එංගලන්ත ජාතික මැතිව් ග්‍රීන්ට ඉතා ඉක්මණින් හදවත් සැත්කමක් සිදු කළ යුතුව තිබිණි. ජිවිතය අවදානම් තත්ත්වයක සිටි ග්‍රීන්ගේ හදවත් සැත්කම කේම්බ්‍රිජ් පැප්වර්ත් මහා රෝහලේ දී පසුගිය දා සිදුවිය. විශේෂඥ වෛද්‍ය ස්ටීවන් ට්ස්නි ඔහුට ප්ලාස්ටික් හදවතක් බද්ධ කෙළේය. මේ වන විට ලෝකය පුරා මෙවැනි ප්ලාටික් හදවත් සැත්කම් 900 සාර්ථකව කර ඇතත් එංගලන්තයේ මෙවැනි සැත්කම් සිදු වුයේ පළමු වතාවටය. සැත්කමට පෙර තමාට මීටර් පනහක් එක දිගට ඇවිදීමට පවා නොහැකි වුවත් දැන් සාමාන්‍ය ආකාරයට වැඩ පළ කළ හැකි යැයි මැතිව් ග්‍රින් පවසයි. ඒත් ඔහු යන ඕනෑම තැන කිලෝ ග්‍රෑම් හයක් බර බෑගයක් රැගෙන යා යුතුය. ඔහුගේ ප්ලාස්ටික් හදවතේ ක්‍රියාකාරීත්වය රඳවන බැටරිය හා තවත් දේ එහි ඇත. මැතිව් ස්ථිර හදවත් සැත්කමක් කරන තෙක් කිසිදු අවදානමකින් තොරව ජිවත් විය හැයි යැයි වෛද්‍ය ට්ස්නි පවසයි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බළල මිටි උනත් මොකද මල්ලියෝ අල්ලනවනම් ...
සතුටුයි , දීර්ඝායුෂ වේවා !!
ඇයි උපතින්ම කෘතිම හදවත් තියෙන අය ඉන්නේ ඕනි තරම්
මහ මොල කරුවෝ කියන්න ඕන මෙන්න මේ වගේ දොස්තරවරුන්ට මිසක් හොරෙන් රට යවන අයට නෙමෙයි...
මෙවා සම්බන්ධව අහනකොට අපට දෙවියන් ප්‍රධානය කර තිබෙන නොමිනිය හැකි නිරෝගී ශරීරය ගැන ඇත්තෙන්ම දෙවියාට තුති පිදිය යුතුයි. නමුත් ඒ ගැනපවා තැකීමක් නොකරන මිනිසුන් තවත් මිනිසුන්ගේ අවයවයන් හපා කමින් ජීවිතය සෙල්ලමක් ලෙස සිතමින් කටයුතු කරන ආකාරය ඉතාම කණගාටුවට කරුනකි.
වැඩේනම් හොඳයි , ඒත්...ගාණ කීයක්විතර වුණාද දන්නෑ, ලංකාවේ අපිටත් දරන්න පුඵවන් ගාණක්ද? අනේ දන්න කෙනෙක් කියන්නකෝ.
ප්ලාස්ටික් හදවතක් ඇති මොහු සිය දරු පවුලට දක්වන ආදරය ආහ්චර්යයජනක නොවේද?
ඔබට ඉක්මන් සුව ප්රායර්ථනා කරමු!
2011දිත් මේක වුණා
ඉස්සර හිටියේ බැට්ට්‍රි වලින් දුවන බෝනික්කෝ...දැන් ඉන්නේ බැට්ට්‍රි වලින් දුවන මිනිස්සු .....
මිනිස් බුද්ධියේ ප්‍රතිඵල තමයි මේ."තමාට තමා හැර අන් සරණක් නැත".මේ දින දින සනාථ වන බුදු වදනයි. කිසිදා කිසිවිකු කොතැනකවත් නොදුටු මේ දෙවිවරු නිසා මුලාවූ පිස්සන් තමයි මේ ලෝකය වනසන්නේ.
සමන්.,ඔබේ අදහස් ඉතා අගය කොට සලකමි.
අපේ රටේ නම් ඉන්න තරමක් ඉන්නේ ප්ලාස්ටික් හදවත් දාපු කට්ටිය වගේ අයම තමයි.. ඒකනේ කිසිම හිතක් පපුවක් නැති දේවල්ම කරන්නේ
හරියට හරි සමන්