(ඉන්දිකා රාමනායක)
ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇති බවට පොලිසිය සොයමින් සිටි WP DAE - 4197 දරන සැක කටයුතු ලොරි රථය අද (25) වත්තල නායක්කන්ද ප‍්‍රදේශයේ දී කොටහේන පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම හිමිකරු බව කියන වැල්ලම්පිටිය නවගම්පුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ෂැංග්‍රිලා හෝටලයේ දී ඉකුත් 21 දා බෝම්බයක් පුපුරාගෙන මියගිය මොහොමඩ් ආසාම් මොහොමඩ් මුබාරක් නැමැත්තාගේ නමින් මෙම ලොරිය ලියාපදිංචි කර ඇති අතර ඉකුත් 22 දින කොච්චිකඩේ පල්ලිය ආසන්නයේ දී විශේෂ කාර්ය බලකාය විසින් ආරක්ෂිතව පුපුරවා හරින ලද වෑන් රථයද ලියා පදිංචිකර ඇත්තේ ද මෙම බෝම්බකරුගේ නමින් බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
බෝම්බකරු මෙම ලොරිය ලියාපදිංචිකර ඇත්තේ කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පිහිටි ඔහුගේ බිරිදගේ නිවසේ ලිපිනයට බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ලොරියේ අයිතිකරු වශයෙන් දැනට සිටින පුද්ගලයා මෙම ලොරිය මීට වසර දෙකකට පෙර මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැත්තාගෙන් කල්බදු ක‍්‍රමයට ලබාගෙන ඇති අතර වාරික රැසක් ගෙවීමට ඇති නිසා ඔහු ලොරිය සිය නමට ලියා පදිංචි නොකර මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැත්තාගේ නමින්ම කල්බදු ගෙවා ඇති බවට ප‍්‍රශ්න කිරීම් වලදී හෙළි කරගෙන ඇත.
මෙම ලොරි රථය කොටහේන පොලිසිය බාරයේ තබාගෙන පරීක්ෂණ පවත්වමින් සිටියි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොලිසිය සොයමින් සිටි සැකසහිත ලොරිය වත්තලින් හමුවෙයි
ranjith Thursday, 25 April 2019 11:27 PM
අපේ ආරක්ෂක හමුදා වලට පින්සිදුවෙන්න රටේ ජනතාව මේ තරම් වත් රැකෙනවා. නායකයින් කියන අය ජනතාවගේ මුදලින් සැප විඳිනවා විතරයි..