වසරේ මුල් මාස තුනේදි පොලීසිය විසින් සිදුකළ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් 30 ක් හා අත්තනෝමතික රඳවා තබාගැනීම් 30 ක් පිළිබඳ පැමිණිළි ලැබී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා කියයි. පොලීසිය එම කාලයේ සිදුකළ අමානුෂික වදහිංසා පිළිබඳ ලැබී ඇත්තේ එක් පැමිණිල්ලක් පමණක් බවත් පැවසූ ඒ මහතා කියා සිටියේ පොලීසිය විනයානුකූලව කටයුතු කරමින් මිනිස් අයිතිවාසිකම් සුරැකීමට වඩාත් ප්‍රමුඛත්වය දියයුතු බවයි. ඔහු මේ බව පැවසුවේ ගාල්ලේ පොලිස් නිලධාරීන් අමතමින් ගාලු දිසාපති කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය අකුරටම කරනාව නම් තවත් හොද අහන්න ලැබෙයි (නි)
හොද ලෝකේ කොයි පොලිසියට සාපේක්ෂවද? සාපේක්ෂතාවාදේ ට අනුව අපි ඇතැම් විට මුරුසි පොලිසියට වැඩිය නම් හොද ඇති. (නි)
මා ඇමරිකාවේ ජීවත් වන කෙනෙකි මා ලංකාවට ආපු වෙලේ මට තේරුණා ලංකාවේ පොලිසිය කලින්ට වඩා ඉතාම උසස් බව සහ ආචාරශීලී බවක්.(නදී)
ඉතින් හොඳ වෙන එක කොච්චර හොඳද? තම රාජකාරියට සාධාරණයක් කරනවා නම් අගය කළ යුතුයි (නි)
පොලිසියට අලුතින් බඳවාගත් නිලධාරීන් ඉතාමත් හොඳයි (නි)
හැබෑව නේන්නම්. ඒකනේ නගරාධිපතිවරු රාළහාමිලාගේ මුණ හපන්නේ? (නි)
හේවාවිතාරණ, ඔබ හරි (නි)
හේවාවිතාරන මහතා, ඔබට පේන්නෙ පොලිසියෙ අය ගොඩක් උස ගිහිල්ලා කියලා නම් ඔබ නිවැරදියි. මිටි අයත් ඒ අතරෙ ඉන්නවා. (නි)
මම හේවාවිතාරණ හා එකඟයි. පසුගිය අවුරුද්දේ ලංකාවට ආ වෙලේ අපටත් එය වැටහුනා. (නි)
ඒක ඇත්ත රථ වාහන පොලීසියෙත් හුගක් අය නීතී ගරුකව කථා තරනවා. මේ තත්වය දිගටම පවත්වා ගෙන යාමට වග බලා ගන්න (නි)
ලංකාවේ පොලිසියේ වැඩ ගැන කියවන්න ලංකාවේ ඉන්න ඕන. (නදී)
හේවාවිතාරණ දකින්න ඇත්තේ එක පොලිස් නිලධාරියෙක් විතරක් වෙන්න ඇති.(නදී)
මම හිතනවා කෙසේ නමුත් ලංකාවේ බහුතරයක් අධ්‍යාපන මට්ටමින් ඉහල නිසා උසස් නිලධාරීන් බිහිවෙලා ඇති.ඒ ගැන ආඩම්බර වෙමු! (නි)