කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේදී වැල්ලවත්තේ ව්‍යාපාරික කනපතිපිල්ලේ තේවනාදන්ගෙන් රුපියල් කෝටියක රට සල්ලි පැහැර ගත් අට දෙනා අතර සිටි පොලීසියේ තුන් දෙනා හා තවත් තිදෙනෙක් සාක්කිකරුවන් විසින් අද අඳුනා ගනු ලැබූහ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී පෙරට්ටුව පැවැත්විණි.
උප පොලිස් පරීක්ෂක මහේෂ් හේමන්ත, උප පොලිස් පරීක්ෂක බේනක සෙනවිරත්න, කොස්තාපල් රොෂාන්, ගයාන් අමිත්, දුලීප් අරවින්ද හා මදුරප්පෙරුමගේ චමින්ද එම හය දෙනායි.
කොල්ල කෑ මුදලින් රුපියල් තිස් පන් ලක්ෂයක් සොයා ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
සම්පත් බැංකුවෙන් මුදල් ගෙන තම වෑන් රිය නවම් මාවතට එද්දී රථ වාහන පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි අයකු වෑන් රිය නතර කළ බවත්, ඒ සමගම අසළ නතර කර තිබූ ඩිෆෙන්ඩර් රියකින් බැස තමාත් රියදුරාත් එම වාහනයට දමාගෙන ගොස් පිට කෝට්ටේ පාළු තැනකදී දමා ගිය බවත් කීවේය.
ඔවුන් අත අවි තුබූ බවත්, තමන්ට පහර දුන් බවත් ව්‍යාපාරිකයා කීවේය.
සැකකරුවන් අට දෙනා රිමාන්ඩ් කළ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විභාගය ලබන පස් වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක වෙන කවුරු හරි කළා නම් මෙලහකට බාගෙට මරලා. (නි)
මේගොල්ලෝ ආයේ නිල ඇඳුම් ඇඳගෙන රාජකාරියටත් එයිද? (නි)
බය වෙන්න එපා. තව ටික කලකින් නැවත රැකියාවට එයි (නි)
හත්වලාමේ වෙච්චි දේට මක්කරන්නද? (නි)
ලංකාවේ දූෂිතම ආයතනය බවට පොලිස් දෙපාර්තමේන්තුව පත්වෙන්නද දන්නෙ නැහැ හදන්නේ? (නි)
අයියෝ සල්ලි
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව...' (නි)
ලංකා පොලිසියේ අවංක අය ගෙන් තුන් දෙනෙක්.(නදී)
මේ අයට නැවත වතාවක් පොලිසියේ රාජකාරිය තහනම් කළ යුතුයි. තවද උපරිමයෙන් දියයුතු දඩුවම් දියයුතුයි (නි)
නැවත නිල ඇදුම නම් දෙන්න එපා එපා එපාමයි. මෙවැනි පොලිස් නිළදාරින් ලංකාවට අවශ්‍ය නොමැත. මෙවැනි පොලිස් හොරු ජාතියටම නින්දාවක් (නි)
ආශ්චර්යයට කෙටි මගක් හොයාගෙන වෙන්න ඇති (නි)
මේ ගොල්ල පොලිසිය වනසාගෙන යනවා. දේශපාලකයෝ හිතුන හිතුන වෙලාවට අපටයි පොලිසියටයි ගහනවා. පිහිටට යන්න තිබුන එකම තැන අධිකරණය. ඒකත් කෙලෙසීගෙන යනවා. අපි අසරණයි වගේ දැනෙනවා. (නි)