වෙන්නප්පුව • බෝලවත්ත බොරලැස්ස දුම්රිය ස්ථානය අසලදී දුම්රියේ ගැටිමෙන් කාන්තාවක මියගියාය. සියඹලාණ්ඩුව • මහකළුගොල්ල, හුලන්නුගේ පුරාණ රජමහා විහාරයේ නටඹුන්ව පැවැති දාගැබක් හාරමින් සිටි සැකකරුවෝ දෙදෙනෙක් ද හා ඒ සඳහා ගෙන ආ බැකෝ යන්ත්‍රයක් ද ලොරියක් ද අත්අඩංගුවට ගනු ලැබූහ. හංවැල්ල • ඉලුක්ඕවිට ප්‍රදේශයේදී කසිප්පු ලීටර 33 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය. මිරිහාන හා අකුරැස්ස • අනවසර තුවක්කු දෙකක් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අකුරැස්ස කියාඩුවේදීත් තුවක්කුවක් ලඟ තබාගෙන සිටි සැකකරුවකු මිරිහානේදීත් අත්අඩංගුවට ගනු ලැබූහ වැලිගම • වැලිගම කොහොනුගමුව පිහිටි නිවසක් ගිනිගෙන විනාශ වී ඇත. ජීවිත හානි කිසිවක් නැත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අකුරැස්සේ තුවක්කුකරු අකුරැස්සේ බෝම්බෙටත් හුවුල්ද කියලා පොඩ්ඩක් සොයාබලන්න. (නි)
උසාවි දාලා, දඩ ගහල, හිරේ යවනවට වැඩිය හොදයි, බැකෝ යන්ත්‍රය හා ලොරිය රාජසන්තක කළා නම්. සොහොන් වලවල් හාරනකොට දාගැබ් නොහාරා ඉදීද? (නි)