විදුලි බිල වැඩි කිරීමට එරෙහි විපක්ෂ පෙළපාළිය මරදාන කාර්මික විදුහල් හන්දියේදී මින් මද වේලාවකට කලින් නතර කිරීමට පොලිසිය ගත් උත්සහාය අසාර්ථක විය. පෙළපාලිකරුවනට පොලිසිය දැන්වූයේ ආණ්ඩු පක්ෂයෙන් ද පෙළපාළියක් කොටුවට යන හෙයින් ඒ දෙසට නොයන ලෙසයි. එහෙත් විපක්ෂය පොලිස් ඉල්ලීම නොතකා කොටුව දෙසට ගමන් කෙළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ත වගේ අය ඉන්නකම් මේරට හැදෙන්නෙ නෑ. විදුලිබිල වැඩිකරපු මේ ආන්ඩුව යන්නම ඕනා.(නදී)
එකිනෙකාගේ අතකොලු නොවන රටට ආදරය කරන විපක්ෂයක් බිහිකරන්න සමත් වුනොත් ජය නියතයි. (නි)
ගුටි කන්නමයි ඔය යන්නේ
නිදහස කියන්නේ අනෙකාට අවශය නැති, තමන්ට විතරක් සීමා වුණු තනි පුද්ගල නිදහසක් කියලා හිතෙනවා නම් ඇත්තටම අපි දිනුම් ද? (නි)
සිංහලය කියන්නේ තරහ ගියාම පෙළපාලි යන ජාතියක් නෙමේ. ගහල එලවන ජාතියක්. දැන් ඉන්න සිංහලයෝ එක්කෝ සිංහල නෙමේ නැත්නම් තරහ යන්නේ නෑ.(නදී)
ශාන්තට තව දෙගුණයකින් විදුලිබිල වැඩිකරලා දෙන්න ජනපතිතුමනි (නි)
ඇයි ආණ්ඩු පක්ෂය කොටුවට එනවයි කියලා අනිකුත් පක්ෂ නවතින්න ඕනෑද? මොන අරමුණු යටතේ වුණත් විදුලි බිල අඩුකරන්න කියලනේ පාරට බැස්සේ. ඒ මිනිස්සුන්ව අගය කළ යුතුයි. අද හෙට යුද්ධය දිනපු එකේ සතුට නම් සමරයි. හැබැයි ඒකට හරියන්න ජනතාවගේ හිතට ඊට වැඩිය ලොකු ගින්දරක් දීලා (නි)
විපක්ෂයේ ඉඳිද්දී ඔහොම පොලිසියට අවනත නොවනකොට මේ කට්ටිය බලයට ආවාම කොහොමට හිටීද? (නි)
යමු පෙරටම! (නි)
පොඩ්ඩක් හිටපන්කෝ. කරුවල වැටුනම දෙන්නන් සරුවත්. විදුලිය අඩු කරලා ඉටිපන්දම් කිරි කෝප්ප පිටින්ම.(නදී)
දැන්වත් බේද අමතක කරලා එකතු වෙලා වැඩ කළොත් හොදයි,දැන් ආණ්ඩුව බය වෙලා. ඒකනේ අර පක්ෂව පෙලපාලියකුත් යන්නේ.... (නි)
ආණ්ඩුවේ පෙළපාලියට වැඩිය මේකේ සෙනග නම් ඉන්නවා. ජනතාවට සහනයක් වෙනවා නම් කවුරු බලයේ හිටියත් කමක් නැහැ (නි)
සමගිය බලය වේ (නි)
මම දන්නේ නැති නිසයි අහන්නේ. මෙතන ප්‍රතිචාර දාලා ඇති කී දෙනෙක් ආණ්ඩුවට ඡන්දය දීලා ඇද්ද? දැන් ආණ්ඩුවට බැනලා වැඩක් තියෙයිද? දැන්වත් මිනිස්සු තේරුම් ගත යුතුයි. මිනිස් වර්ගයා කියන්නේ තමන් ගැනම සිතන ජාතියක්. (නි)
මෙහෙම කට්ටිය පයින් යනවා නම් ඉන්ධන බිලත් අඩු වෙයි නේද? අනේ එහෙනම් මේ අයගේ සුපිරි වාහන වලට ඉන්ධන සඳහා අපෙන් ගන්න බදු වලිනුත් ගානක් අඩුවෙයි.මේවා තමයි දවසේ විහිළු. (නි)
දවසේ හොඳම විහිළුව වෙන්න නම් ඉඩතියන්න එපා හොදේ (නි)
නියමයි. ඔහොම යමු. ජය වේවා! (නි)
විදුලි බිල අපිට ප්‍රශ්නයක් නොවේ. ජනපතිතුමනි, ජනතාව ඔබ සමගයි. විපක්ෂය භංග වේවා. (නි)
නියමයි ඔහොම යමු. ජය වේවා විපක්ෂයට! අපි ලැහැස්තියි ඕනෑම දෙයක් කරන්න. දිගටම සටන් කරමු. එකමුතුබවේ සවියට ජයෙන් ජයම වේවා! (නි)
අපේ සහයෝගය! නමුත් අර ශාන්තිනි නෝනාගේ "විරෝධය" ට අපේ විරෝධය.. (නි)
රනිල් පාරට බැස්සත් වැරදියි. නොබැස්සත් වැරදියි. ආණ්ඩුවක් පිහිටුවන්න මේ දේවල් නොකර බැහැ. නායකතුමාට ජය වේවා! (නි)
මෙතැන ඉන්න සේරම අවස්ථා වාදී ශ්‍රී ලාංකිකයෝ.(නදී)
"සහේලි නගෝ, ගහන්නකෝ තව සිංදුවක් "අපිටත් විපක්ෂයක් පහළව ඇතේ" කියලා. " කාලෙකින් දැකපු හොඳම කතාව. අමිලට අපේ ප්‍රණාමය! මේ නැගිටීම දැකලාවත් විපක්ෂයට ජනතාව යන අත තේරී කළයුතු වැඩකොටස පටන් ගනීවා කියා පතමි! (නි)
මේ වගේ මෝඩ තක තීරු මිනිස්සු හින්ද අහිංසක ජනතාවට තමා හැම තැනදීම වන්දි ගෙවන්න වෙන්නේ. මේවා මේ ලොවෙදීම පඩිසන් දෙවී.(නදී)
රංජිත් සියඹලාපිටිය ඇමති තුමත් ඇවිත්, දයාසිරි ලගට වෙලා ඉන්නවා පින්තූරය බලන්න. දැන්ම ජනාධිපති තුමාට කියන්න විදුලිබිල ප්‍රශ්නයක් නැහැ කියලා.(නදී)
මේ රටට ආදරේ අයද? නැහැ. මේ රජය දිවි හිමියෙන් ආරක්ෂා කර ගැනීම ශ්‍රි ලංකාවේ හැම පුරවැසියෙකුම සතු දෙයක්. (නි)
සියලුම දෙනා සතියක් ගෙවල්වල විදුලිය නීමා දමා තිබ්බා නම් මීට වඩා හොද නැද්ද? (නි)
රාජ්‍ය නොවන සංන්වීධාන වලින් මේ දීන වල අයියලට සල්ලී ගොඩාක් ලැබෙනවා ! කට්ටියක් ගෙදර යවන්න. (ස)
අන්න වැරදි වැඩක්
පොලිසියත් දැන් මොකාක් කරයිද
මමත් විදුලි බිලට විරුද්ධයි. නමුත් හොර තක්කඩි එකතු වෙලා රජය පෙරලන එකට මම විරුද්ධයි. මේ රජය දිවි හිමියෙන් රැක ගත යුතුයි.(නදී)
ඒ කියන්නේ රජයේ පැත්තෙන් පෙළපාලි ගිය අයට විදුලි බිල ප්‍රශ්නයක් නැද්ද? (නි)
පොලිස් අන නොතකා දාවනය වුන ලොරි රථයක් පොලිස් වෙඩි පහරින් .... මම හිතුවේ ඒ වගේ දෙයක් කියලා.(නදී)
හෙට සමහර මාධ්‍ය වල අපේ ඇමතිලා කියයි, මෙය " ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් " කියලා. නැත්නම් "විජාතික බලවේග" වල වැඩක් කියලා (නි)
ජය වේවා. ලේ වලින් අත්සන් කරලා දෙන්නම්. ජය නියතයි. (නි)
ගංගා ෂානීගේ ඔළුව ටිකක් බලාගන්න වෙනවා අංගොඩින්.(නදී)
මෙහෙම සිංහල ජාතිය දෙපැත්තට බෙදිලා කොටා ගන්නකොට අනික් අයට තමයි වාසි. කවදා හරි අනික් ජාතිය මේ රට සල්ලිවලට ගන්නවා ඒක ඉර හද වගේ සුවර්. කවදා හරි රටක් නැති වෙන්නේ අපේ අනාගත පරපුරට. පක්ෂයට වියදම් කරන්න සල්ලි නෑ කියලා පහුගිය දවසක සිරිකොතේදී කියලා තිබුනේ නැද්ද? (නදී)
රටට ප්‍රබල විපක්ෂයක් අවශ්‍ය මොහොතකි.(නදී)
සෙට් වුණොත් ෆිට් තමා... (නි)
පක්ෂ පාට නැතුව කට්ටිය වැඩේට එකතු වෙලා වගේ. (නි)
විදුලි බලාගාර හිමි උන්ට ජය, උන්ගෙන් කොමිස් ගන්න උන්ට ජය ජනතාවට හුලන්.(නදී)
නියමයි
ආණ්ඩුවට එතරම් මිනිස්සු නැති බව මේ පෙළපාලි දෙකේ ඉන්න මිනිස්සු ප්‍රමාණයෙන් පේනවා.(නදී)
විපක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීත්වය තුලින් වැඩිකල් නොගොස් ආණ්ඩුපක්ෂයේ රැඩිගල් පාලනය නැතිකර විපක්ෂය ආණ්ඩු පක්ෂයක් බවට පරිවර්ථනය වන බව මෙම අරගලයන් මගින් අප පෙන්වා දෙන්නෙමු (නි)
සල්ලි වලට ගෙනාපු කට්ටියයි, හදවතින්ම ආපු කට්ටියගෙයි කොපමන ප්‍රමානයක වෙනසක්ද? (නදී)
එහෙනම් පොලිස් ලොක්කෝ දෙතුන් දෙනෙක් අද හෙට ගෙදර යාවි. (නි)
රනිල් මහත්තයට මතක් වෙලා තියෙනවා ගොඩක් කාලෙකට පස්සේ අහිංසක ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව පාරට බහින්න. මේ විපක්ෂයේ වගකීමකි.එය ඉටු කළාට අපගේ ප්‍රණාමය සහ සතුට .ජය වේවා! (නි)
ජය වේවා! එකතු වුණොත් ජය නියතයි! (නි)
මට හරිම ආඩම්බරයි. රනිල්,සජිත්,දයාසිරි,අජිත්,කරු ...මුලු රටටම කිරි ඉතිරේවා! (නි)
"නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියෝතින් යයි සුන් වී". (නි)
මෙය සාධාරන විරෝධයක්. දැන් ජනතාවට ජීවත් වීමට බැහැ. දුෂණයට විරුද්ධව මුළු රටම නැගී සිටින දවස පැමිණ ඇත. (නි)
දැන් විපක්ෂයේ හැමෝම තේරුම්ගන්න ඕනෑ "එකමුතු වීමේ" ප්‍රභල බව. (ස)
ගුටි කාලා නැහැ කියන රටේ වැඩි කරලා අඩු කළහම මොකද වෙන්නේ? (නි)
සිරිකොතේ තාප බලාගාරයෙන් අඩුවට විදුලිය දෙනවද? ධාන්‍ය ඇට, අඩුවට ආහාර දෙනවාද? (නදී)
එජාපෙ යි ජවිපෙ එකයි එකතු උනොත් සුමානෙන් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්? සරත් මාමා නං පැත්ත පළාතකට වත් ගන්න එපා. සුභ අනාගතයක්.(නදී)
ඔහොම ගියොත් ආණ්ඩුවටත් කරන්ට් වදීවි වගෙයි. සහේලි නගෝ, ගහන්නකෝ තව සිංදුවක් "අපිටත් විපක්ෂයක් පහළව ඇතේ" කියලා. (නි)
වන්දි බට්ටයෝ ටික හොරා කාපු පාඩුව අපෙන් අල්ලන්න වැඩි කරපු විදුලි බිලට අපෙන් විරෝධය කියලා කියන්න.(නදී)
විපක්ෂෙට ජය වේවා! ගොඩාක් වැඩි කරලා ටිකක් අඩු කළාට සන්තෝෂවෙන අය යන පෙළපාලිය නවතා දමන්න. (නි)
ඔබ තුමන්ලාට ජයම වේවා.(නදී)
විදුලි බිල එකතුරු පොඩ්ඩක් බලන් ඉන්නවා.(නදී)
වැඩිකරලා අඩු කරාට ප්‍රණාමය පුදකරනවද ? (ස)
ඉතින් පොලිසියට පුළුවන්නේ ආණ්ඩුවට පක්ෂව යන එක වෙන පැත්තකට හරවන්න. අනේමන්දා මෙහෙමත් පොලිසියක්? (නි)
මම මහින්ද මහත්තයට හදවතින්ම ඡන්දය දුන්න මිනිහෙක්.හැබැයි දැන්නම් මගේ හිත හොදටම රිදිලා තියෙන්නේ (නි)
ලංකාවෙත් විපක්ෂයක් ඉන්නවා වගේ.(නදී)
මොනවද ඉතින් ඊලඟ ප්‍රවෘත්තිය. විපක්ෂයේ පෙලපාලියට පොලීසිය කඳුලු ගෑස් ගසයි. කෝපවූ මහජනයා විපක්ෂයට පහර දෙයි. මම අහන්නේ කවුද ඉස්සරලා පෙලපාලිය සංව්ධානය කරලා පොලීසියට දැනුම් දුන්නේ. එයාලට නේද ප්‍රමුඛ තැන දෙන්න ඕනෑ.(නදී)
මේ දෙගොල්ලන්ගෙන්ම තැලෙන්නේ ජනතාව.(නදී)
සැලකියයුතු සෙනගක් ඉන්නවා. (නි)
ඇයි මේ ආණ්ඩුවට ජනතා දුක නොතේරෙන්නේ? (නි)
ඔහොමම ඉදිරියට යමු. මෙයයි විය යුත්තේ... (නි)
ඔට්ටුයි පෙලපාලි දෙකේ කට්ටියට ගහගන්න බෑරුවට නෑත්නම් දෙගොල්ලොම එකතුවෙලා පොලිසියට ගහන්න බෑරුවට.(නදී)
අර රතු පාට බෝඩරේ තියන කොළ පාට සාරිය ඇදගෙන ඉන්න අක්කා මදුරි ඩික්සිත් වගේ.(නදී)
හානේ මට එතනත් වැරදුනා නෙමෙයි මෙයාලා ඇන්දේ සුදුනේ. ඒකයි කොළ නැත්තේ. (නදී)
ආණ්ඩුවේ අයත් වැඩි කළ විදුලි බිලට විරුද්ධයි. ජනපති තීරණයක් ගනී කියලා අපිට තවමත් විශ්වාසයි. (නි)
කොළ පාට, රතු පාට, ගුරු පාට හරි ලස්සනයි ඔයාලා මෙයාලා.(නදී)
නියමයි ඔහොම යන්... (නි)
මගේ නංගි කොළඹ වැඩ කරන්නේ. එයාට බබාල දෙන්නෙක් ඉන්නවා. අනේ එයා අද වැඩ ඇරිලා ගෙදර යන්නේ කොහොමද. පාර බ්ලොක්? (නි)
රාජ්‍ය නොවන සංවිධාන මේවයේ පිටුපස ඉන්න පුළුවන් (නි)
නියමයි, නියමයි!(නදී)
මේ අවස්ථාව රටේ ජනතාව එකා මෙන් නැගී සිටීමට කාලයයි. ආණ්ඩුවේ හොද වර්ණනා කිරීම වගේම වැරදි තීරණ වලදී එරෙහි වීම ජනතා අයිතියයි.ඒකක 66/96/126 කරපුවා කෝ....මේවා සහගහන අපරාධ මහත්තයෝ (නි)
විපක්ෂයේ ඉන්නකන් ජනතාවට අදරෙයි. ආණ්ඩු බලය ගත්තම මොකුත් දන්නේ නෑ.(නදී)
මේක යන්නේ ආණ්ඩුව පෙරලන්න නොවෙයි, විදුලි බිල අඩූ කරන්න කියන්න (නි)
ඔන්න එහෙනම් අපි අඩු කළ විදුලි බිලට! (නි)
අද කොළඹ වැඩකරන ජනතාව ගැන කවුද වග කියන්නේ? එයාලා අද ගෙදර යන්නේ නැද්ද? අනේ මගේ රටට ගිය කලක්!!! (නි)
විදුලිය බිල වැඩි කළාට සහයෝගයට කට්ටිය ඉන්නවා. අපි ඒගොල්ලන්ට කියමු විරුද්ධ අයගේත් බිල ගෙවන්න කියලා (නි)
බලාගෙන නිල ඇදුම් ඇදගත් අය කෑවොත් මාර ප්‍රශ්ණේ තමයි. ඒ නිසා යන්ඩ ඉඩ දෙන්න ඇති.(නදී)
විදුලි බිලට පක්ෂ හා විපක්ෂ අය මුහුණට මුහුණ හමුවෙන ස්ථානයේ තාවකාලික විදුලි වැටක් සවිකර හෝ ගැටුම් වලකාලමු (නි)
ජාතික ප්‍රශ්නයක් නිසාම, සජිත් මහතා සම්බන්ධ වෙලා ඇත්තේ. නැත්නම් විපක්ෂය නටන තොවිල් වලට සජිත් මහතා ආවඩන්න කොහොමටත් එන එකක් නැහැ. (නි)