බම්බලපිටිය ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනකුගේ ප්‍රකාශයක් මත උප පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් රහස් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
බම්බලපිටිය ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනකුගේ ප්‍රකාශයක් මත උප පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් රහස් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය, දේශපාලකයෝ මිනිමරනවා. නඩුකාරයෝ අල්ලස් ගන්නවා අද නීතිය කෝ. තුප්පහි දේශපාලනය රට විනාශ කරලා ඉවරයි.(නදී)
මේවට ජනාධිපතිතුමාට බැනල වැඩක් නැහැ. එතුමා රටේ එක පැත්තක් හදනකොට අපේ කට්ටිය අනිත් පැත්ත කනවා. (නි)
ලංකාදීප ,ඔබ කකරන මෙහෙය අන් කවර මාධ්‍යයකටත් වැඩිය ඉහලින් තිබෙනවා. මේ සිද්ධියට සම්බන්ධ ඉහල පොලිස් නිලදාරීන් කවුදැයි අපිට හෙළි කරන්න. ජනතාවට ඇත්ත දේ ඒ අයුරින්ම කියන්න ඔබලා පෙරමුණ ගන්න. (නි)
නියමයි! නියමයි මුන්ට ඉතින් රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ.(නදී)
පුරා අවුරුදු හත අටක කාලයක් ඇසුරු කළ කිට්ටු හිත මිත්‍රයෙකුවන පාපතරයෙකු විසින් තවත් මිතුරෙකු තම ණය මුදල ගෙවීම වෙනුවට ඝාතනය කළා නම් මුදලට යටවූ සමහර නරුම පොලිස් නිලධාරීන් විසින් එම මිනිමැරුමට වහෙන් ඔරෝ උදව් කළා නම් මෙම නිලධාරීන් ආරක්ෂා කිරීමට ලොකු නිලධාරියෙකුද සිටිනවා නම් මේ රටේ නීතිය රජකරනවාද නැතිනම් කැලෑ නීතිය රජකරනවාදැයි කියන්නට අපට අටුවා ටීකා අවශ්‍ය නැත. (නදී)
කැසිනෝ වලට, මිනීමැරුම් වලට එරෙහිව ගිනිතියාගන්න කෙනෙක් නැද්ද ? (ස)
මෝරා නිදැල්ලේ. හාල් මැස්සෝ අල්ලාගෙන. රටේ නීතිය කාටත් එකසේ සාදාරන විය යුතුයි.(නදී)
ශ්‍රී ලංකා පොලිසියේ උපදේශ වාක්‍යයටත් කරන ලද නිගාවක් . (නි)
පහාත් තැනින් යයි ගලා ජලේ. මේක කරන්න අල්ලස් ගත්ත පොලිස් ලොක්කට මොනවා වෙයිද බලමු.(නදී)
අලි මදිවට කොටි කියන්නේ මේවට. (නි)
මිනි මරණ එක දැන් සෙල්ලමක් කරගෙන. දැක්කනේ මාවනැල්ල ප්‍රාදේශීය සභාපතිට වෙච්ච දේ. ලොක්කෝ ,බක්කෝ ,නිල ඇඳුම නිසා බේරුණ කාලේ ඉවරයි. අන්තිමේ නගින්න වෙන්නේ කොළ නැති ගහේ. නීතිය රකින නිලධාරීන් හැටියට මෙවැනි ජරා වැඩ අන්තිම කැතයි ප්‍රියේ.(නදී)
කොහොමද පොලිසිය යුනිෆෝම් එකට මුව වෙලා දෙන ගේම්. අර පිස්තොලේ ආසාවට ගත්තු පොඩි ළමයට ලොකු චෝදනා දාල නඩු දාල මේවට දෙන දඩුවම් මොනවද? ඔප්පු උනොත් ප්‍රසිද්දියේ එල්ලන්න ඕන අරාබියේ වාගේ අනෙක් පොලිස් කාරයන්ටත් පාඩමක් උගන්වන්නත් එක්ක.(නදී)
වැටත් නියරත් එකට ගොයම් කායි නම් කාට කියන් ඒ අමාරුව.(.(....
ලංකාවේ නීතිය පොලීසිවල නිලධාරීන්ට සහ මැති ඇමැතිවරුන්ට ඕනෑ විදියට මිසක් සාධාරණ නීතිය කොහිද? අනේ දෙවියනි, මගේ රටේ මිනිසාගේ බුද්ධිය කවදා පහල වෙයිද? (නි)
බලාගෙන යනකොට අපි රටේ නීතිය රකින්න බාරදීලා තියෙන්නේ කිකිළියන් රකින්න නරියට දුන්නු විදිහටනේ. (නි)
මේ වගේ වෙලාවට තමයි පතොරම් විස්සකුයි තුවක්කුවකුයි මතක් වෙන්නෙ. අනේ රටකට ගිය කලක් (නි)
මෙන්න මෙයාලට දෙන්න ඕනෑ රිදෙන්න අනිත් අයට හැදෙන්නත් එක්ක (නි)