ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආරක්ෂක අංශයේ බව කියමින් මොහොමඞ් රිස්වි නම් පුද්ගලයකු මුදාහැරීමට රුපියල් කෝටියක් ඉල්ලා හැට ලක්ෂයක් ගත් බව කියන පොලිස්කාරයෝ තිදෙනෙක් ද බොරු පොලිස්කාරයෙක් ද කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 25 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. පොලිස් වංචා විමර්ශන අංශයේ උප පරීක්ෂක ජනක චමින්ද, සැරයන් චින්තක හේමචන්ද්‍ර කොස්තාපල් රංජිත් පියනන්ද හා පොලිස් සැරයන්වරයකු ලෙස බොරුවට පෙනී සිටි මොහොමඞ් සකීර් ද එසේ රිමාන්ඞ් කරනු ලැබූහ. මොහොමඞ් සකීර් වෙනුවෙන් ඔහුගේ සහෝදරයා රුපියල් හැට ලක්ෂයක් දී ඔහු මුදාහරින ලෙස ඉල්ලූ විට එවැනි අයකු තමන් ළඟ නැතැයි ඔවුන් කියා ඇත. ඔහු අනවසරයෙන් ඕස්ටේ‍්‍රලියාවට යන්නට ගොස් අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔවුන් කියා තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර පොලීසිය ගත්තේ පගාව දැන් කප්පම්.
මොහොමඩ් සකීර්, මොහොමඩ් රිස්වි අනේ පැටලෙනවනේ....
මමනම් නෙමෙයි.......
අනේ, පොඩ්ඩක් තේරෙන විදියට දාන්නකෝ මේක.
පිලිපීනෝ, ලංකාවේ කට්ටිය පාතාලේ පටන් අරන් දැන් කාලයක් වෙනවානේ.
පොලිස්කාරයෝ,නඩුකාරයෝ, ඡන්දකරයෝ, කඩකාරයෝ හැමෝම දැන් අපිව කනවා
මේ කප්පම් සෙල්ලම කවද නවතීද ?
වැරැද්ද ඔප්පු වෙනතුරු කිසිවෙක් වරදකරුවෙකු නොවේ
අහිංසක නිලධාරීන්ටත් මෙහෙම කරන රටක් .වැරැද්ද කගේ උනත් දඩුවම් ලැබෙන්නේ අහිංසක පොඩි නිලධාරීන්ටයි .
වංචා විමර්ශන අස්සේ ජරාව කලා !!! අනේ කලේ වනේ වසේ
කොහොමද ආසියාවේ ආශ්චර්යයත් සමගම පෙරට යන පොලිසියේ මාමලා ටික?
ඇයි ඔයාට ගොඩක් දුකද ???
මේ වගේ අය මුලු දෙපාර්තමේන්තුවටම නින්දාවක් කරන්නෙ.
හොරා පොලිස් සෙල්ලමක් කරලා .. දැං කවුද හොරා.. කවුද පොලිස් කියලා කියන්නකෝ...
සල්ලි දෙනකොට මිණිත් නැගිටිනවා කියලා අහල නැද්ද ???