IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පවුලක්ම දුම්වැටි හොරෙන් ගෙනල්ලා

රුපියල් ලක්ෂ තිස් දෙකක් වටිනා  සිගරට් කාටුන් 381 ක් ඩුබායි සිට  නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික පවුලක් අද උදෑසන කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවෝ වයස අවුරුදු 29,32 වියේ පසුවෙති.

මොවුහු වයස අවුරුදු තුනක් වූ තම කුඩා දරුවා වඩාගෙන මෙම දුම්වැටි තොගය සුක්ෂම ලෙස මෙරටට ගෙන ඒමට  තැත් කළ බව රේගුව කියයි.

සැකකරුවෝ ෆලයි ඩුබායි ගුවන් සේවයට අයත්   ගුවන් යානයකින් අද අළුයම 5.40 ට පමණ මෙරටට පැමිණ  තිබේ. රේගුව පවසන්නේ  මොවුන් ලඟ තිබූ ගමන් මළු හයක මෙම දුම්වැටි සඟවා තිබූ බවයි.

සැකකරුවෝ  වසර තුනක් පමණ ඩුබායි හි සේවය කර ඇති බව අනාවරණය වී තිබේ.

මේ පිළිබඳව රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා  සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කර එම සිගරට් තොගය රාජ සන්තක කළේය.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා පැවසුවේ  මේ  මාසයේ පමණක් රුපියල් කෝටි එක හමාරක පමණ වටිනා  දුම්වැටි   නීති විරෝධී ලෙස  මෙරටට ගෙනවිත්  ඇති බවයි. ඒ අනුව මෙය පස්වෙනි වැටලීම බවත් පැවසූ ඒ මහතා  මෙම දුම්වැටි ප්‍රමිතියෙන් බාල බවත් වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු  රේගු අධයක්ෂක රෝහිත උඩුවාවල මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන පරාක්‍රම බස්නායක, දර්ශණ ද සිල්වා, පී සත් කුමාර, සහ  සහකාර රේගු අධිකාරීවරුන් වන ධම්මික ගමගේ, වී ෆර්නෑන්ඩු,  සුමුදු ජයවර්ධණ යන නිලධාරීහු සිදු කරති.  

 1 2

 

 



අදහස් (0)

පවුලක්ම දුම්වැටි හොරෙන් ගෙනල්ලා

මොහාන් Thursday, 17 November 2016 08:53 AM

එරංග, දඩය රුපියල් විසිපන් දහසක් පමණි. සනීපෙට ගෙදර ගිහින් කට්ටියම. (බ)

:       0       0

නුවන් Thursday, 17 November 2016 08:09 AM

අපේ රේගුවේ ඇස් වහනවා බොරු (නි)

:       0       0

එරංග Thursday, 17 November 2016 08:12 AM

දැන් ඉතින් සනීපෙට පවුල් කන්න පුලුවන්වෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1128 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 2 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 81 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 341 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1206 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 279 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site