16 April 2024 07:15 PM
සාමදානයේ සැතපේවා .!!
Muthu Tuesday, 16 April 2024 07:17 PM
කරන්ට් නොවැදුනු කෙනෙක් හොයා ගන්න බැරි තරම්. කරන්ට් වැදිලා මැරෙන එක, එක අතකට අබිරහසක්. සාමාන්‍යයෙන් මාසෙකට 4 - 5 වතාවක් මටත් කරන්ට් වදිනවා, පොඩි පොඩි වැඩ කරන්න ගිහින් ගෙදර. සමහර වෙලාවට ට්‍රිප් එක ඕෆ් වෙනවා. අනික් වෙලාවට මොකුත් නෑ. අපේ ගෙදර 3 ෆේස් තියෙන්නේ. කෙනෙක් පහදන්න මේක හරියටම. ලොකු සේවයක්.
ruwan Tuesday, 16 April 2024 07:29 PM
ඔහුගේ දේශපාලන පක්ෂය හෝ මතයට වඩා ඔහු නියෝජනය කරන මහජනතාව වෙනුවෙන් ඇප කැපවී වගවීමෙන් කටයුතු කල මනුෂ්‍යත්වය වෙනුවෙන් සැමවිටම පෙනී උන් මිනිසෙක්.ගංවතුර ,කොරෝනා උවඳුර අතර කාලයේ මිනිසුන් වෙනුවෙන් කල කී දේ හැමදාමත් හදවත් තුල පවතී.ඔබට නිවන් සුව!
ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 16 April 2024 07:30 PM
ඔහු නියෝජනය කල පක්ෂය කුමක් වුවත් මා ඉතාමත් ගරු කරන සුන්දර මිනිසා. ඔබට නිවන් සුව ගරු මැතිතුමනි. ඔබ වැනි දේශපාලකයින් බිහිවන්නේ ඉතාමත් කලාතුරකින් අවංකවම දුප්පතාට පිහිටවු ඔබ ජාති ආගම් භේද නොමැතිව සියළුම ජාතින්ගේ හදවතේ සදා නොමියන චරිතයකි. ඔඅබට සුභ ගමන් මැතිතුමනි !!
සුරංග Tuesday, 16 April 2024 08:23 PM
ඉතාමත් කණගාටුයි. නිවන්සැප ලැබේවා..!
Buddika Tuesday, 16 April 2024 08:27 PM
අයියෝ පව්. මොනවා වුණත් මිනිස්සුන්ට උදව් කළ වැඩ කළ කෙනෙක්... ගිය ඡන්දෙන් පරාද වුනේ unp එකෙන් ඉල්ලපු නිසයි... unp, එකට වැදුණු සාපය මෙයාටත් පරාද වෙන්න හේතු වුනේ. වෙන පක්ශයකින් ඉල්ලුවා නම් ස්තිරවම දිනනවා. නිවන් සුවය ලැබේවා..!
I k s chandrasiri Tuesday, 16 April 2024 09:41 PM
ඔබතුමාට නිවන්සුව ලැබේවා
chandima Tuesday, 16 April 2024 10:25 PM
එකත් එකටම හොරෙන් විදුලිය ගන්න යන්න ඇති.ඒ උනත් පොතේ හැටියට නම් පොහොර බාපු මිනිස්සුයි විදුලිබල මණ්ඩලේ කට්ටියයි විමලසුරේන්ද්‍ර මහත්තයා පණපිටින් උන්නානම් එයාවයි පොලිස්පතිගේ විශේෂ නියෝගයක් යටතේ අත්අඩංගුවට ගන්න ඕන
p.siriwansa silvaWednesday, 17 April 2024 11:42 AM
දන්න එකටයි, නොදන්නා එකටයි මේ වගේ කියන්න එපා. ඒ මිනිහා හරිම හොඳ අවංක මනුස්සයෙක්...
ChandikaWednesday, 17 April 2024 03:57 PM
මෙතුමා හොඳ මනුස්සයෙක්... ඔහොම කතා කියන එක වැරැදියි.
Prabha Wednesday, 17 April 2024 05:50 PM
නරක දේට නරක වගේම හොඳ දේට හොඳයි කියන්න බැරි කුහකයින්ට විතරයි.
BuddikaWednesday, 17 April 2024 07:54 PM
හැමදෙටම නෙගටිව් දේවල් කියන්නෙ කුහක බැක්වර්ඩ් මිනිස්සු.මේ වගේ එවුන් හින්ද තමයි මේ රට මේ තැනට වැටුනෙ.දේසපාලනය පැත්තකින් තියන්න.පාලිත තෙවරප්පෙරුම මිනුස්සුන්ට උදව් කල ,වැඩ කල කෙනෙක්.ගිය චන්දෙන් unp එකෙන් නොඉල්ලා ස්වාධීනව ඉල්ලුව නම් එයා දිනනව.unp එකට ඇති අප්‍රසාදය සහ ජනතා විරෝධය නිසයි මෙතුමා පරාද උනෙ.
Prabha Tuesday, 16 April 2024 11:24 PM
හරි හෝ වැරදි දේ කෙලින් කරපු මනුස්සයෙක් .ඔබට සුභ ගමන්
කවිඳු Tuesday, 16 April 2024 11:26 PM
මැරෙන බව අමතක නොකළ දේශපාලකයෙක්. එවන් දේශපාලකයෝ දුලබයි. අවසන් හුස්ම යනකම් මැරෙන්නේ නෑ කියලා හිතාගෙන ඉන්න අයට මෙතුමා ආදර්ශයක්..... ඔබතුමාට නිවන්සුව පතමු.
පිටරැටියා Tuesday, 16 April 2024 11:37 PM
හරිම කණගාටුදායකයි .පොළවේ පය ගහලා ජීවත් වූ අවන්ක මනුස්සයෙක් .නිවන්සුව ලැබේවා !
බණ්ඩා Wednesday, 17 April 2024 01:27 AM
හිත හොඳ මිනිහෙක්. ඉතා කණගාටුදායක සිද්දියක්. නිවන් සැප ලැබේවා.
Ranjith Kodikara Wednesday, 17 April 2024 05:51 AM
මෙම අවකාශයේ මුද්‍රණය කිරීමට වචන නැත. උන්වහන්සේ සමාදානයේ සැතපේවා
අපකීර්ති වර්ණකුලසූරිය Wednesday, 17 April 2024 07:34 AM
චන්ඩියෙක් උනත් දුප්පත් මිනිස්සු වෙනුවෙන් වැඩක් කරපු කෙනෙක්. නිවන් සුව ඔබතුමාට.
Buddika Wednesday, 17 April 2024 08:01 AM
ඉතාම කනගාටුදායක දෙයක්.එතුමා සාමාන්‍ය මිනිස්සු එක්ක හිටපු,ඒ අතරින් මතු උනු කෙනෙක්.මිනිස්සුන්ට ගොඩක් උදව් කලා.කලුතරට එන ඕනිම කරදරේකදි එතුමා පෙරමුණ අරන් උදව් කලේ.ගිය චන්දෙන් එතුමා පරාද උනේ unp එකෙන් ඉල්ලපු නිසයි.unp එකට තිබ්බ ජනතා විරෝධය නිසයි පරාද උනේ.වෙන පක්ශයකින් ඉල්ලුව නම් එතුම අද මන්ත්‍රීවරයෙක්.අව්‍යාජ පුද්ගලයෙක්.නිවන් සුවය ලැබේවා.
Rifan Wednesday, 17 April 2024 08:26 AM
මෙතුමා ආදර්ශමත් සැබෑ ජනතා සේවකයෙක්, ජාති ආගම් භේදයකින් තොරව සේවය කල මහත්මයෙක්. එතුමාගේ භාෂා ශෛල්‍ය සහ හැසිරීම තරමක් රැඩිකල් වුනාට අවංක මනුස්සයෙක්. කොරෝනා සමයෙත්, අලුත්ගම ගැටුම සමයෙත් එතුමාණන් ජාති ආගම් භේදයකින් තොරව කල සේවය වර්ථමාන තක්කඩි දේශපාලඤයින්ට අපූරු ආදර්ශයක්. සමහරක් දේශපාලඤයින් මියයද්දී සතුටු වන රටේ ජනතාව මෙවැනි දේශපාලඤයින් මිය යද්දී දුක්වීම තුල වර්ථමාන දේශපාලඤයින්ට සිතන්න බොහෝ දෑ ඉදිරි කොට ඇත. - තෙවරප්පෙරුම මහතාණෙනි!, ඔබට සුබ ගමන්.
Bunny Preena Wednesday, 17 April 2024 08:37 AM
මිනිස්සුන්ට බෙහෙවින්ම ආදරය කරපු ,මිනිස්සුන්ගේද ආදරය නොඅඩුවම ලැබූ හොඳ මනුස්සයෙක් .එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි
Kazi Shajahan Wednesday, 17 April 2024 09:44 AM
දේශපාලකයින් අතර සිටිය ඉතාමත් හොඳ මනුස්සයෙක් ,හැමවෙලේම නැති බැරි මිනිස්සුන්ට උදව් කරා .ඔබ වනි අය නැවත උපදින්න මොනවාහරි කුසලතාවක් අරගෙන එන්න අපේ රටටම ,නිවන් සැප ලැබේවා පාලිත
Asela Wednesday, 17 April 2024 09:48 AM
හොඳ මිනිහට ආයුෂ අඩුයි. පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මනුෂ්‍යයෙක්.
BuddikaWednesday, 17 April 2024 04:40 PM
මේ කමෙන්ට්ස් වලට ඩිස්ලයික් කරන්නේ මොන වගේ මානසික මට්ටමක ඉන්න අයද? ස්ථිර ලෙසම jvp විය යුතුයි. මොකද හැම ගමකම ඉන්න jvp මිනිස්සු කුහකයි. ඉරිසියයි. පාලිත තෙවරප්පෙරුම සැබැවින්ම මිනිස්සුන්ට උදව් කළා. ගංවතුරේ බැහැගෙන මිනිස්සුන්ට උදව් කලේ...
jagath Wednesday, 17 April 2024 09:54 AM
සියල්ලෝම රංගදරයෝය ඔහුගේ කොටස අසන් විය ඔහු ඉතාම ගුණ යහපත් චරිතයක රගපෑවේය විදුලිය අනවසර හෝ අනාරක්ෂිත අකාරයෙන් විය යුතුය...... ඔබ කලාවු යහපත් ක්‍රියා හේතුකොටගෙන නිවන් සුව ලැබේවා......කල හොඳ ක්‍රියා මිනිසුන්ට මතයේ රුඳේවා
ILHAM Wednesday, 17 April 2024 11:48 AM
දුකයි. හිත හොඳ මනුස්සයෙක්...
fairoos Wednesday, 17 April 2024 12:43 PM
නිවන් සුව...!
ගමේ එකාලා Wednesday, 17 April 2024 02:25 PM
එතුමාගේ හදිසි වියෝව අපිට නම් හිතාගන්න, දරාගන්න බැරිතරම්. මිනිස්කම් වලින් පිරුණු ජනතාවට අප්‍රමාණ සේවයක් කරපු කෙනෙක්. ඔහුට නිවන්පුර රුවන්දොර ඇරේවා.
Cyril Palihawadana Wednesday, 17 April 2024 02:26 PM
මනුස්සයා හොඳ වුණාට පාර්ලිමේන්තුවට යවන්න එපා. පාර්ලිමේන්තුව තියෙන්නේ නීති හදන්න. තාමත් අපිට ඕක ඉගෙන ගන්න බැරිවුණානේ...!
Chandika Wednesday, 17 April 2024 04:00 PM
ඔබතුමාට නිවන් සුව ලැබේවා...!
siri Wednesday, 17 April 2024 05:31 PM
තක්කඩි දේශපාලනඥයින් මියයද්දී සතුටු වන රටේ ජනතාව මෙවැනි දේශපාලඥයින් මිය යද්දී දුක්වීම මගින් මේ රටේ ජනතාව ගුණමකු නොවන බව පේනවා. තක්කඩි දේශපාලඥයින් මියයද්දී සතුටු වන එකට එම මිනිසුන්ට බැනලා වැඩක් නැහැ... මේවා ආදර්ශයට අරන් දෙනවත් යහපත් මනුස්සයෝ වගේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. මේ කමෙන්ට් ඔක්කෝම බලන්න. තක්කඩි දේශපාලඥයින්ට අපූරු ආදර්ශයක් - තෙවරප්පෙරුම මහතාණෙනි!... ඔබට සුබ ගමන්...
Deshapriyadwn Wednesday, 17 April 2024 05:57 PM
මහ පොළොවේ ජීවත් වුණා. දඩබ්බර වුණත් සුන්දර මිනිසෙක්.. යන්න ඕනෑ අය හැරමිටි වරුවෙන් හරි එල්ලිලා ඉන්න හදන කාලේ.. ඉන්න ඕනෑ කෙනෙක් වෙලත් යන්න හදිස්සි වුණා. මැරෙන බව අවබෝධ කරගෙන ජීවත් වුණු ඔබට සුබ ගමන්.. නිවන් සුව ලැබේවා...!