යක්කල හංදියේ රථවාහන රාජකාරියේ යෙදෙමින් සිටියදී ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාගේ පහරකෑමට ලක්වීයැයි ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක පැමිණිලි කරුවන් දෙදෙනකු වන පොලිස් කොස්තාපල්වරයා සහ පොලිස් සැරයන් වරයා වහා ක්‍රියාත්මක වරන පරිදි පෑලියගොඩට පොලිස් ස්ථානයට මාරු කැර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග ගියයි.
බදාදා (24) සිට ක්‍රියාත්මක වන පරිදි මේ මාරු වීම් කැර ඇත.
මේ නඩුව නැවත මැයි හය වැනිතා විභාගයට ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වෙන බව හැමෝම කලින් කිවුවා. නීතියට උඩින් යනවා කියන්නේ නැවත පැරණි කැරලි, ත්‍රස්තවාදය වුණත් ඇතිවෙන්න පුලුවන් කියන එක. (නි)
අපි බලාගෙන හිටියේ නගරාධිපති මාරු කරයි කියලා. බැලින්නම් පොලිසියේ දෙන්නනේ මාරුකරලා තියෙන්නේ. නගරාධිපතිතුමා චිරාත් කාලයක් අපේම නගරාධිපති වේවා! (නි)
පොලිසියේ රාළහාමිලට ආරක්ෂාවට තර්ජන තියෙන්න ඇති. ඒ නිසා ඔවුන්ට ආරක්ෂාවට මාරුවීම් කරන්න ඇති.මම හරිද මන්දා. (නි)
ගින්දර අසළින් පිදුරු වෙන් කිරීමේ වරද කුමක්ද? (නි)
මාර නීතියක්නේ (නි)
ගම්පහ ඉන්න කට්ටිය දුන්න ඡන්දයෙන් ගිය කෙනෙක් මිස අපේ ඡන්දෙන් එයා ගියේ නැහැනේ. ජය වේවා! (නි)
ඔබ දෙදෙනොට කවදා හෝ ජය ලැබේවි. (නි)
මේ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු... (නි)
මම මේ ගැන වැඩිය මුකුත් කියන්නේ නැහැ .නිලන්ත කී දේ 100%ක් හරි. (නි)
වැරදි කලොත් තරාතිරම නොබලා දඬුවම් කරනවා කියලනේ සංවේදී අය කිවුවේ. ඉතින් මෙහෙම තමයි ඒවා ක්‍රියාවට නංවන්නේ. (නි)
ඔහොම තමයි නීතියට වැඩ කරන්න ගියාම. හැබැයි පොලිස් මල්ලිලාත් අහිංසක ජනතාවට හිරිහැර කරන්න නම් එපා (නි)
රාජිත, ඔබ ලිදේ ඉන්න ගෙම්බෙක්. ඔබ අපේ රටේ වටිනාකම දන්නේ නැහැ. අපේ රට දේශපාළුවන් කන බව ඇත්ත. නමුත් උතුම් රටට බනින්න එපා. ඔබට ඕනෙම නම් අපි ඔබට ඉතියෝපියාව සෝමාලියාව වගේ රටක උපදින්න ප්‍රාර්ථනා කරනවා. (නි)
බලපුළුවන්කාරකමක තරම? (නි)
රථ වාහන ලොක්කත් රිමන්ඩ් නේද? එයාගේ ගෝලයත් එයා වගේමද දන්නේ කවුද? (නි)
කාට හරි පුලුවන්ද ඔය නගරාධිපතිතුමාගේ අධ්‍යාපනය සුදුසුකම් මොනවද කියලා අපිට කියන්න? අපි මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේ රටේ ඉපදුන එක වාසනාවක්. ඒත් මේ වගේ මුග්ධ මිනිස්සු අතරේ උපදින්නේ වුණේ අවාසනාවකට. (නි)
ඒ පාර කන්න හදන්නේ කාගෙන්ද දන්නෙ නැහැ. (නි)
මේ පාර කන්න වෙන්නේ දුටුගැමුණුගෙන් වගේ.(නදී)
ලැජ්ජයි පොලිසිය ලැජ්ජයි. (නි)
ඔහොම තමා. දේශපාලකයෙක්ගෙන් ගුටි කෑවොත් එයා රජයේ සේවකයෙක් නම් ස්ථාන මාරු. නිකම් මිනිහෙක් නම් රිමාන්ඩ්. (නි)
සංහිදියාව සහ වගකීම... ස්තූතියි නිළධාරියනි! (නි)
තරාතිරම නොබලා වැරදිකරුවනිට නිසි දඩුවම් දෙනවා කිවුවා නේද? එසේ නම් මේ වෙන දේවල් මොනවද? මේකද අද අපේ රටේ තත්වය ....? (නි)
පඩිත් කපලද? (නදී)
අපි සීග්‍රයෙන් ආසියාවේ නෙවෙයි ලෝකෙම ආශ්චර්යමත් රට බවට පත්වෙමින් සිටිනවා. මොන මගුල උනත් කතිර යුද්දෙන් දිනුම්නෙ.(නදී)
නීතිය මෙහෙමනම් අපට කාගේ පිහිටද? (නදී)
ගම්පහ දිස්ත්‍රික්කයේ මහ ජනතාව එරංග සේනානායකව මාරු කරනවා එහෙම නෙවෙයි.(නදී)
මමත් ගමිපහ මුලස්ථානයෙ සෙවය කරපු සැරයන් වරයෙක්. ඒදා ගමිපහ නෙවෙයි අද? ගාමිණි සිල්වා වගෙ මහත්තුරු අද ගමිපහ නැහැ හිටියනමි නගරාධිපතිතුමාටත් මාරුවිමක් කරගන්ඩ තිබුනා. (44/90) පිංසිද්ද වෙන්ඩ අද තුන්වෙල කාල කියක්හරි ඉතුරු කරගෙන මෙහෙ ජිවත්වෙන ඒක ගැන මම සතුටුවෙනවා(නදී)
අනේ ධර්මද්විපයට ගිය කල! (නි)
නීතිය? සාමය? (නි)
ඕක ඔහොම වෙයි කියල අපි එදාම ප්‍රතිචාර වලට දැම්මා .නගරාධිපතිතුමා ඉක්මනින්ම මැති සබයට. ජයවේවා (අ)
මොකද නගරදිපති පෑලියගොඩට මාරු කොරන්න ද කියන්නේ? වැඩිය කතා කොලොත් දානවා වැලිකඩට (අ)
තමන්ටම ගහගහත්තම ඔහොම වෙනවා. (අ)
ලංකාවේ දේශපලක්නයෝ කියන්නේ ලෝකේ එන්න ලැජ්ජාවක් ගෑවිලාවත් නැති සත්ව කොට්ටාසයක්.ඒ රටේ මිනිස්සු කියන්නේ මොලේ කියල කළදක් වත් නැති මිනිස්සු කොට්ටාසයක්.අයේ මතු මතු අත්මෙකවත් ලංකාවේ නම් එපදෙන්න එපා. (අ)
අපි හිතුව දේ හරි. පව් අහිංසක පොලිස් නිලධාරීන් දෙන්නා. අපි වෙනුවෙන් සේවය කරන්න ගිහින් වුණ දෙයක්. ද (නි)
හේරත්, මෝඩ කතා කියන්න එපා. (නි)
අප යෙදි සිටින සටනෙහි බරපතල බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ ඉතින්. (නි)
රාජිතගෙ අදහසට මමත් 200% එකඟයි. ඒත් බුදුදහම? මම මතු ආත්මවලත් බෞද්ධයෙක් වෙන්න කැමතියි. (නි)
ලැජ්ලාවක් නැද්ද? රටේ නීතියක් නැහැ කියන එක ඔප්පු කරන්නද දගලන්නේ? (නි)
පෑලියගොඩට මාරු කළා නම් ඒක ටිකක් හොඳයි. අපි බලාපොරොත්තුවෙන් හිටියේ ඔවුන් දෙදෙනා දුෂ්කර පළාතකට මාරු කරයි කියලා. (නි)
අපේ රට හරියන්නේ නැහැ. පුළුවන් හැම කෙනාම රටින් යනවා.මගේ යාලුවෙක් මුළු පවුලම අරන් ලංකාවෙන් ගියා, බල්ලවත් අරන් ගියා. (නි)
කවදා පායන්ද අප දිනිසුරානෝ...? (නි)
මම ලංකාව වගේ උතුම් රටක ඉපදීම ගැන ආඩම්බර වෙනවා. ඒත් අවුරුදු 28ක් ලංකාවේ ජීවත් වෙන්න ලැබීම ගැන අද කණගාටු වෙනවා. අද ඉතාලියේ බොහොම සතුටින් ජීවත් වෙනවා. ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු! (නි)
හා, හා, අපි මේක කලින්ම බලාපොරොත්තු වුණා..අපි හිතුවේ නගරාදීපතිව මාරු කරයි කියලා.ඔන්න පේනවා නේද ලෝකේ උතූම්ම රටේ හැටි . (අ)
ඔන්න ඕකයි ලංකාවේ තත්වය , තවත් මොනවා කියන්නද ? (නි)
මේකට තමයි කියන්නේ ආසියාවේ ආශ්චර්ය කියලා. ගම්පහ නගරාධිපති නිල ඇදුමෙන්ලු නේද හිටියේ? අනේ අපේ රටේ නීතිය රකින්න ඉන්න අයට මෙහෙම නම් සාමාන්‍ය ජනතාවට කාගේ පිහිටක්ද? (නි)
පොලිසියේ දෙන්නට මාරුවක්??? (ගුටි කාල මදිවට). නගරාධිපතිට එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැනේ? (නි)
මේ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු ........... (නි)
අන්න ඕකයි සංවර්ධනයේ ලක්ෂණ. මේක අපේ අයට තේරෙන්නෙ නැහැනේ. (නි)
පොලිසියේ දෙන්නා නඩුවේදී කියයිද දන්නෙ නැහැ, තමුන් දෙන්නා ගහ ගන්නකොට නගරාධිපති ඇවිල්ලා තමයි බේරුවේ කියලා. රටකට ගිය කලක්! (නි)
ඇත්තටම ඒ පොලිසියේ මහත්තුරු දෙන්නට හොඳයි. ගම්පහම හිටියා නම් තමයි එයාලට නගරාධිපතිගෙන් තවත් කරදර වෙන්නේ. (නි)
මෙහෙමත් ලැජ්ජාවක් නැති පොලිසියක් මේ තුන් ලෝකෙම නැහැ. ඇත්තටම පොලිසියේ උසස් නිළධාරීන්ට කොන්දක් නැද්ද? (නි)
ඔහොම යන්! ඉදිරියේදී වියයුත්ත සුදුසු ආකාරයකට සිදු වේවි. (නි)
මේකට තමයි නිලතල තත්ත්වය නොබලා දඬුවම් දීම කියන්නේ. (නි)
මේක තමයි විකසිත අනාගතයට යන විදිය. මතක නැද්ද කට්ටියක් බුද්ධ රාජ්‍යයක් පිහිටවන්න ගියේ. මේ එකේ අනිත් එක.ඔහොම යන් ඔහොම යන්... (නි)
අයියෝ!කවුද හරි? (නි)
අන්තිමට රාළහාමිලා දෙන්න ගහගත්තා කියාවි. නගරාධිපති නිදහස් වේවි. ඔන්න ආශ්චර්යය... (නි)