IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පොලිස් නිළ ඇඳුමත් කාලා

නොගැලපෙන පුද්ගලයන් ඇසුරු කිරීම ආදී චෝදනා කිහිපයක් එල්ල වී ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානාධිපතිවරයකු ගැන පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය එම පරීක්ෂණ පවත්වන බවත්, දිගින් දිගට පළ වූ මාධ්‍ය වාර්තා එම විමර්ශනයට හේතු වී ඇති බවත් සිරිවර්ධන මහතා පවසයි.

මේ පොලිස් ප්‍රධානියා සම්බන්ධයෙන් පළාතේ පොලිස් ප්‍රධානීන් විසින් පොලිස්පතිට ලිඛිතව දන්වා ඇතැයි ද කියයි.

නොගැලපෙන පුද්ගලයන් ඇසුරු කිරීම, අයහපත් පරිපාලනය, විවිද හේතු දක්වමින් කඩහිමියන්ගෙන් මුදල් එකතු කිරීම, පෞද්ගලික වැඩට පොලිස් සාමාජිකයන් යොමු කිරීම ආදී චෝදනා රැසක් ඔහු වෙත එල්ලවී තිබිණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ නොවන ඇමැතිවරයකු ඔහු ආරක්ෂා කරන බවට චෝදනා එල්ල වූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පැවසුවේ විමර්ශනයෙන් පසු වරදක් සිදුවී ඇතැයි ඔප්පු වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

තමාට එරෙහිව මඩ ප්‍රචාරයක් යන බව කියන් එම නිලධාරියා පසුගිය මාසයේ මාධ්‍ය ආයතනයකට හා දේශපාලනඥයන් හමුවීමට ගොස්  ඉහළ පොලිස් නිලධාරියකු පිළිබඳ දැඩි ලෙස විවේචනය කර ඇති බවටත්, එම පොලිස් ප්‍රධානියා ඔහුගේ අයථා ක්‍රියාවන්ට එරෙහිව නිසි පියවර ගැනීම ඊට හේතුව බවත් උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

මේ ස්ථානාධිපති  තමාගේ හිතවකුගේ පෞද්ගලික වැඩට පොලිස් රියදුරයකු යොදා ගත් බවට විමර්ශනයක් ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදී එම පෙලිස් රියදුරා වෙනත් ස්ථානයට ස්ථාන මාරු කළැයි ද, ඔහුගේ ක්‍රියාකලාපය ගැන බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ද  පොලිස්පතිවරයාට දන්වා ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (0)

පොලිස් නිළ ඇඳුමත් කාලා

සමන් Tuesday, 04 June 2013 12:49 PM

අයියෝ සල්ලි

:       0       0

චන්ද්‍රා Tuesday, 04 June 2013 02:48 AM

ඔය නිලධාරියා අඩු ගානේ ගෙයක් හදා ගන්නකල් වත් ඉන්නකෝ!! (ස)

:       0       0

දම් Tuesday, 04 June 2013 04:29 AM

පොලිස් ලොක්කන්ගේ දරුවෝ වැඩි දෙනෙක් එන්ගලන්තේ ඉගෙන ගන්නවා. මෙතන තියෙන්නේ ඉරිසියාව විය හැකියි. (නි)

:       0       0

වරුණ Tuesday, 04 June 2013 07:25 AM

ඉතින් සමහර පොලිස් ලොක්කන් වරෙන්තු පිට ඉන්න අයගේ කරට අත දාගෙන සමහර තැන්වල පෙනී ඉන්නේ. එතකොට නිල ඇදුම කනවා නෙමෙයිද? විශේෂයෙන් අර කෝට්ටේ පන්සලේ හාමුදුරුවෝ ඝාතන සිද්ධියේදී දැක්කනේ මාධ්‍ය වල පොටෝ එක්ක දාලා තිබ්බ පොලිස් ලොක්කන්ගේ වැඩ?වෙන රටක නම් මේවට එවලේම වැඩ තහනම් කරනවා (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 04 June 2013 07:34 AM

අර තරුණ ‍පොලිස් නිළධාරිනියන්ට බලපෑම් කරන අයවත් හොයන්නකෝ (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 03 June 2013 06:36 PM

අද පොලීසියේ කවුද ඉන්නේ හොඳ කට්ටිය ආශ්‍රය කරන? බහුතරයක් අද ආශ්‍රය කරන්නේ දේශපාලනඥයෝ. චණ්ඩියෝ. කුඩු මුදලාලිලා වගේ අය. නිල ඇඳුම ඇඳ ගත්තහම අහිංසකයෝ අල්ලාගෙන තඩි බානවා. මොනවාහරි වැඩකට පොලීසියට ගියහම පගාව ගන්නවා. නීතිය රකින්න හිටියට මුදලට සහ වෙනත් දීමනාවලට හැම දෙයක්ම වෙනස් කල හැකි දක්ෂ නිලධාරින් තමා ගොඩක් ඉන්නේ. අහිංසකයෙක් අල්ලලා කුඩු පැකට් එකක් සාක්කුවේ දාල හරි වැරදි කරුවෙක් කරලා කූඩුවට යවන්න මාන බලා ඉන්නේ. තමන් රජයෙන් පඩි ගන්න ජනතා සේවයට බැදී සිටින බව මතක තබා ගතයුතුයි. (ත)

:       0       0

ලලිත් Monday, 03 June 2013 07:16 PM

මට මතක නැහැ කියාවිද දන්නේ නැහැ. (ත)

:       0       0

චන්දන විරාජ් නානායක්කාර ගම්පහ Monday, 03 June 2013 01:56 PM

ගම්පහටම මෙහෙම වෙන්නේ මොකද? පුදුම මිනිස්සු තමා මගේ පළාතේ ඉන්නේ (ත)

:       0       0

පෙරේරා Tuesday, 04 June 2013 09:47 AM

නරක ඇසුර තමයි වරද (දී)

:       0       0

පද්මිනී Tuesday, 04 June 2013 10:03 AM

පොලිස් නිළදාරියෙක්ගේ කාර්යභාරය යනුවෙන් පොඩි එකා ලියන රචනාවට අවශ්‍ය කාරණා 5ක්ම මෙතන ලියවිලා තියෙනවා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 03 June 2013 02:07 PM

එක්කෙනා ගෑනද දෑනගෙන තියෙන්නෙ අපි නම් 100කට වඩා දන්නවනෙ (ත)

:       0       0

ඩී.උපුල් Tuesday, 04 June 2013 10:24 AM

ඇත්තටම ආයෙමත් කොට කලිසම දෙන්න ඕනේ. ඒකෙ කකුල් ලොකු හින්ද ඇතුලට හොඳට හුලං වදිනවා.(නදී)

:       0       0

චන්ද්‍රසේකර Monday, 03 June 2013 02:22 PM

පොලිස් කොමිසම තියෙන නිසා කියල දඩුවම් කරානම් ඉවරයි (ත)

:       0       0

ගුණසේකර Monday, 03 June 2013 02:30 PM

මීට සර කීපයකට පෙර ඔය පැත්තෙම තවත් පොලිස් ස්ථානයට මේ වගේම එක්කෙනෙක්. දැන් එයා නෑ. අඹු සැමි ප්‍රශ්නයක් ආවොත් පිරිමියාව කූඩුවට දානවා. (ත)

:       0       0

සුමේධ Tuesday, 04 June 2013 04:37 PM

ගම්පහ හොද පළාතක්.නමුත් පොලිසියෙ සමහරු පළාතම ගද ගස්සලා තියෙන්නේ. (නි)

:       0       0

රංජනී Monday, 03 June 2013 10:32 PM

පොලිස් නිළ ඇදුම කොච්චර ලස්සනද? තිබුන කොට කලිසම දෙන්න ඕනෑ ආපහු, හොරා පොලිස් කාරයන්ට. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 04 June 2013 05:37 PM

මේ විදියට පරීක්ෂණ පවත්වන්න ගියොත් පොලිසේ ස්ථානාධිපතිලා 95% විතර විරුධව පරීක්ෂණ කරන්න වේවි , එතකොට පොලිසි රාජකාරි කරන්නේ කොහොමද ? (නදී)

:       0       0

Neil Rana Monday, 03 June 2013 04:09 PM

දියුණු ලෝකයට හා විසි එක්වන සියවසට ගැලපෙන අචාර ධර්ම පද්ධතියට අනුව ක්‍රියාත්මකවන පොලිස් දෙපාර්තමේන්තුවක් නැතිව ලංකාවට ඉදිරි ගමනක් නැහැ. (ත)

:       0       0

උපාලි Tuesday, 04 June 2013 01:15 AM

වෙන කවුරුහරි නම් චෝදනාවක් එල්ල වෙනකොටම ගිහින් අල්ලන් එනවා. හිතුනොත් දෙකක් අනිනවා. කුඩුවට දානවා. රිමාන්ඩ් කරනවා. ඒ ඉතින් වෙන අයනේ. (නි)

:       0       0

සාදි Monday, 03 June 2013 04:11 PM

අපොයි..මේවගේ නිලදාරීන් රත්නපුරේ පැත්තෙත් ඉන්නවා. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 80 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 111 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 303 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 60 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 398 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1239 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site