IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘පොලිසිය මන්ත්‍රීවරුන්වත් මායිම් කළේ නෑ‘

බස් ,ත‍්‍රී රෝද රථ,වෛද්‍ය වැඩ වර්ජන, පෙළපාළි ගිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට කඳුළු ගෑස් එල්ල වීම ආදි සියලූ දේ නිසා ශ්‍රී ලංකාව බරපතල ලෙස මූල්‍ය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අර්බුද ඇති රටක් බවට ලෝක මූල්‍ය විශ්ලේෂකයින් විසින් හඳුනාගෙන ඇතැයි  පාර්ලිමේන්තු මන්ත‍්‍රි හා බන්දුල ගුණවර්ධන මහතා අද (4) පුංචි බොරැල්ලේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

පේ‍්‍රමදාස යුගයෙන් පසුව පළාත් පාළන නියෝජිතයින්ට හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට පොලීසියෙන් ප‍්‍රහාරයක් එල්ල වුයේ ඉකුත් සෙනසුරාදා බවත් එය මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වු දැඩි පහරක් බවත්  ගුණවර්ධන මහතා කීය.

‘අපි හමුවෙන්න එන අයට අවහිර කරන්න කාටද අයිතිය තියෙන්නේ කියන කාරණය විශාල ගැටලූවක් වෙලා තියෙනවා. දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයායි මමයි මේ අප  හමුවීමට එන පළාත් පාලන නියෝජිතයින් ගැන පාර්ලිමේන්තුව පටන් ගන්න කලින් කතානායකවරයාට මේ ගැන දැනුම් දුන්නා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ දිගින් දිගටම කල් අරින පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමටයි. පොලිසිය සාමාන්‍යයෙන් කළ යුත්තේ උද්ඝෝෂකයින්ට අවස්ථාව දී ඔවුන්ගෙන් නියෝජිත පිරිසකට පමණක් පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර දීමයි. පොලීසියේ රාජකාරී කරන රාළහාමි මහතුන් මේ අපේ පලාත් පළාන නියෝජතයින්ට ඒක්බද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් හමුවීමට බාධා කළා.එය සිදු කළේ ඉතාම පහත් ආකාරයෙන්. එම විරෝධතාවයේ නිරත වූ පිරිස් හමුවීමට මා පාර්ලිමේන්තු පළමු ගේට්ටුවෙන් යද්දී එහි සිටි රාළහාමි මහත්තයෙක් මටත් බාධා කළා.එලෙස රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන් මල්කඩ වැනි පාර්ලිමේන්තුවේ  මහජන නියෝජිතයින්ට හෝ ඔවුන් හමුවීමට එන පිරිස්වලට අදාළ පාර්ලිමේන්තු මාර්ගය මොනයම් හේතුවක් නිසාවත් අවහිර නොකළ යුතුයි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ගමන් කරන්න තියෙන මාර්ගය මොනම හේතුවක් නිසාවත් අවහිර නොකළ යුතුයි‘ යැයි ද මන්ත්‍රීවරයා කීය.

web_banduDSC_0054



අදහස් (0)

‘පොලිසිය මන්ත්‍රීවරුන්වත් මායිම් කළේ නෑ‘

චතුරිකා ද සිල්වා තංගල්ල Monday, 05 December 2016 02:03 AM

මොකක්ද මේ කතාව..? ඇයි මන්ත්‍රීලා කියන්නේ දෙවිවරුද? ඔහොම නොවෙයි ගහන්න තිබුනේ. අපෝ! දැන් තියෙන සැර... එන්නෙ නැතෑ ඡන්දෙ එහෙම හිඟාකාගෙන මේ පාර... (නි)

:       0       0

පාලිත කේ. Monday, 05 December 2016 02:41 AM

දෙන්න තිබුනේ රෙදි ගැළවෙන්න, රට ආපස්සට අදින අය මේ රටින් තුරන් වෙනතෙක් රට හදන්න බැහැ (නි)

:       0       0

ප්‍රදීප් Monday, 05 December 2016 02:19 PM

මෙතන අදහස් දාන ගොඩක් අයට මම හිතන්නේ අර රුපියල් 1600 හම්බවෙනවා වගේ (බ)

:       0       0

රුවන් Monday, 05 December 2016 04:47 AM

පොලිසිය මොකටද විශේශයෙන් මන්ත්‍රීවරු මායිම් කරන්නේ නීතිය හෑමෝටම පොදුවිය යුතුයි (ර)

:       0       0

ශාන සෞදි Monday, 05 December 2016 04:47 AM

හේතුව මොකක් ද කියලත් කිවුවානම් හොඳයි නේද ? ඇයි මන්ත්‍රීලා කියන්නේ දෙවිවරුද? ඔහොම නොවෙයි ගහන්න තිබුනේ. (ර)

:       0       0

නිෂනි යුඑඉ Monday, 05 December 2016 05:21 AM

පොලීසිය කරන්නේ ඉහලින් එන නියෝග ක්‍රියාත්මක කරන එක. (ර)

:       0       0

සමීර Monday, 05 December 2016 06:22 AM

කවදාවත් නාන්නේ නැති අයට මේ වතුර ප්‍රහාරය නරකද ? (ර)

:       0       0

දීපාල් නිරෝෂ් Monday, 05 December 2016 06:34 AM

ඔය කිසි අවුලක් නැහැනේ මහත්තයෝ ආණ්ඩුව ඇතුලට ගිහිල්ල ඇමතිකමක් ගත්තනම්... බොරුවට විපක්ෂයක් හදාගෙන කරදර වෙනවා. (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Sunday, 04 December 2016 10:17 AM

හේතුව මොකක් ද කියලත් කිවුවානම් හොඳයි නේද ?පොහොට්ටු විපක්ෂය බලයට කෑදරෙන්, පරණ රංචුව ආපහු උස්සා තැබීම සඳහා, ජනතාව විවිධ ක්‍රම මගින් උසි ගැන්වීම මිසක් වෙන මොකද්ද මොවුන් කරන්නේ ?(බ)

:       0       0

රාධා Wednesday, 07 December 2016 01:13 AM

අපි දන්නා තරමින් දැනට පළාත් පාලන ආයතනවල සිටින නියෝජිතයින් කවුරුවත් ආවේ නැහැ. (ර)

:       0       0

නන්ද Sunday, 04 December 2016 11:03 AM

ඇත්ත නේන්නම්..?කොච්චර වැරදිද ? අනෙක් රටවල නම් මිනීමැරුම් වලට, හොරමැරකම් වලට, මත්ද්‍රව්‍ය ව්‍යාපාරවලට මන්ත්‍රීවරු සම්බන්ධයි.ඒ රටවල මන්ත්‍රීලා මුලින් බයිසිකලයෙන් යන්නේ. පස්සේ ඒ දේශපාලකයෝ පැජරෝ, ඉඩම්කඩම්, ගන්නවා. පිටරටවල මාලිගා හිමිකරුවෝ වෙනවා. (බ)

:       0       0

රේණුක Sunday, 04 December 2016 11:23 AM

පොලිසිය මන්ත්‍රීවරුන්වත් මායිම් කළේ නෑ...ඇයි මන්ත්‍රීවරු කියල උනුත් සාමාන්‍ය මිනිස්සුනේ ඡන්දෙන් පත්වුනාට පස්සේ දෙවිවරු වෙනවද? නීතිය කාහටත් පොදුයි කියල වටහා ගත්තොත් හොදයි දැන්වත් (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 04 December 2016 11:36 AM

මුන්ට ගහල මදි, හම ගහන්න ඕනා. (බ)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Sunday, 04 December 2016 11:39 AM

ඔය දේශපාලන රස්සාවට වඩා ඔබට ටියුෂන් දෙන එක නම්බුයි. (බ)

:       0       0

සමන් Sunday, 04 December 2016 11:40 AM

නන්දලාල් මෙතන පොහොට්ටු කතාවක් නෙවේ තියෙන්නේ නියමිත කලට පැවැත්වියයුතු පළාත් පාලන මැතිවරණය සාධාරණ හේතුවකින් තොරව දැනට වසර දෙකකටත් වඩා කල් දමා තිබීම ගැන විරෝධතාවයක් මෙයාල දැක්වුවේ. අලුත් ක්‍රමයට මැතිවරණය පැවැත්විය නොහැකිනම් මැතිවරණ කල් නොදමා මෙවරට එය පරණ ක්‍රමයටම පැවැත්විය හැකි නේද? (බ)

:       0       0

ප්‍රියන්ත ප්‍රනාන්දු Sunday, 04 December 2016 12:05 PM

ඒකාලේ එහෙම වුනාට දැන් කාලේ එහෙම වන්නේ නැහේ මිනිස්සුන්ට වෙඩි තියන්නේ නැහැ (බ)

:       0       0

පද්මිණි Sunday, 04 December 2016 12:22 PM

ඔය ප්‍රශ්නෙට මහපාරේ දගලන්න ඕනේද.උදේ හවස පාර්ලිමේන්තු කුස්සියේ කන ගමන් විසදගන්න තිබුණු සුළු ප්‍රශ්නයක්නේ. ජනතාව හරක් කියලද හිතන්නේ. (හේ)

:       0       0

ලෙස්ලි Sunday, 04 December 2016 12:43 PM

අැයි පාර්ලිමේන්තුව වටලන්න නේද අාවේ...ඉල්ලන් පරිප්පු කාලා.......දැන් කියනවා සාකච්ඡාවට ආවලු.(හේ)

:       0       0

ඉසුරන්දි Sunday, 04 December 2016 12:46 PM

ඕකට ඉතින් ඕක අස්සටම රිංගන්න ඕනෙද ? සාමකාමිව විරුද්ධත්වය ප්‍රකාශකරන්න තිබ්බනේ ඔය ලිප්ටන් වටරවුම පැත්තේදී. නැත්තම් නුවර සිට කොළඹට පා ගමනක් සංවිධානය කරන්න තිබ්බනේ. මිනිසුන්ව කුලප්පු කරව කරවා මෙතුමන්ලා තිරය පිටුපස්සේ ඉගෙන රංග පානවා.මේ රටේ මෝඩ මිනිස්සු ඉතින් උන්මත්තකයෝ වගේ ගහ මරාගන්නවා දුරදිග කල්පනා නොකර.(හේ)

:       0       0

කසුන් Sunday, 04 December 2016 01:13 PM

සමන් ඔය කියන දේ හරි (හේ)

:       0       0

මනෝජ් Sunday, 04 December 2016 01:17 PM

සමන්, ඔය මැතිවරණ ඉල්ලන්නේ රටට‍ සේවය කරන්න නොවේ, ඉතිරි වෙච්ච කුට්ටි ටික ගන්නයි. අපි මැරිලා ඉපදුනේ නෑ. (හේ)

:       0       0

රොමේෂ් Sunday, 04 December 2016 01:42 PM

ඒ ඉස්සර දැන් එහෙම නෑ.(හේ)

:       0       0

රොකී Sunday, 04 December 2016 02:29 PM

පොලිසිය විතරක් නොවෙයි, අපි වුනත් දැන් ඔය අය මායිම් කරන්නේ නැහැ! (බ)

:       0       0

කෞෂල්‍ය Sunday, 04 December 2016 03:21 PM

දුක් වෙන්න එපා ඔබ තුමන්ලටත් කාලයක් එයි.(හේ)

:       0       0

රත්නායක Monday, 05 December 2016 09:34 AM

මෙතන ගොඩක් අය,තමාගෙ වාසියට අාණ්ඩුව ඡන්දය කල්දැමීම අමතක කරල තියෙනවා. (ර)

:       0       0

නෙහාරා Monday, 05 December 2016 09:48 AM

ප්‍රදේශීය සභා මන්ත්‍රිවරු නොහිටිය කියල මොකද්ද වෙලා තියන පාඩුව ඒ අය හිටියා කියලා කලේ මොකද්ද . (ර)

:       0       0

රාජිත Sunday, 04 December 2016 04:22 PM

මේ ප්‍රශ්න සාමකාමිව විසදන්න බැරිද? (ර)

:       0       0

සමන් Sunday, 04 December 2016 04:24 PM

මනෝජ් ඔයාගේ තර්කයට අපිට එකඟ වෙන්න බෑ. මැතිවරණයකදී සුදුස්සන් තේරීම චන්ද දායකයන්ගේ රාජකාරිය. මැතිවරණයකදී අපි සුදුසු අයව දිනවා නුසුදුස්සන් ප්‍රතික්ෂේප කල යුතුයි. එක මැතිවරණ කල් දැමීමට හේතුවක් නෙවේ. (ර)

:       0       0

විද්‍යා Sunday, 04 December 2016 04:57 PM

අවුරුද්දකට දෙතුන් සැරයක් ඇමරිකාවට ගිහින් ඇවිල්ලා පොල් ගහ ගහා මිනිස්සු මුලාකරන අය කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

මිනිපෙ Sunday, 04 December 2016 05:00 PM

මම මන්ත්‍රී, කියලා ටී ෂර්ට් එකක් ගහගෙන හරි හිටියා නම් මේක වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

නිශාන් Sunday, 04 December 2016 05:39 PM

අනේ මොන ඡන්දද? බලයට එන්න තියෙන කෑදරකමට ඔහේ කියවනවා. (නි)

:       0       0

සරත් Sunday, 04 December 2016 06:25 PM

අනේ ඔයා මොකුත් දන්නෙම නැහැනෛ්. මතක්කරන්න මහත්තයෝ සරත් ෆොන්සේකාට සහ ශිරාණි බණ්ඩාරනායකට වෙච්ච දේවල් (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 04 December 2016 07:25 PM

ලංකාවේ කරන තරමක් දුෂණයන්ට සම්බන්ධ වන්නේ මැති ඇමතීන්. ඔවුන්ව මායිම් නොකරන තරමට හොඳයි. (නි)

:       0       0

අසෝක Sunday, 04 December 2016 09:57 PM

වෙන රටක නම් කඳුළු ගෑස් නෙමෙයි මෙහෙම වනචාරි ලෙස හැසිරෙන මන්ත්‍රීලට වෙඩිතියලා දානවා. (නි)

:       0       0

සත්‍යා Monday, 05 December 2016 12:42 AM

"ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන් මල්කඩ වැනි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ට....." අනේ පොලීසියේ මහත්වරුන්ට ඒ කාලේ ඕගොල්ලෝ බලේ ඉන්නකොට සළකපු ආකාරය අමතක වෙලාද කොහෙද. පළාත් සභාවල විතරක් නොවෙයි දියවන්නාවටත් රිංගාගත් අයට දුම් අල්ලන්න ඒ කාලේ පොලිසියට නියම කරලානේ තිබුනේ. ඒ වරප්‍රසාද දිගටම තියාගන්න ඕනෑ නම් ඒ විදිහට ඉන්න තිබුනනේ. (නි)

:       0       0

ලුම්බිණි Monday, 05 December 2016 01:03 AM

හැම අවුරුද්දකම පළාත් පාලන මැතිවරණ තබමින් ඒ කාලේ කරගෙන ගිය නාස්තිය අඩුවෙච්ච එක ගැනවත් සතුටුවිය යුතු නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 522 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4101 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1963 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8675 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1472 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 422 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40083 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site