පැපිලියානේ පැෂන් බග් ආයතනයට පහර දීම සම්බධයෙන් සැකපිට නුගේගොඩ උසාවියට ඉදිරිපත් කළ හිමි තෙනම ඇතුළු සැකකරුවෝ 17 දෙනාම නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් නිදහස් කරනු ලැබූහ. නඩුව නොපවත්වන බව දෙපාර්ශ්වයම අධිකරණයට දැන්වීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණයට දැන්වූයේ අගතියට පත් පාර්ශ්නය සිද්ධිය සමථයට පත් කර ගැනීමට කැමැත්ත පළකර ඇති හෙයින් හදුනා ගැනීමේ පෙරට්ටුවක් අනවශ්‍ය බවයි.
එය වෙනත් සිද්ධියක ප්‍රතිඵලයක් වී ඇතැයි ද අධිකරණයට කාරුණු දැක්විණි..jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මුස්ලිම් මිනිස්සුන්ගේ නියම මුස්ලිම් කම.(ස)
අපේ කට්ටිය නම් මිනිහ මැරුණත් නඩුව දිගටම ගෙනියනවා. මේ මුස්ලිම් මිනිස්සුන්ගේ ආදර්ශය අප හැමෝටම පාඩමක්(ස)
ඇයි මේ වගේ අපේ මිනිසුන්ටත් ඉවසීමෙන් ජීවත් වෙන්න බැරිද?. (ස)
අපි බෞද්ධයෝ විදිහට වැඩ කරමු (දී)
නභිනායකතුමා කියා දුන් ඉවසීම සහ සමාවදීම කියන්නේ ඕක තමයි. (ස)
නිතිය අවනීතිය වෙන්න දෙන්න එපා (දී)
මේ මොනවාද මේ මිනිස්සු කරන වැඩ (දී)
සාම කාමිව විසදා ගත්ත එකනම් බොහොම හොද වැඩක් (දී)
ඒක හොදයි සමාජය තුල මිනිස්සු කුපිත වෙන්න කලින් මේ ප්‍රශ්නය විසදපූ එක, (දී)
නභි නායක තුමන්ගේ සමාව රිසානාට දුන්නේ නැත්තේ ඇයි ? (ස)
සමාදාන වෙන්න ඔවුන් කැමති උනාද (දී)
මේවාට අනුබල දුන්නේ කවුද (දී)
සමාව දීම දේව ගතියක්.. - ජේසුස් වහන්සේ (ස)
මොකද්ද මේ වැඩ වල තේරුම (දී)
නැවත මෙවන් දේ නොවෙන්න වග බලා ගන්න ඕනේ (දී)
අධිකරණය සාධාරණයි (දී)
මේ අවුරුද්ද සාමයන් ගත කරන්න සැවොම එකතු වෙන්න (දී)
ඉවසීම දැක්කා පුත්තලෙමෙදී. නමුත් හැමදේම ගොඩින් බේරගන්න එක හොඳයි කවුරු වුණත්. (නි)
කාටද ඒකෙත් හොඳ නම.... (ස)
අනේ හොදයි, ලොකු දෙයක් තමයි ඒක. මම බයෙන් හිටියේ (දී)
අධිකරණ තීන්දුව දිහා බලන්න අතිශය සාධාරණ තීන්දුවක්, (දී)
අපිට නැවත මෙවන් දේවල් දකින්නටවත් නොලැබේවා
මේ අවුරුද්දේ සාමයෙන් ඉන්න බලන්න (දී)
මට ඇහුනේ නැහැ (දී)
නබි නායකතුමන්ගේ සමාව රිසානාට දුන්නේ නැත්තේ ඇයි? (නි)
තවත් ශෝකනිය දවසක්.
අධිකරණය හරි (දී)
හොදින් ඉන්න මිනිසුනේ (දී)
මම හිතන්නේ මොකාක් හෝ දඩුවමක් දුන්නානම් හරි (දී)
අධිකරණය මේ වෙලාවේ ගත්ත තීරණය ඇති විශිෂ්ටයි, (දී)
මෙවන් වැරදි යලි නොවන්න වැඩ කරන්න (දී)
සම්පත් නොදන්නා කම පෙන්නන්න එපා (දී)
ලාල්, සත්‍ය කවදා හෝ ජයගනීවී කියන්නේ ඕකට තමයි. දැන්වත් ඊර්ෂ්‍යාව අත් හැරලා ජීවත් වන්න ඉගෙනගන්න. (නි)
ඔය ලාල් කියලා නම තියාගෙන ලැජ්ජාවක් නැතිව අදහස් ප්‍රකාශ කරන අය තමයි ලංකාව විනාශ කරන්නේ. මිනිස්සු වුණාම නිහතමානී වෙන්න ඕනෑ. ලැජ්ජයි. (නි)
රටකට නිතිය කියලා එකක් තියෙන එකේ ප්‍රයෝජනය දැක්කාද (දී)
බුදුදහම තවත් අපකීර්තියට පත්කිරීමට ඉඩනොදෙමු. (නි)
ඉඩම් නඩුත් මේ විදිහට විසදමු (යෝජනාවක් පමණි ) (දී)
කවුරුහරි සමාව ඉල්ලුවද? (නි)
අවවාදය විතරක් ඇතිද ඇත්තට (දී)
මිට වඩා ලොකු දඩුවමක් දෙන්න තිබුනා (දී)
දවසෙන් ඉවරයිනේද නඩුව (දී)
මිනිස්සු අතර ප්‍රශ්න ඇති වෙන්න කලින් ඉවර කරපු එකනම ලොකු දෙයක් (දී)
දැන් ලෝකේ කැරකෙන්නේ අනෙක් පැත්තටද (දී)
හිනාත් යනවා මේවා බලද්දි. (නි)
පොල් ගෙඩි 8ක් හොරකම් කෙරුවොත් ලක්ෂ ගණන් ඇප ඕනෑ. කෝටි ගනන් වටින දේපල් හානි වලට සමාව. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මොනවාද දැන් ලංකාවේ වෙන්නේ (දී)
හිතෙන්නේ නැද්ද මිට වඩා ලොකු දඬුවමක් දෙන්න තිබුනා කියලා (දී)
අයියෝ...අයියෝ... මොනවා වෙනවාද කියලා මටනම් තේරෙන්නේ නැහැ (දී)
අධිකරණය අපි ගරු කරන්න ඕනේ (දී)
ඇසට ඇසක් , අතට අතක් , ජීවිතයට ජිවිතයක් ගන්න කියලා තමයි කුරානේ කියලා තියෙන්නේ. මේ ගොල්ලන්ට සමාව කියන දෙය හරාම්. (නි)
මම කියන්න කැමති නැවත මෙවන් දේ සිදු වුවහොත් වහාම අත් අඩංගුවට රැගෙන නිසි දඩුවම් දෙන්න කියලා (දී)
දෙයියෝ සාක්කි (දී)
මේක නබි නායකතුමාගේ හරි වෙන කෙනෙකුගේ හරි ප්‍රශ්නයක් නොවෙයි. (නි)
මොනවා වුණත් හොද අවසානයක්. (නි)
ඔව්. ඒත් ඉතින් මේකත් එක්ක තියෙන බාල අපරාධ චෝදනාව? (නි)
රිසානාට සමාව දුන්නේ නැති එකට නබි නායකතුමන් පළිද? (නි)
අනේ පිස්සු අදහස් නොලියා ඉන්න. අර ෂරියා නීතියෙන් බෙලි කපනකොට ඔය නබි නායකතුමාව මතක් වෙන්නේ නැද්ද? (නි)
අගතියට පත් පාර්ශ්වය සිද්ධිය සමථයට පත් කර ගැනීමට කැමැත්ත පළ කළාද? (නි)
ලංකාවේ ප්‍රධානම ආගම කුමක්ද යන්න ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙත් අද ලංකාවේ 30% පමණ වෙනත් ආගම් විශ්වාස කරනවා. 25% පමණ පිරිසකගේ මවුබස දමිළ බස. ලංකාව බහු ආගමික රටක් එහෙත් රටේ පදනම බෞද්ධ සිංහල සංස්කෘතිය. ඒක නිසා තමා ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බෞද්ධ ආගමට මුලිකම තැන දීලා තියෙන්නේ. අවාසනාවකට අපේ රටේ පහුගිය දශක 5-6 තුල බෞද්ධ ආගමට නිසි තැන ලැබිලත් නැහැ, වෙනත් ආගම් වලට වුණ සෙතකුත් නැහැ.ජනාධිපතිතුමාට පුළුවන් රටේ සැබෑ ආගමික ප්‍රබෝදයක් ඇතිකරන්න. ඒකට එතුමාට ශක්තිය තිබෙනවා. (නි)
මේ අවුරුද්දේ ජාති භේධ නැති කරලා එකට ඉන්න (දී)
වෙනත් සිද්ධිය යනු කුමක්ද ? (ස)
මම හිතුවා අවුරුදු 3-4 වත් යයි කියලා (දී)
ෆස්ලි , නබිතුමා කොහෙදිද , කවදාද, ඉවසීම ගැන හරි සමාවදීම ගැන හරි කියලා දීල තියෙන්නේ? (නි)
ජාතිවාදයනම් එපා (දී)
මේ මිනිස්සු මොනවා කරනවාද මන්දා (දී)
අවවාද කරලාමදි මමනම් කියන්නේ (දී)
ඉවසීමෙන් සැනසීම ලැබෙයි. (ස)
ප්‍රශ්න ඇති කර ගන්න එපා (දී)
අපි හැමෝම එකා වගේ ඉම්මූ (දී)
ඔන්න තියෙනවා වැඩ, (දී)
ජය වේවා! (නි)
ජය වේවා..! (ස)
සමථයට පත් කර ගැනීමට කැමැත්ත පළ කල ඔබට මාගේ හෘදයාන්ගම ස්තුතිය පල කරමි. ශාසනේ විනාශ වන්නේ අපේම අතින් බව ඔප්පු කිරීමට මෙය කදිම උදාහරණයකි. නිරතුරුව විස්තර ගෙන දුන් ලංකාදීපයට මාගේ ප්‍රණාමය. ! (ස)
ලාල්, ඔයාලා වගේ මිනිස්සු තමයි රට තියෙන විනේ. හොඳ දේට හොඳයි කියන්න ඉගෙනගන්න. (නි)
ඒක තමා ෆසාල් මහත්තයෝ ෂරියා නීතිය කියන්නේ (ස)
මෙවන් දේවල් නොවෙන්න වග බලා ගන්න (දී)
අපි හෙමෝම එකමුතු වී ප්‍රශ්න නෙතුව හෙමදාමත් සතුටෙන් ඉමු ඇයි අපි ගහගන්නේ? අපි හෙමෝම එක රටක ජීවත් වෙන එක සමාජයක් අපි එකට හිටියොත් කොච්චර හොදින් ඉන්න පුලුවන්ද .(නදී)
තවත් කළු පැල්ලමක් අවසන් විය. නඩුව සමථයකට පත් කළ මුස්ලිම් ප්‍රජාවට මගේ ප්‍රණාමය! බුද්ධාගම නැවත වතාවක් බේරා දුන්නේ ඔබයි. (නි)
අපි හෙමෝම එකමුතු වී ප්‍රශ්න නෙතුව හෙමදාමත් සතුටෙන් ඉමු ඇයි අපි ගහගන්නේ? අපි හෙමෝම එක රටක ජීවත් වෙන එක සමාජයක් අපි එකට හිටියොත් කොච්චර න්හොදින් ඉන්න පුලුවන්ද .(නදී)
සිංහලයිනේ අතගාලා බලන්න ඔබලාගේ කොන්ද තියෙනවද කියලා.(නදී)
හොද තීරණයක්.(නදී)
අපි තුන්ගොල්ලම ඔය ජාති වාදය නිසා අවුරුදු 30 ක් දුක් වින්දා හොදටම ඇති. අපි සියල්ලන්ටම දැන්වත් සාමයෙන් ඉන්න දීලා පැත්තකට වෙන්න.(නදී)
කරපු වැඩේ නතර වුන තැන දකානේ (දී)
අයියෝ සල්ලි (දී)
මෝඩයෝ වෙන්න එපා. මෙතන බාල අපරාධයක් යට ගහලා තියෙන්නේ.(නදී)
මේවා කාටත් හොද පාඩම්. සමාව දුන්න එකෙන් හොඳ ආදර්ශයක් දුන්නා.(නදී)
මෙයාලා ගල් ගහන්න ගියේ වෙන දෙයක් මුල් කරගෙන නේද? ඒක දැන් බොරුවක් වෙලා. මීට කලින් ඉන්දියාවෙද හිමිනමකට ගැහැව්වේ මුස්ලිම් සංවිධානයක් කියලා තිව්ව එකත් බොරුවක්. (නදී)
එය පිටුපස ඇති දූෂන සිද්දියට මොකද වුනේ. ඒ දරවාට යුක්තිය ඉටු කරන්නේ නැද්ද?(නදී)
සමගියෙන් ඉන්න, දේශපාලනයට ආවඩන්නේ නැතුව. (නි)
නැවත මෙවන් දේ සිදු නොවේවා (දී)
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කිව්වලු. හැබැයි ශාසනය නම් සුද්ධ කරන්න වෙනවා ළඟදීම. (නි)
මේ ප්‍රශ්නය වැඩිදුර යවන්නේ නැතිව ඉක්මනට ඉවරකල එකනම් ඉතා හොද වැඩක් (දී)
මේ ගැන හොඳින් හොයලා බලන්න වෙනවා. මට පේන්නෙ මොනවා හරි යට ගහනවා වුවමනාවෙන් ඔය අගතියට පත් පාර්ශවය. (නි)
වෙනත් සිද්දියක් කියන්නේ මොකද්ද (දී)
කමක් නැහැ සමථයකට පත් කර ගත්තට. හැබැයි ඔය බාල අපචාර නඩුව එහෙම සමථයකට පත් කරන්න බැහැ. මොකද ඒවා ඉන්ෂුවරන්ස් එකෙන් ගන්න බැහැනේ. (නි)
හැබැයි මෙයාලට කවදාවත් දේශද්‍රෝහී ලේබලය නම් ගහන්න බැහැ. (නි)
මෙතුමලාව මේ තැනට පත්කරපු වර්ගවාදී ඔස්තාර්ලව අල්ලන්නෙ නැද්ද? (නි)
සිංහල සහෝදරවරුනි, ෆැෂන් බග් ආයතනයට ගල් ගැසීම පිටුපස කිසිම ලිංගික ප්‍රශ්නයක් නැහැ කියන එක දැන් සියලු දෙනාටම ඔප්පු වෙලා ඇති. ඒක වුණේ වෙන තැනක. මින්පස්සේ හරි ඊර්ෂ්‍යාව අත්හැරලා ජීවත් වෙමු. බලන්න මේ හාමුදුරුවෝ වහ ගෙන යන්නට වෙලා. (නි)
අවවාද නොවෙයි නැවත මේවා නොකරන්න දඩ ගහන්න තිබ්බේ (දී)
ඉතා හොද තීරණයක් (දී)
අර ස්ත්‍රී දුෂණ 100ක් කරපු එක්කෙනා ගැන තරහක් නැද්ද? (නි)
ජාති හා ආගම් මතවාද වලට වඩා එකාවන්ව රට ගැන සිතා කටයුතු කිරීම වඩා වැදගත් (ස)
ඇත්තම කතන්දරේ වෙලා තියන පාඩුව මදිවට නඩු කියන්න ගියානම් වෙන්නේ තවත් පාඩු වෙන එකත් ප්‍රශ්නේ තව තවත් දික් ගැස්සෙන එකත් විතරයි . ඊට වැඩ හොදයි නඩු කියන සල්ලි වලින් අලාබය පියවගත්තනම් . මොනවා උනත් ආදර්ශමත් වැඩක් . සමාව දීම කටින් නෙමෙයි ක්‍රියාවෙන් ඔප්පුකරල පෙන්නලා . කනිෂ්ක ඔය කියන එක හරි . යකඩේ විනාශ කරන්නේ යකඩෙ හැදෙන මලකඩම තමා .
විනයක් නැති භික්ෂූන්ට දඩුවම් නොකළොත් "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" කියලා ඊළගට තව මොන මොනවා කරයිද දන්නෙ නැහැ. (නි)
නඩුව දිනන්න සාක්කි නැතුව ඇති. (ස)
සම්පත් අනෙක් අයට කියන්නට පෙර ඔයාගේ කොන්ද ගැන බැලුවොත් හොඳයි නේද ? (ස)
මෙයාලා කරලා තියෙන වැරැද්දට අරාබියේ නම් මොනවා කරයිද? (නි)
අරුණ මහත්තයා කියනවනම් හරි (ස)
සම්පත්, ඔබගේ මවට හෝ සහෝදරියට මේ දේ වුණා නම් ඒත් ඔබ මේකට එකගද? (නි)
මෙතන ආවඩන කට්ටියට අමතක වෙලා වගෙයි මේ සිද්ධියට හේතුව. කොහොමත් ඇත්තටම පහර දුන්න කට්ටියත් එලිවේවි. දූෂකයා නම් අලුත් ගොදුරක් හොයමින් ඇති. (නි)
එදා රෑ නම් මෙහෙම ලැජ්ජා හිතුණෙ නැහැ නේද? (නි)
සමහර වෙබ් අඩවි වල හාමුදුරුවෝ ගැන තියෙන කතා කියවන්නත් ලැජ්ජයි. (නි)
ඉවසන්න... (නි)
සුදු රෙදි ඇදගෙන හරිම ශීලාචාර විදියට උසාවි එනවා. රෑ වෙනකොට හොදට බීලා චන්ඩියො වෙනවා.(නදී)
අධිකරණය ගත්ත ඒ තීරණය ඉතා වදගත් (දී)
එතකොට අර අසාධාරණයට පත් ගැහැණු ළමයාට මොකද වුණේ? (නි)
ඉක්මනට ඉවර කල එක හොදයි මොකද මේක ජාතින් දෙකක් අතර ප්‍රශ්නයක් (දී)
වෙනත් සිද්ධියක් කිව්වෙ, මේකට කන්ගෑට්ටගෙවත් සම්බන්ධයක් තියෙනවද දන්නෙ නැහැ. (නි)
කන්න ඕන වෙනකොට කබරගොයත් තලගොයා වෙනවා. මේවා එන්.ජී.ඔ කුමන්ත්‍රන කියන අය කෝ?.(නදී)
ඒ අහිංසක මිනිස්සුන්ගේ අලාභය දෙන්නේ කව්ද?(නදී)
නැවත ප්‍රශ්න ඇති කර ගන්න එපා (දී)
අපි මේ ප්‍රහාරය අනුමත කරන්නේ නැහැ
එතකොට අර දූෂනයට ලක්වුන බාලවයස්කාර ළමයා ගැන කිසි කතාවක් නැහැ. ඔයාලා කාටවත් ඒක මතක නැහැ. (නදී)
චි ලැජ්ජයි, ලැජ්ජයි, ලැජ්ජයි. ඇද්ද මුස්ලිම් මිනිස්සුන්ගෙන් බුද්ධාගම ප්‍රායෝගිකව ඉගෙනගත්තා. එක්කෙනෙක් සිවුර ඔලුවෙ ඔතාගෙන, අනෙක් එක්කෙනා ඔලුව හංගන්න හදනවා. මේගොල්ලෝ බුද්ධාගමට කරපු නින්දාවට නිරුවතින් යවන්න තියෙන්නේ. (නි)
ඒක මාර නඩුවක්. නියමයිනේ.(නදී)
සම්පත්, ඔයාට කොන්දක් තියෙනවද බලන්න. එඩිතර සිංහලයා හැමදාම ජීවක් වුනේ සමගියෙන් සාමයෙන් සහජීවනයෙන්.(නදී)
මුස්ලිම්වරුන්ගේ සටකපටකම් වලට සිංහල ජාතිය හිස නමන්නෙ නැහැ. (නි)
සති දෙකෙන් අපට සියල්ල අමතකයි කිව්වේ ප්‍රභාකරන්. අපි යුද්දෙන් බැට කෑවා කියලා මේ වර්ගවාදීන්ට අමතකයි.(නදී)
මේ ඉන්න අයට විතරක් නෙමෙයි අපටත් ලැජ්ජයි.(නදී) .
අපේ නබි නායක තුමා කිව්වේ අවස්ථාව එන තෙක් ඉවසන්න කියල.(නදී)
පාලිත , කනිෂ්ක කියන යථාර්තය හැගීම් වලින් විතරක් හිතන්න එපා. ඔයාගේ ජාත්‍යාලය ගැන ස්තූතියි. අපි පුළුවන්තරම් ශ්‍රී ලාංකිකයෝ විදියට හිතන්න උත්සහ ගනිමු. ගෙදරක සහෝදරයෝ අතින් වෙන වරදක් විසදගන්න විදියට ප්‍රශ්න විසඳගන්න බලමු (නි)
රිසානාට සමාව නුදුන්නේ අර තිරිසන් පපුවක් ඇති ගැහැනිනේ. ඒකට නබිතුමා මොනවා කරන්නද? (නි)
නිදහස් නොකලා නම් මොනවා වෙයිද? (නි)
උතුම් ආදර්ශයක් ලෝකයටම. (නි)
වරදකරුවන්ට නිසි දඩුවම ලබාදෙන්න. (නි)
අශ්රෆුල්, නබිතුමාගේ පින්තුරයක් නැද්ද බලන්න? (නි)
මාලා, ඔයාලා වගේ ගැහැණු හින්දා සිංහලයෝ විනාස වෙන එක අහන්න දෙයක්ද. (නි)
මෙතන දාලා ඇති සිංහලුන්ගේ අදහස්වලට මම ගොඩාක් විරුද්ධයි. සමහර මුස්ලිම් අයත් කියලා තියෙනවා, සමාදාන වීම හොඳයි කියලා. (නි)
අපි පිටරටක හිටියත් හැම දෙයක් ගැනම ගොඩක් උනන්දුවන් බලාගෙන හිටියා. ලංකාදීප පත්තරයට ගොඩක් ස්තූතියි. මේක මෙහෙම විසදුන එක ගැන අපි සතුටුයි. ලංකාදීපයට ජය. (නි)
ඔය අරාබි රටවල ඉන්න අපේ අයටන් වැඩිපුර කැක්කුම තියෙන්නේ. (නි)
මිනිහෙක් හොද දෙයක් කළා නම් ඒකට වෙන දෙයක් කියලා ජාතිය අවුස්සවන්න එපා. දැන්වත් අපේ පුංචි රටේ සමගියෙන් ඉන්න බලමු. තවමත් පරක්කු නැහැ. (නි)
සමහර අදහස් වල කියවෙනවා මෙතන බාල අපරාධයක් යටගහනවා කියලා. නමුත් ඕනෑ තරම් සාක්කි අපි ටෙලිවිෂන් එකේ දැක්කා. නඩුව ඉස්සරහට ගෙනිච්චා නම් තවත් ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තියෙනවා. මම නම් කුහකකමෙන් තොරව ඒ උදවියට ස්තුතිය අවංකව පුද කරනවා. මොකද අපි ඉස්කෝලෙ ඉගෙනීමට අමතරව දහම් පාසල් වලත් ඉගෙනගත් උදවිය නිසා. (නි)
ඉන්දියාවේදී සිවුරු ගලවලා එවනවා. තමුන්ගේ රටේදී ඔලුවේ ඉඳන් තමුන්ම වහගන්නවා. අබුද්දස්ස කාලෙක හැටි. (නි)
මේ ගොල්ලෝ භික්ෂූන්ද ? (නි)
මේ දේවල් අනුමත කරන්නේ නැහැ අපි. එහෙත් මුස්ලිම් අයගේ මුස්ලිම්කම ගැන නම් කතා කරන්න එපා. අද සිංහල බෞද්ධ රටක් නිසා ඔහොම ගියා. එහෙත් බංගලාදේශය වගේ වෙලා තිබුණා නම් අද මුස්ලිම් අයගේ ඉවසීම ගැන බලන්න තිබුනා. ඉවසීම නැත්තේම මුස්ලිම් රටවල් වලම තමයි. (නි)
සමීර, අනුන්ට බන කියන්න කලින් ඔයාගේ හදවතට එකඟව කියන්න ඔයා හරියට පන්සිල් රකිනවද කියලා. (නි)
ජාති, ආගම් කුල බේද,වලින් තොරව එකම රටක වැසියන් ලෙස ලොවටම පෙන්නුවේ හොදම අවස්ථාවකදීය. ඔබ සේවොම දෙනාට තුති.(නදී)
ශ්‍රී ලංකා මතා නමෝ නොමෝ මාතා.(නදී)
කොයි ආගමක උනත් ආගමික නායකයින්ට ගරු කරනවා. අනේ ඒ නිසා හාමුදුරුවනේ චීවරයට නිගා කරන්න එපා. මේ පුංචි රටේ අප එකමුතුව ඉමු.(නදී)
මිනිස්සු කරන වැඩ වලට ආගම්, පලි නැත. ආගම් වලට දොස් කියන්න එපා. වැරදි වෙන්නේ මිනිස්සු අතින් තමයි. ඒවා හදා ගන්න ඕනෙත් අපිම තමයි.....ශ්‍රී ලංකාවට ජය වේවා!(නදී)
මේකනම් අස්චර්යක් , ඒ අනුව මෙවැනි දේ ඉදිරියට වැඩි වෙයිද?(නදී)
මම මුස්ලිම්. ඒ උනත් කවදවත් අන්ථවාදි විදියට හිතන්නේ නෑ. ඕනේම පුද්ගලයෙක් තමන්ගේ ආගමට මුල්තෙන දෙනවා. එහෙත් ඒ මුල්තැන කවදාවත් අන්තවාදය වෙන්නේ නැ . එක අවබෝද කරගන්නේ නැතුව සමහරක් සහොදර වරුන් වැරදි ක්‍රියා කරනවා. අදවන කොටත් මුස්ලිම් ජනයා ඉතා ඉවසීමකිත් යුතුව ක්‍රියා කරා . අදටත් මම ශ්‍රී ලාංකිකයෙක්. හෙටත් ශ්‍රී ලාංකිකයෙක්. සැමදා ශ්‍රී ලාංකිකයෙක්. මැරෙන්නෙත් ශ්‍රී ලාංකිකයෙක් හැටියට . අපි එය ලොකු ආඩම්බරයෙන් කියන්න කැමතියි. අපි හෙමෝම සහජීවයෙන් ජීවත් වෙමු. (නදී)
අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ගේ අදහස් ඉතාම වටිනවා. අපි සියලුදෙනා සමගිව ඉන්න ඕනෑ. මේ අපේ මුස්ලිම් අය. අපේ ලේ. (නි)
ලැජ්ජයි. සිවරත් ඇදගෙන උසාවි යනවා කියන්නේ ආගමට කරන නින්දාවක් (නි)
ප්‍රසන විසදා ගන්නවා නම් මේක තමා විදිය. .සමහරුන්ට නම් මෙහෙමෙ ප්‍රසන විසදෙනවට කැමති නේ වගේ.(නු)
සරීනා නිස්තාර්, ඔබ නිවැරදියි ඔය ආකල්ප දිගටම පවත්වගන්න.
නඩුව දිගටම ඇදගෙන ගියොත් අගතියට පත් පාර්ශවයේ වැරදි මතුවෙනවා ඇති ඒ නිසානේ සමථයකට පත් කරගන්න ඇත්තෙ.(නු)
අපි හැමෝම සාමයෙන් සාධාරනව හිතමු. මේ වගේ ප්‍රස්න අයෙත් නොවෙන්න, වෛරය කුහක කම අත හරිමු. පොලිසියේ වැඩ චීවර දා ගත්තු හාමුදුරුවෝ නොවෙන චන්ඩි විසදන්න ගියාම ඕක වෙනවා , ඔව් නිස්තාර් මේ පුංචි රටේ අපි එකමුතුව ඉමු.(නදී)
පුලුවනම් ගිහින් ළමයි, ගැහැණු දුෂණය කරපු මන්ත්‍රීලගේ ගෙවල් කඩන්න. අපේ රට ගැන බුදු සසුන ගැන අවංකවම ඇත්තේ දුකකි. මුස්ලිම් සහෝදරයා, අපි ඔබට ගරු කරමු.! ,බහුතර සිංහලයා ඔබ සමගයි. ඔබට ජය!!!! (නි)
ගොඩක් දේවල් සිතා ගන්න පුලුවන් කොහොම වුනත් අවසන් වුනේ සුභ වාදීව .(නදී)
මේක දිගටම ඇදිලා ගියොත් වරද වැටෙන්නේ එයාලටම නිසා තමයි මේක ඇතහැරලා දාන්න ඇත්තේ..!(නු)
කවුරු කලත් යහපත් වැඩ අගය කලයුතුයි. අතලොස්සකගේ ක්‍රියවන් නිසා සිංහල-මුස්ලිම්-දමිල අසමගිකම් මතුවන්නට ඉඩ නොදිය යුතුයි. අපෙ සිංහල ව්‍යාපරිකයොත් ටිකක් මහන්සිවෙලා ධනය ඉපයිය යුතුයි(නු)
සංසාරේ බවේ දුකා. මේවා තමයි මල කෝලං.(නදී)
සිංහල ළමයව දුෂණය කරපූ එක්කෙනාට මොකද කරන්නේ? අන්‍ය ආගමිකයින් සිංහල-බෞද්ධ කතුන් රැකියා වලට අරගෙන, එයාලගේ කොල්ලන් අතින් දුෂණය වෙන්න ඉඩඇරලා, සිංහල ජාතිය විනාශ කරන සැලසුම් දියත් වෙන බව අපි දන්නවා. සිංහල-බෞද්ධ දෙමාපියනි, සහෝදරයිනි, ඔබලාගේ දුවව, නැගනියන්ව දැනුවත් කරන්න. (නි)
අපි හැමෝම මේ පුංචි රටේ එකට ඉදිමු. (නි)
මෝඩයෝ වෙන්න එපා. නුවණින් හිතන්න. (නි)
අමිත සිංහල මුදලාලිලා මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. වෙළඳාමට පොලිය මිශ්‍ර නොකර වෙළෙඳාම කරලා බලන්න. (ස)
මොකද මූණ වහගෙන. ධර්මයේ හැසිරෙන්න. (ස)
කාගෙත් හිත රිද්දන්න කියනවා නෙමෙයි, මේක මුස්ලිම් අපි ලබපු ජයක්. (නි)
අපි කනගාටු වෙනවා මේ ප්‍රහාරය ගැන (දී)
නැවත මෙවන් දේ නොවේවා (දී)
මේකත් ආශ්චර්යයක්. (ස)
අපේ හාමුදුරුවන්ගේ සහ බෞද්දද ජනතාවගේ චරිතය ඝාතනය කරන්න කරපු වැඩක් කියල මට නම හිතෙන්නේ. (ස)
මේ බණ කියන හාමුදුරුවරුමද ? (නි)
වීරයෝ වගේ අදහස් පලකරනවා කට්ටිය බොරු නම් වලින්.(නදී)
වහගත්තාට වැඩක් නැහැනේ. ඔක්කොම එළියේ. දැන් මේක නොදන්නා කෙනෙක් නැහැ. (නි)
තම්බි වගේ කට්ටියක් ලෝකයේ කොහේවත් නැහැ. (නි)
"බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
බුදු ධහමේ හාමුදුරුවෝ පොලිසි ගානේ ගෙහින් තියනවද?(නදී)
මේක කිසිම අධ්‍යාපනයක් නැති මෝඩ මිනිස්සු ඇතිකර ගත්තු ගොන් ප්‍රශ්නයක්.(නදී)
තම්බින්ව මට නම් පෙන්නන්න බැහැ. (නි) (නි)
අහිංසක හාමුදුරුවන් මෙම තත්ත්වයට ගෙනාවේ කව්ද? පව් අපේ අහිංසක සිංහල සහෝදරවරු...
චීවරධාරියකු වූ පමණින් භික්ෂුවක් වෙන්නේ නැත. බෞද්ධ භික්ෂුවක් යනු ගිහියන්ට වඩා මනා හික්මීමක් ඇති, පාලනය කරගත් සිතක් ඇති (සචිත්ත පරියෝ දපනන්) පුද්ගලයෙකුට. (නි)
බණ්ඩා, මේ ලෝකේ යහපත් මිනිසුන් මෙන්ම අයහපත් මිනිසුන්ද සිටිති. එය, ඔබ කියන එක් ජනවර්ගයකට පමණක් බලපාන දෙයක් නෙමෙයි, පොදුවේ මනුෂ්‍ය ජාතියටම හිමි දෙයක්. කරුණාකර, ජාතිවාදී අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකින්න.(නදී)
අද බොහෝ මිනිසුන් තමන්ගේ ආගම ධර්මය වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි. නුමුත් ඒවා පිළිපදින්න කැමති නැ. වපුරන දේම තමයි කපන්න වෙන්නේ. (ස)
මේ ප්‍රශ්නෙට මුලික හේතුව බාල අපචාර සිද්දියක් නේ, ප්‍රකෝප වීම සාමාන්‍යයි. ස්වා මින් වහන්සේලාගේ ගෞරවයට හානියක් කරන්න එපා.(නදී)
අපේ රටේ අපි හරිදේ කරමු.(නදී)
විදෙස් මාධ්‍යය මේකට කියන අලුත්ම නම කහ ත්‍රස්තවාදේ. මොන තරමි ලජ්ජද?.(නදී)
මෙන්න ත්‍රස්තවාදියෝ.(නදී)
83දි මේවා කළේ බහුතරේ නෙමෙයි සුලුතරේ කිවුවා. හැබැයි ඔක්කොම වෙලා ඉවර වෙනකල් කවුරුත් මොකුත් කළේ නැහැ. (නි)
ජාති ආලේ කියන්නේ දේසපාලන විද්යාවේ ජාති වැඩි කාසියේ අනික් පැත්ත. ජාති ආලේ යනු ජාති වැඩේ විස්තර කරන තවත් එක විදියක්.(නදී)
මෙතැන ප්‍රතිචාර දාලා තියෙන පව්කාරයන්ට නම් දුක ඇති හාමුදුරුවන්ට සමාව දුන්න එකට. (නදී)
ලෝකේ ලොකුම ඇමති මණ්ඩලේ නඩත්තු කරද්දී හිතේ අමාරු හැදෙන්නේ නැති උදවිය හලාල් වලට වැඩි පුර ගෙවද්දී හිතේ අමාරු හදුනා. දඩුවමක් නැති අපරාද හැම තැනම වෙද්දී හිතේ අමාරු හැදෙන්නේ නැති යට මුස්ලිම් කෙනෙක් බල අපචාරයක් කරාම හිතේ අමාරු හැදිලා. මේක ජාති වාදේ.(නදී)
අසංක ගමගේ, ඊයේ උසාවියේ සමාව දීල නඩුව සමතයකට පත්වුණේ. සමාව දීම ගැන එතනින් ඉගෙන ගෙන නියම බෞද්දයෙක් වෙන්න බලන්න.(නදී)
අන්‍ය ආගමිකයන් අවවාද දෙන තරමට අපගේ බුදු දහම බාල්දු වෙලා. බුද්දාගම ගැන මහේස්ත්‍රාත් තුමා හාමුදුරුවන්ට බන කියන්න වෙලා .මෙයට අර සේනාව වග කිව යුතුයි.(නදී)
83 දී ජාති වාදේ පතුරද්දී මේ රටේ කවුරුත් නෑසුන සේ හිටියා. පස්සේ කිවිවා සුළුතර වර්ගවාදීන්ගේ වැඩක් කියල. මේ සැරෙත් ඒ මන්තරේම ද ජපා කරන්නේ.(නදී)
හාමුදුරුවෝ කාලා බීලා පන්සලට වෙලා ඉන්නේ නැතුව අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා. ඒ අයට විවාහ වෙන්න පුළුවන් නම් ළමයි ටික හරි බලාගෙන ඉඳීවි. (නි)
කවුද මෙතන කියලා තියෙනව දැක්ක සිංහලයා සාමයෙන් සමගියන් ජීවත්වෙන ජාතියක් කියලා. එතකොට ලංකාවෙ නීතිඥයො මෙච්චර පෝසත් වෙන්නෙ ඇයි? (නදී)
සමහර වෙබ් අඩවි කියනවා සේනාවට රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ගලනවා කියලා. එක එක සංවිධාන නැවතත් මෙහෙ එන්න මාන බලනවද කොහෙද?(නදී)
මේ බාල අපචාරේ ගැන මෙච්චර හිතේ අමාරුවක් හැදුනේ මේක කලේ මුස්ලිම් කෙනෙක්ට නිසා. ඇයි මේ රටේ දඩුවම් නැති අපරාද පයෙන් පයට වෙන්නේ.(නදී)
ලාල් මෝඩයෙක් වගේ කෑගහන්නේ නැතිව මට කියන්න මේ රටේ දඩුවන් නැති අපරාද කියක් වෙනවද. (නදී)
වෙලාවකට හිතෙනවා. මෙතරන් දේවල් වර්ගවාදී රැස්වීම් තිය තිය සේනාව සැරිසරද්දී රජයෙන් නෑසුන සේ ජිවත් වෙන්නේ අයි කියල.(නදී)
බලන්න ආණ්ඩුව මෙව් නොදැක්ක සේ ඉන්නවා. සේනාව කරන්නේ රටේ නියම ප්‍රශ්න වහල වෙන ප්‍රශ්න මතුකරවන කොන්තරක් එකයි.(නදී)
මේ වගේ වැඩකට නැවත එනවානම් අපේ හාමුදුරුවෝ සිවු ගලවලා තියලා එන්න. ජාතිය ගැන කැක්කුමක් තියෙන්නේ ඔබ වහන්සේලාට පමණයි. (නදී)
දැන් ඔක්කොමල මේක කලේ චීවර දාරියෝ කියා අත පිහදාගමු. ඇයි මෙච්චර කල් රැස්වීම් තිය තිය විස වපුරන කොට නිකමට වත් හිතුනේ නැද්ද 83 වගේ මොකක් හරි වෙයි කියලා.(නදී)
ජාතිවාදය බංගවේවා! අන්තවාදය තුරන් වේවා!(නදී)
ඇහුවම කියන්නේ නම් සිංහල බෞද්ධ තරම් උතුම් ජාතියක් මේ මිහිපිට නැතේ කියලා. ඒත් කරන්නේම මන්ද බුද්ධික වැඩ. අම්මපා මටම ලජ්ජයි සිංහල වීම ගැන වෙලාවකට. (නි)
කොටි ත්‍රස්තවාදේ වගේම සෙසු ත්‍රස්තවාදයක් ඇති නොවන තැනට කටයුතු කිරීම අප සියලු දෙනාගේ වගකීමයි. (නි)
ඔය එක එක අයට කඩේ යන එක නවත්තලා දැන්වත් සෝම හමුදුරුවන් කිව්ව් දේවල් හිතුවොත් හොද නැද්ද. සිංහලයාගේ අවාසනාවට සෝම හාමුදුරුවෝ නැති කරලා දැම්මා. කරුණාකර ඔය මෝඩ අදහස් දාන ජාතිය ආගම ගැන හිතුවොත් හොද නේද. විශ්ෂයෙන් ඔය ගැහැණු පාර්ශවය (නි)
මටනම් හිතෙන්නේ මේකත් අර අහවල් පුතා රාලහාමිට ගහපු සිද්ධියේ නඩුව වගෙයි කියලා. අන්තිමට අපියි වැරදි... ආශ්චර්යම තමයි මේක... (නි)
නිදහස් නොකළා නම් මොනවා වෙයිද? (නි)
නිදහස් කරන්නේ නැතුව කොහොමද? (නි)
දැක්කද? මුස්ලිම් මිනිස්සු කියන්නේ හොද ගතිගුණ තියෙ අයයි. (නි)
ආගම වෙනුවෙන් රට වෙනුවෙන් මැරෙන්න උනත් සුදානම් එත් ඒවා පිළිපදින්න කැමති නැ . වපුරන දේම තමයි කපා ගන්න වෙන්නේ.(නදී)
මෝඩ කම ප්‍රදර්සනය කරන්න එපා . කව්ද මෝඩයෝ. කව්ද ඉවසීමෙන් ක්‍රියා කරන්නේ කියලා කව්රුත් දන්නවා .ඔය පහරදීමේදී එක වැදගත් කෙනෙක් හිටියද?(නදී)
ඔය එක එක රැස්වීම් වලට ගිහින් ගැලරියේ තප්පුලන ඇම්බැට්ටයන්ගේ ගෙවල් වල කීදෙනෙක් මැද පෙරදිග වැඩ කරනවද? (නි)
බුදුදහම කියන්නේ නියමයක්. හරියට නිවුටන්ගේ නියම වගේ. එහෙම දෙයක් කවදාවත් නැතිවෙන්නේ නැහැ. හැබැයි බෞද්ධ සංස්කෘතිය කියන්නේ තව දෙයක්. බුදුදහම බේරාගන්න කියලා මේ ගල් ගහන්නේ බෞද්ධ සංස්කෘතිය බේරාගන්න. ඇත්තටම වෙන්නේ විනාස වෙන එක. (නි)
හොර චිවරදරියෝ වගේ ය වහාම අත්අඩංගුවට ගත යුතුයි. රටේ ජාතීන් අතර සමගිය නැති කරන නිසා, මේවා සමාජ පිළිල.විනාස කරමු මේ පිළිල.(ස)
අපි අධිකරණ තීන්දුවට හිස නමනවා (දී)
කවුරු මොනවා කිවත් බික්ෂුවක් මහන වෙන්නේ සංසාරෙන් එතෙර වන්නි.අතීතෙත් හාමුදුරුවෝ සටන් කල. නමුත් ඒ දේවල් බුද්දාගමේ කියල නැ. (ස)
සංසාරෙන් එතෙර වෙන්න කියල මහන වෙලා දැන් සාස්තර කියනවා, රස්සා කරනවා, උද්ගෝෂණ කරනවා , දඹදිව චාරිකා සංවිදාන කරනවා, සල් පිල් තියනවා.... ඇයි මේ...(ස)
නිතිය තැනට සුදුසු තීන්දුව දෙනවා දෙපාර්ශවය සමගි වෙච්ච නිසා තවත් තීන්දුව දෙන්න ලේසි උනා (දී)
මෙතන සමහර උදවියට සමාව දීමත් ප්‍රශ්නයක් වෙලා. අනෙක් කාරණය ආගමක් විවේචනය කරන්ට එපා ඒ ආගම ගැන අවබෝදයක් නැතුව. (ස)
චන්දෙ ඉල්ලුව අපි චන්දෙ දුන්න, හැබැයි ඉරිදට අමතර පන්තියක් වත් නවත්ත ගන්ට බැරි අය. දැන් එනවා ගල් ගහන්ට.(ස)
අපි ජාති වාදය ගැන කතා නොකර ඉම්මු (දී)
කට කතා පැතිරෙලා සාමාන්‍ය ජනතාව කුපිත වීම සාමාන්‍ය දෙයකි. එහෙන් ආගමික නායකයන් හා උගත් අය ඇත්ත නැත්ත සොයා බලා ඔවුන් සමනයට පත් කර නීතියට අත ගන්නේ නැතුව වැඩකරන්නත් වගබලාගත යුතුය. (නි)
නැවත මෙවන් දෙයක් කලොත් දඩුවම් දෙන්න (දී)
අන්න සමහර ක්‍රිකෙට් ක්‍රීඩකයෝ එංගලන්තෙන් ආරක්ෂාව ඉල්ලන්ට යනවලු.(ස)
ඇත්තටම මේ අදහස් දාල තියෙන්නේ සිංහල අයද ? (ස)
මේ හැම ජාතියකම ඉන්නේ මිනිස්සු, ඒ කියන්නේ අපි හැමෝම මිනිස්සු, (දී)
සිංහල ජාතිය රකින්ට තව ජාතියකට ගල් ගැහුව කියල හරියන්නේ නැ.කරන්ට ඕන රටේ නිතිය විනය ඇති කරන එක. එක නොකර මේ කරන්නේ එක එක්කෙනාගේ පැවැත්මට මාර්ග හදාගැනීම.(ස)
දැන් ගල් ගහල සෝවාන් උනාලු.ඊළගට කුණු බිත්තරත් ගැහුවම සන්සරෙන්ම එතෙර වෙනවලු... අම්මප කාටද මේවා කියන්නේ....(ස)
කොටි ත්‍රස්තවාදේ වෙනුවට කහ ත්‍රස්තවදේ,බෝම්බ වෙනුවට ගල්. වෙඩි උන්ඩ වෙනුවට කුණු බිත්තර, බෙදුම් වාදෙ වෙනුවට ආගම් වාදේ... මොකද්ද වෙනස...(ස)
අපි සමගියෙන් ඉන්න ඕනේ
ජාති වාදී ප්‍රශ්න නම් ඇති කර ගන්න එපා (දී)
මම හිතුවේ නැහැ සාමදාන වේවි කියලා (දී)
මටනම් කියන්න මොකුත් නැහැ (දී)
දෙගොල්ලෝ සමාදාන උන එක ලොකු දෙයක් (දී)
සිංහල මුස්ලිම් කියලා භේධයක් තියා ගන්න එපා, අපි ඔක්කොම ඉපදිලා මැරිලා යන මිනිස්සු (දී)
සැවොම එක රටක මිනිස්සු, සමගියෙන් ජිවත් වෙමු (දී)
ජාතියේ සාමය රකින එක අපි කාගේත් වගකීමක් (දී)
නියමයි සේන අන්න අදහස, "සිංහල ජාතිය රකින්ට තව ජාතියකට ගල් ගැහුව කියල හරියන්නේ නැ. කරන්ට ඕන රටේ නිතිය විනය ඇති කරන එක. එක නොකර මේ කරන්නේ එක එක්කෙනාගේ පැවැත්මට මාර්ග හදාගැනීම.(නදී)
ඔය ගල් ගහපු ස්වාමින් වහන්සේලා 'ජේතවනාරාමය පැත්තෙන් ආපු අයද? (නි)
චණ්ඩි වගේ ගල් ගහන අය මුහුණ වහගෙන... (නි)
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාලෙත් මෙහෙමලු නේද. ඇමරිකාවේ මෙහෙම උනත් ලංකාවේ මෙහෙම වෙන්නේ නෑ. ගරු හාමුදුරුවනේ අපි ඔබ වහන්සේලා සමගයි. ඉස්සර රට රැක ගත්තේ උසාවිය නෙවේ අපේ හාමුදුරුවන් වහන්සේලා.(නදී)
හැම මිනිහාම එක වගේ නැහැ, නානත්ත කයා නාතත්ත චිත්තා (දී)
දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි, නැවත ප්‍රශ්න ඇති කර ගන්න එපා (දී)
කොහොමද සමහර සිංහල සහෝදරයෝ ආගමක් ගැන හරියට දන්නෙ නැතුව ඒවා ගැන වුවමනා නැති අදහස් දාන්නේ? කොහොමත් මුස්ලිම් අය මෙතන හරි. (නි)
මට නම් ලංකාවේ නියම සිංහලයින් කියා කොටසක් දැකගන්න බැහැ (නි)
අයියෝ! බල සේනා? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. දැන් අපි කරදරයක් වුණහම පැමිණිල්ල කරන්න ඕනෑ පොලීසියටද? බොදු බල සේනා මධ්‍යස්ථානයටද? (නි)
පැෂන්බග් එකේ වැඩ කරන්නේ මුස්ලිම් කොල්ලෝ සහ සිංහල කෙල්ලන්. අපේ සිංහල කෙල්ලෝ ටික මේ ගොල්ලන්ට රැවටිලා ආගමත් වෙනස් කරගන්නවා. විශ්වාස නැත්තම් පැෂන්බග් ශාඛාවකට ගිහින් බලන්න.... (නි)
ලාල් එතකොට මැදපෙරදිග රටවල් වලට ගිහින් අපේ කාන්තාවන් කොච්චර අසරණභාවයට , කරදර වලට පත් වෙනවද ? එතකොට මෙහෙ තියෙන ඒ රටවල් වල තානාපති කාර්යාල වලට ගිහින් ගල් ගහනවද ? (නි)
කරදරයක් වුණාම පොලිසිය යන්න ඕනෑ නැහැ. නිල නොලත් පොලිසියට කියන්න. (නි)
හිතාගන්නත් බැහැ කොහොමද මෙච්චර ඉක්මනට මේ නඩුව ඉවර වුනේ කියලා. එතකොට ෆෙෂන් බග් එකේ පාඩුව හමුදුරුවන් ගෙව්වද?. මේක පෙම් අවුලක් නම් අලාබ කරපු කට්ටියට සමාවද? මරු ලංකාවක් .(නදී)
ගඟ මැද ගොන් ගෙයකි එහි වෙති උතුම් මැති උන් පිරිවරා පවුලේ මී හරක් වෙති කොතෙකුත් ඇසෙන උම්බා හඬට වෙමු ගැති අප ගොන් රැලකි ගොන් වැඩ වල නිමක් නැතී (නි)
ජාතික සමගිය සුරැකේවා (දී)