IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පොලිස්පති උසාවියේදී රාළහාමිගෙන් සමාව අයදී

(උපාලි ආනන්ද)

කංසා ළඟ තබාගත් බවට පොලිස් කොස්තාපල්වරයකුට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය බොරු චෝදනා යටතේ නඩු පැවරීමෙන් තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයාට සිදුවු අසාධාරණය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. එස්. වික්‍රමසිංහ මහතා මැදව්චචිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා හමුවේ විවෘත අධිකරණයේදී අදාළ පොලිස් කොස්තාපල්වරයාගෙන් සමාව ඇයදුවේය.

තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ එම පොලිස් කොස්තාපල්වරයාගෙන් පළිගැනීම සඳහා සැලසුම් සහගතව ගංජා මිළි ග්‍රෑම් 85010 ක් සන්තකයේ තබා ගැනීම ජවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පතිවරයාගේ නියෝග මත විශේෂ විමර්ශන කාර්යංශය සිදු කළ විශේෂ විමර්ශනයකදී අනාවරණ වූ බව දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පළි ගැනීමේ චේතනාවෙන් පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව නඩු පැවරූ අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනාගේ වැඩ තහනම් කොට ඔවුන්ට එරෙහිව ද්වේශ  සහගතව නඩු පැවරීමේ චෝදනා යටතේ මෙම අධිකරණයේම නඩු පවරන බවට ද සහතික විය.

තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කල මැදවච්චිය ඇටවීරගොල්ලෑව පදිංචි පොලිස් කොස්තාපල් (83840) ජේ.ඩී. සදුන් මහතාට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් පවරා තිබු නඩුව ඉල්ලා අස්කරගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ වනන විට වැඩ තහනම් කොට සිටින ජේ.ඩී. සදුන් මහතා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කරන බව ද අධිකරණයට සහතික විය.

පොලිස්පතිවරයාගේ නියමයෙන් කළ විමර්ශනයේදී තම සේවාදායකයාගේ නිර්දෝෂිභාවය හෙළි කර ගනිමින් ඔහුට එරෙහි නඩුව ඉල්ලා අස් කර ගැනීමටට මෙන්ම තම සේවාදායකයාට එරෙහිව නීතීය අවභාවිතා කළ නිලධාරීන් හඳුනා ගැනීමට මෙන්ම ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට පොරොන්දුවීම පිළිබදව විත්තියේ නීතිඥයා පොලිස්පතිවරයාට සහ දෙපාර්තමේන්තුවට කෘතඥතාවය පළ කළේය.

පැමිණීල්ල වෙනුවෙන් මැදවච්චිය පොලිසියේ නිලධාරීන් සමඟ පොලිස් විශේෂ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී එස් වික්‍රමසිංහ මහතා පෙනී සිටියේය” සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් නීතිඥ නලීන් දිමුතු බංඩාර මහතා පෙනී සිටියේය.

 



අදහස් (21)

පොලිස්පති උසාවියේදී රාළහාමිගෙන් සමාව අයදී

sam Tuesday, 25 July 2023 12:39 AM

පේනව නේද සමහරක් දූශිත අපතයො පොලිසියට වෙලා කරන නීති විරෝධී වැඩ. මේ බොරැ පැමිණිලි කල අවජාතකයො රැලටම දැඩි දඩුවම් දිය යුතුයි. කාලකණ්නි බල්ලො.

:       0       0

Demuni de Silva Tuesday, 25 July 2023 03:34 AM

මෙම නඩුව බොහෝ මුරණ්ඩු, අසත්‍ය චෝදනා ගොතන ලද බවට පොළඹවයි!

:       0       0

චමින්ද Tuesday, 25 July 2023 06:09 AM

හරිම සතුටුදායක ආරංචියක් කියලා කියන්න පුළුවන් මේ සමග කියන්න ඕන සමහර හොරු අසල්වැසි නිවාස වල තියෙන දේවල් හා වතුපිටිවල තිබෙන දේවල් හොරකම් කලාම පොලිසිය කසිප්පු හෝ මත්කුඩු තිබුනා කියලා නඩුදානවා ඇත්තටම මත්කුඩු කියන්නෙ මොනවාද කියලා නොදන්නා මිනිහා වෙනුවෙන් සිටින කලු මහත්වරු මූ අහිංසකයි කියනවා ඉතින් නිදොස් කොට නිදහස් .වසරකට වාර හත අටක් මෙහෙම වුනත් පොලිසිය දේශපාලන හේතුවක් නිසා හෝ වරින්වර ආවත් ඒගැන අධිකරණයට කියන්නෙ නැහැ ඉතින් හැමදාම ඒවගේ මිනිස්සු බේරෙනවා අහල පහල ජනතාව පීඩාවට පත්වෙනවා පොලිසිය ඒවාටත් මෙහෙම කටයුතු කරනවානම් කොපමණ හොදයිද

:       0       0

ලලිත් Tuesday, 25 July 2023 06:16 AM

යකඩ මල්ලටත් ගුල්ලෝ ගහපු කොට අනිත්වා ගැන කවර කතාද. ලංකාවේ පොලීසිය රටේ සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය හිතාගන්න පුලුවන් නේ මේකෙන්ම.

:       0       0

Perera Tuesday, 25 July 2023 06:52 AM

රාලහාමිව පොලිස්පති කරලා පොලිස්පතිව රාලහාමි කරන්න ඕන වැඩක් නේ

:       0       0

රාළහාමි Tuesday, 25 July 2023 07:35 AM

ඔන්න පොලිසියේ වැඩ. පොලිසියේ අයගෙන් ඔහොම පලිගන්නවා නම් සාමාන්‍ය මිනිස්සුන්ට මොනවා, කොහොම අසාධාරණ දේවල් කරනවා ඇද්ද? කොච්චර මිනිස්සු අපරාදේ හිර දඬුවම් විඳිනවා ඇද්ද? මේ වගේ දේවල් මින් මතු නොවෙන්න, අමතක නොවෙන දඬුවම් දෙන්න ඕනේ...!

:       0       0

Kosala Tuesday, 25 July 2023 07:51 AM

මේ එකක්.. පොලිසිය කොච්චර නම් බොරු නඩු පවරනවාද?. අහිංසක, දුප්පත් මිනිහෙක්ට මේ වගේ දෙයක් වුණා නම්. ඒක කාට කියන්නද?.. මෙහෙම කී දෙනෙක් හිර ගෙවල්වල ඉන්නවාද?.. 80%ක්ම පොලීසියේ අය ඒ ප්‍රදේශයේ සල්ලි කාරයින් පස්සේ යන්නේ.. ඔවුන්ගෙන් කාලා බීලා, ඔවුන්ට වාසි වෙන්න හැමදේම කරනවා. ලංකාවේ පොලිසිය පක්ෂග්‍රාහියි.. මේවා වෙනස් කරන්න ඕනෑ.

:       0       0

C.K.Lankaputhra Tuesday, 25 July 2023 08:15 AM

හරි පුතේ, අද මම ඔබෙන් සමාව ගත්තා. මම අද ඔබට දුන් සමාවේ තරම වැඩිකල් යන්න ඉස්සර මේ අයගේ තරම ඔබට බලාගන්න හැකි වේවි. ඒ හින්දා පුතේ! පරෙස්සම් වෙයන්...

:       0       0

Senarath Tuesday, 25 July 2023 08:52 AM

පොලිසියේ මෙවන් අසාධාරණ වැඩ සිදුවෙනවා. ලොක්කෝ කියන අනීතික වැඩ නොකරම... මේ නඩුව පවරපු උදවිය උසාවියට ගෙනැල්ලා සමාව ගන්නයි තිබුණේ...!

:       0       0

nihal Tuesday, 25 July 2023 09:08 AM

තමුසෙ මොන අදිකාරි වර්යෙක්ද ඕයි......උන අපහාසයට වන්දි ගෙවපන් .....ගස් ගෝ.

:       1       45

Bunny Preena Tuesday, 25 July 2023 09:31 AM

අසාදාරන ලෙස චොදනාකොට පලිගැනීම්වලට ලක්ව රැකියාවන් අහිමිව දුක් විදින පොලිස්, යුද හමුදා, නාවික සහ ගුවන් හමුදා නිලදාරින් බොහෝ පිරිසක් බස් රථවලට ගොඩ වෙල ඔවුන්ගෙ දුක කියලා හින්ගමන් යඩිනව. මිනිස්සු බොහොම කැමැත්තෙන් ඔවුනට මුදල් දෙනව බොහොම සානුකම්පිත හිතකින්. ඊයෙත් (24) නාවික හමුදාවෙ සෙබලෙක් බසයට නැගල ඔහුගෙ දුක කිවුව. ඔහුට රැකියාව අහිමි උනෙ යම් කිසි අසාදාරන කරුනක් සම්බන්දව තර්ක කල නිසා. නිල බලයෙන් හිස උදුම්මාගෙන අසාදාරන විදියට එහෙම රැකියාවල් අහිමි කරන එක සහ ගහන අපරාදයක්. ‌මෙහෙම කරන ඉහල නිලදාරින් එකක් මතක තියාගත්තොත් හොදයි.

:       0       47

අසාධාරණ Tuesday, 25 July 2023 11:08 AM

පොලිසියේ පමණක් නොවෙයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ තියෙන දෙපාර්තමේන්තුවක් ඉතාමත් නින්දිතම ක්‍රියාවන් කරනවා.. ඔවුන්ට අසාධාරණයක් ගැන පැමිණිල්ලක් කළාම පැමිණිලිකරු පාවාදීලා තමන්ගේ වරද වහගෙන පැමිණිලිකරුගෙන් පළිගන්නවා... ඒ ගැන හිටපු දිසාපති (දිස්ත්‍රික් ලේකම්) කන්නන්ගර මැතිතුමා හොඳ ලිපියක් ලියලා තිබුණා... ඒ ලිපියෙන් ඉතාමත් සත්‍ය සිදුවීම් රාශියක් පෙන්වා තිබුණා... බලධාරීන්ගේ අවධානයට යොමුවෙනවා නම් හොඳයි...

:       0       0

නිමල් Tuesday, 25 July 2023 09:47 AM

ඉතින් සාමාන්‍ය ජනතාවට පොලීසියෙන් වෙන අකටයුතුකම් ගැන කවර කතාද..? අවස්ථාවේ හැටියට ගොරකා දඩමස් කරා නැත්නම්, දඩමස් ගොරකා කරා...

:       0       0

කුමාර Tuesday, 25 July 2023 10:40 AM

තමන් එක්ක, එකට, තමන් ලඟ වැඩ කරන මිනිහට ඔහොම කළානම්, සාමාන්‍ය මිනිස්සුන්ට මුන් මොනවගේ අංචි අදිනව ඇතිද.. කාලකණ්නි.. මේ ගොබ්බ විගඩම නිසා අපතේ ගිය කාලද ගණනය කළ යුතුයි. වෙනත් වැදගත් සැබෑ නඩුවක් විභාගයට තිබූ අධිකරණයේ කාලය, වින්දිතයා ඇතුලු සියල්ලන්ගේ කාලය ගණනය කළ යුතුයි. හරිනම් වැරැද්ද කරපු උන්ගෙ ඇඳන් ඉන්න රෙදිත් එක්ක ගලවලා අරන් වන්දි ගෙවන්න ඕනෙ.

:       0       37

Bamunuarachchi Tuesday, 25 July 2023 11:08 AM

දණගහලා වැඳලා සමාව ගන්න කියන්න. ඒකයි සාම්ප්‍රදායික බෞද්ධ සංස්කෘතියේ ක්‍රමය...

:       0       0

Dharmatileke Tuesday, 25 July 2023 11:59 AM

ඉදිරියට මේ වගේ අවස්ථා බොහොමයක් එනව.

:       1       15

Sagara Kalahe Tuesday, 25 July 2023 12:39 PM

පොලිස්පති ??? හහ් හහ් හාාාාාා.......නියම හෙඩ්ලයින් එකක්.

:       0       13

Samita Senaka Aluthgamage.Tuesday, 25 July 2023 02:40 PM

මෙහිදී ප්‍රධාන වගකිවයුත්තා වන පොලිස්පති වරයා තමයි උසාවියේදී සමාව ගතයුතු වන්නේ.ඔහු වෙනුවෙන් තමයි වෙනත් උසස් පොලිස් නිලධාරියෙකු ඒ වෙනුවෙන් සහභාගී වී සමාව ගන්නේ.ඒ නිසා පොලිස්පති වරයා වෙනුවෙන් සමාව ගන්නා නිසා මේ ලෙස ශීර්ෂ පාඨය මෙලෙස යොදා ඇත.

:       0       14

නිහාල් Tuesday, 25 July 2023 02:16 PM

එතකොට සාමාන්‍ය මිනිස්සු කීයක් නම් මෙහෙම බොරු චෝදනා දාලා හිරේ යවලා ඇති ද?.

:       0       14

visnu Tuesday, 25 July 2023 03:38 PM

ජ්‍යෙෂ්ඨ අධීක්ෂණ නිලධාරියාටත් දඬුවම්. මේ වගේ පොලිස් බල්ලන්ට ඉඩ තියන්න එපා.

:       0       0

ගමේ එකාලා Tuesday, 25 July 2023 07:42 PM

බොරු චෝදනා අකටයුතුකම් ඕනතරම් සිද්ද වෙනවා. කලුගල්වල ඔලුව ගහගන්ඩ බැරිකමට ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 106 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 80 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාව අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 28 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2223 4

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 574 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 946 2

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 570 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site