‘ස්ටාෆ් ස්ර්විස්‘ යනුවෙන් පුවරුවක් සවිකරගෙන පානදුරේ සිට රත්නපුරය දක්වා ධාවනය වූ බසයකට අතරමගදී බස් මගීන් සේ ගොඩ නැගුණු පොලිස් උපාය දූතයන් ඇතුළු පිරිසකට ටිකට් නිකුත් කර මුදල් අය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බසයේ හිමිකරු වන බස් රියදුරා හොරණ පොලීසියේ ද සහායෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව ජාතික ගමනාගමන කොමිසම කියයි.
‘ස්ටාෆ් ස්ර්විස්‘ යන පුවරුව ප්‍රදර්ශනය කරමින් ආයතනයක සේවකයන් ප්‍රවාහනය කිරීම සදහා මාර්ග බලපත්‍රයක් ගැනීම අවශ්‍ය නොවන බවත්, එවැනි බලපත්‍රයක් සදහා වසරකට රුපියල් ලක්ෂ 15ක් පමණ කොමිසමට ගෙවිය යුතු බවත් කියති.
මාර්ග බලපත්‍රය නොගෙන සිටීමේ උපක්‍රමයක් වශයෙන් ‘ස්ටාෆ් සර්විස්‘ පුවරු ගසාගෙන මිනිසුන් ගෙනයන බස් වටලන බව ද කොමිසම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද අපේ පොලීසියේ වැඩ (ස)
අයියෝ සල්ලි (දී)
නූල් බෝලෙම ගිලලද ? (ස)
ඔහොම කරන අය කොච්චර ඇත්ද මේ විදියට බලනකොට (ස)
නියමයි පොලිස් (නි)
මෙහෙම මිනිස්සු හත්මුතු පරම්පරාවටම කැලලක් (ස)
එතකොට මේ පොලිස් නිලධාරින් හිටියෙ සිවිල්ව ද නිලඇඳුම් ඇඳල ද?. (ස)
මේක නම් හොද ක්‍රමයක් නොවෙයි. (නි)
මෙහෙම බස් නම් ගොඩක් තියනවා 1. නුවර සිට පනාගොඩ යන බස් එකක් තියනවා උදේ පාන්දර 4.30 ට නුවරින්, හවස 4.40 වගේ පනාගොඩි න් 2. කුරුණෑගල සිට පනාගොඩ දක්වා , එකත් 5.00 වගේ පිටත් වෙනවා ඇති කලින් දාගන ගියේ " '' කියල , දැන් නම් යන්නේ වෙන මොකක් ද දාගන උදේ ට නම් එකෙන් හෝමාගම හරි කොට්ටාව හරි යන්න පුළුවන්. ඕනෑම නම් හොයල බලන්න.(නදී)
බුදු අම්මෝ! ප්‍රයිවෙට් බස් එකකින් අවුරුද්දකට ලක්ෂ 15 ක් අයකරගෙනද මේ පාඩුයි පාඩුයි කියන්නේ ? ඒ ගැන අපි දන්නේ දැන් නේ. (නි)
නියමයි උපුල්. හොද වැඩක්. (නි)