IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පොලිස්පතිගේ ඇමැතුම ගැන ජනපතිගෙන් පරීක්ෂණයක්

රත්නපුරයේ දී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලැබුණු දුරකථන ඇමතුමත් ඊට ඔහු දැක්වූ ප්‍රතිචාරයත් මාධ්‍ය මගින් දුටු බවත් ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී දිගාමඩුල්ල මන්ත්‍රී විමලවීර දිසානායක මහතා විමසීමක් කළේය.

‘කවුද මේ නිලමේ ? දෙවිනුවර දේවාලයට සම්බන්ධවූ ගුණසේකර ගැනද? මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය කුමක්ද ? පොලිස්පතිතුමා කනේ වැලි ගෑවෙන්න නීතිය නමනවා.

ඊට පිළිතුරු දෙමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ ‘මන්ත්‍රීතුමාගේ කථාව මමත් අහගෙන හිටියා. පොලිස්පතිගේ ක්‍රියාව වැරදියි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරනවා‘ යනුවෙනි.

ඇමැති දයාසිරි ජයසේකර - ඔය නිලමේ අත්අඩංගුවට ගැනීම වළක්වන්නේ කවුද ? බලපෑම් කරන්නේ කවුදැයි අපි දන්නවා. නිලමේ උදව් කරන්නේ කාටද කියලා අපි දැනගන්න කැමතියි.



අදහස් (0)

පොලිස්පතිගේ ඇමැතුම ගැන ජනපතිගෙන් පරීක්ෂණයක්

නන්ද Thursday, 01 December 2016 07:10 PM

බලමුකෝ ඔය පරීක්ෂණයේ ප්‍රතිඵලය මොන වගේ එකක් වෙයිද කියලා. (නි)

:       0       0

පද්මිණි Thursday, 01 December 2016 07:22 PM

පරීක්ෂණ මොකටද. ජනපතිට පුලුවනිනේ පොලිස්පතිව ගෙන්නලා සැණින් කාරනය දැනගන්න. පොලිස්පති කළේ හීන් නූලෙන් රටට මේ වෙන දේවල් හෙළිකිරීමක් නොවේද (නි)

:       0       0

සුසන්ත Thursday, 01 December 2016 07:48 PM

අපක්ෂපාතිබව පෙන්නුම් කිරීමට ඉතා හොද අවස්තාවක්! (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 01 December 2016 08:38 PM

ජනපතිතුමනි, මේ දක්වා කරපු පරීක්ෂණත්, ඒවායේ ප්‍රතිඵල ගැනත් ටිකක් විමසිලිමත් වුණොත් හොඳ නැද්ද? (නි)

:       0       0

අබය Thursday, 01 December 2016 08:44 PM

පොලිස්පතිතුමා කළේ දේශපාලකයන්ගෙන් නිලධාරීන් හට ඇති අනිසි බලපෑම මුළු රටටම ඇහෙන්නට කියූ එකයි. එතුමාට මගේ ප්‍රණාමය...! (නි)

:       0       0

සිරි Thursday, 01 December 2016 09:00 PM

නීතිය නමලානේ දෙන්නේ. කෝ අර දහම් සිරිසේනගේ සිද්ධියට මොකද වුණේ? ඉතිහාසයේම මෙහෙම විලිලැජ්ජා නැති පොලිස්පති කෙනෙක් හිටියාමයි. අනේ කාලේ වනේ වාසේ (නි)

:       0       0

සුනිල් Friday, 02 December 2016 01:57 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සනත් Thursday, 01 December 2016 09:14 PM

යහපාලනය ඔබට සාධාරණයක් කරයි (නි)

:       0       0

උදය Thursday, 01 December 2016 09:36 PM

පිටිගල මිලානෝ මහත්තයා, ඔයා කා ගැනද කියන්නේ? (නි)

:       0       0

නාමල් Thursday, 01 December 2016 09:51 PM

පරීක්ෂණ පැවැත්වීම සුදුසුයි. (ර)

:       0       0

ලංකා Thursday, 01 December 2016 10:49 PM

අනේ ඇත්තමයි, මේවා දකිනකොට පුදුම දුකක් සහ හිරිකිතයක් දැනෙනවා. (නි)

:       0       0

මොහොමඩ් Thursday, 01 December 2016 10:51 PM

මේ පිටිගල මිලානෝ, නිකන් මෝඩ කතා කියන්න එපා. ඉස්සර හොඳ වැඩ කරන්නයි දැන් නරකට වැඩ කරන්නයිද අපි මේ පොලිස්පතියෙක් පත්කරගත්තේ? (නි)

:       0       0

අතුල Friday, 02 December 2016 07:43 AM

ජේආර් විධායක ජනපතිකමයි සමානුපාතික ඡන්ද ක්‍රමයය් ඇති කළේ එයාගේ වාසියට. නමුත් දැන් ඔය ජනපතිකම නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න නඩයයි නිලධාරී පැලැන්තියයි පාලනය කරන්න බැරි තත්වයක් උදා වෙලා. (නි)

:       0       0

දනුෂ් Thursday, 01 December 2016 11:43 PM

රටේ දැවෙන ප්‍රශ්න මීට වඩා වැදගත් නොවේද (ර)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 02 December 2016 01:34 AM

ගරු ජනපතිතුමනි, මේ ගැන පරීක්ෂණයක් නොකෙරුනත් කමක් නැහැ. හැබැයි පොඩ්ඩක් හිතලා බලමු මේ විධායක ජනාධිපති ක්‍රමය නොතිබුනා නම් ඇතිවෙන්නේ මොන වගේ තත්වයක්ද කියලා. ඔය ව්‍යවස්ථා සංශෝධනයේදී මේ කාරණා ගැන හිතලා තීරණ ගන්න. (නි)

:       0       0

රොෂාන් Friday, 02 December 2016 02:33 AM

රටේ සිද්ධ වෙන දේවල් දැන් දැන් හිතාගන්නත් බෑ (ර)

:       0       0

දසුන් Friday, 02 December 2016 02:38 AM

පරීක්ෂණ පැවැත්වීම සුදුසුයි (ර)

:       0       0

දිලාන් Friday, 02 December 2016 02:52 AM

මාධ්‍ය ඉස්සරහා ඔහොම නම් මාධ්‍යයට හොරා මොනවා කරනවා ඇද්ද. (නි)

:       0       0

වසන්ජය Saturday, 03 December 2016 10:25 AM

මම හිතන්නේ පොලිස්පතිතුමා ගැන පරීක්සන කරනවට වඩා ටෙලිෆෝනයේ අනික් කෙළවරේ හිටිය කෙනා සොයා පොලිසියේ රාජකාරියට බලපෑම් කළ අයට පරීක්ෂණ නොතියා දඬුවම් ලබාදිය යුතු බවයි (නි)

:       0       0

පියල් Thursday, 01 December 2016 01:43 PM

හොඳයි පහුගිය කාලේ නොකෙරුණ වැඩක්. (ර)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 01 December 2016 01:51 PM

මෙයා ඉස්සර නම් දක්ෂ ලෙස වැඩ කළා (ර)

:       0       0

ජයන්ත Friday, 02 December 2016 04:02 AM

මේ රටේ ප්‍රශ්න නැත්නම් හොඳයි මේවා (ර)

:       0       0

රුවන් Thursday, 01 December 2016 02:04 PM

ජනපතිතුමනි, අප ඔබව පත් කරගත්තේ රට ඉදිරියට රැගෙන යන්නයි. (හේ)

:       0       0

සනත් Friday, 02 December 2016 04:14 AM

මේවා මෙහෙම වෙන්න හොඳද? (ර)

:       0       0

සමීර Friday, 02 December 2016 04:18 AM

මෙම පරීක්ෂණය පැවැත්විය යුතුමයි. (ර)

:       0       0

වසන්ත Friday, 02 December 2016 05:20 AM

සාධාරණ තීරණයක් ගනිවියි සිතනවා (ර)

:       0       0

වනිගරත්න Friday, 02 December 2016 05:28 AM

විධායක ජනාධිපති තනතුරේ නිර්මාතෘ දිවංගත ගරු ජේ .ආර්. ජයවර්දන මැතිතුමා උගත් බුද්ධිමතෙකි. එය ඇතිකළේ රටට ආදරය කරන නායකයෙකුට භේද වලින් තොරව රට පාලනය කිරීමට හැකිවීම පිණිසය. (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 01 December 2016 05:00 PM

මේකත් අර දහම් සිරිසේනගේ පරීක්ෂණය වගේ වේවිද? (නි)

:       0       0

සිල්වි Thursday, 01 December 2016 06:31 PM

අනේ පව් සමහරු තාමත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. පොඩි ළමයි වගේ (නි)

:       0       0

ජනහිත Thursday, 01 December 2016 06:53 PM

අනේ සර් සමාවෙන්න අත්වැරදීමක් වුණේ. මම ඉදිරියේදී මේ වගේ වැරදි කරන්නේ නැහැ, කියන අය විතරයි අත්අඩංගුවට ගන්නේ. (නි)

:       0       0

සුසිල් Friday, 02 December 2016 06:00 AM

සරත් පොන්සේකා පොලිසිය භාර ඇමති කරන්න . (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1178 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 734 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 261 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1956 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1785 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 555 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40038 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 239 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site