ආණ්ඩුවේ පස් අවුරුදු ආර්ථීක සැලසුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති චෝදනා අනුව ඔහුව එම තනතුරින් ඉවත් කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
හිටපු මහ බැංකු අධිපතිවරයා මේ වන විට සිංගප්පූරුවේ සිට යළි මෙරටට පැමිණ සිටින බැවින් ඔහුව ගෞරවනීය ලෙස එම තනතුරෙන් ඉවත්කිරීමට අගමැතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බුද්ධිය සම්බන්ධව තමන් තර්ක නොකරන බව කී අමාත්‍යවරයා ඔහුට එල්ල වී ඇති චෝදනාව අනුව මෙවන් තනතුරකට නුසුදුසු බවත් ඔහු එම තනතුරේ තබාගැනීම ආණ්ඩුවට හානියක් බවත් සඳහන් කළේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අය ගැනත් හරියට හෙව්වොත් අර්ජුනලත් පරාදයි (නි)
නඩු අසා එළවිය යුතු මොහු තවමත් මෙහි සිටීම, අප හට ලොකු කතාවක් කියනවා ...! (නි)
දැන් මේ මගඩිය ගැන වාර්තා වුණු වෙලාවේම (2015 මුල් කාර්තුවේ) සොයා බැලුවනම් කොමිටි දම දමා, පුවත් පත් සාකච්ඡා තිය තියා, විවාද පවත්වමින් කාලය සහ මුදල් නස්තිකරන්න ඕන නැහැ නේද? අය ඇය පරතරය මීට වැඩ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා නේද?මේ තරම් බදු ගහල ටැක්ස් මෑන් කියල අහ ගන්නත් ඕනත් නැහැ නේද? අගමැති මේ කාරණයෙන් හිතා මතාම කර අැරියාද? ජනාධිපතිට (බ)
ආණ්ඩුවේ පස් අවුරුදු ආර්ථීක සැලසුම් කමිටුවේ ප්‍රධානියා විදියටත්. මහා බැංකුවේ අධිපති ලෙසටත් උරුවරිගේ වන්නිලැත්තෝ ඉතා සුදුසු බව මගේ අදහස. (බ)
විජාතිකයන්ට මේ තරම්ම සැළකිළි ඇයි? (නි)
බමුණු ආරච්චි දන්නේ නැද්ද ඉස්කෝලේ කාලේ ඉඳලා තියෙන යාලුකම් ගැන. ඔය පත්වීම් පිට රටවලදී නම් නීතියෙන් තහනම් - ක්රෝනිසම් කියලා කියලා කියන්නේ. ඒ වුනාට මේ ගොල්ලන් එංගලන්තයෙන් ඇමරිකාවෙන් ගන්නේ එයාලට ඕන කෑලි විතරනේ. (බ)
මොන පිස්සුද, අර්ජුනට කිසිදෙයක් වෙන්නේ නැහැ. කරන්ඩනත් බැහැ. හේතුව ආණ්ඩුවේම ලොකු අය එක්ක තියෙන සම්බන්ධකම් නිසා. සිංගප්පුරුවේ ඉඳලා තකහනියක් ගෙන්න ගත්තේ නිකන් නොවෙයිනේ. මේකේ මහා මොළකරු රැකලා, ඉත්තෝ අයින් කරලා හරියන්නේ නැහැ. (නි)
අර්ජුන් රනිල්ගේ සගයෙක් වෙන්න ඇති. නැත්නම් මොන එක්කද මේ. අර්ජුන් රවී සහ රාජිත මේ ආණ්ඩුව නැති කරනවා එ්ක හොදින් මතක තියාගන්න. (බ)
මම කියන්නම් අනාවැකියක්. ටක්කෙටම ...ගිය මැතිවරණයට කලින් අපේ ලොක්කෝ රොත්තම සින්ගප්පූරු වන්දනාවේ ගීයා. එහෙදි අර්ජුන දෙවියෝ වරම් ටිකක් දුන්න. ඒවාට පුද පඩුරු ලෙස මහා බැංකුව දුන්න. (බ)
ගියපාර මහා බැංකුවෙන් අයින්කළේ ජනාධිපතිත් මැදිහත් වෙලා. ඔය කතා අවසාන වෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න පුලුවන් (නි)
අර්ජුන් මහේන්ද්‍රන් ගැන විතරක් නොවෙයි, ඔබතුමාලා ගැනත් අල්ලස් කොමිසමට ඇවිල්ලා තිබෙන පැමිණිලි විභාග කරන පාටක් නැහැ (නි)
ඔය මොන කතා සිදුවුණත් අර්ජුන මහේන්ද්‍රන් ගැන කිසිම පියවරක් ගන්නා හැඩක් නම් පෙනෙන්න නැහැ (නි)
මේ ආණ්ඩුවේ නායකයින් මේ පුද්ගලයා සමඟ තිබෙන බැඳීම මොකක්ද. (නි)
ලංකාවෙන් හම්බ කරගෙන මෙතුමා ජීවත්වෙන්න හදන්නේ සිංගප්පූරුවේද? ලංකාවේද? ඉතින් සල්ලි නැතුව කොහොමද. (නි)
හරියට හරි. (නි)
දැන් මෙහෙම කිවුවහම ඔබතුමා සුපිරිසිදු වෙනවද? (නි)
කැබිනට් එකේ කියන්න ඕනෑ ඒවා දැන් අපිට කියන්නේ මොකටද? (නි)
කොහොමත් ඔය කවුරු කවුරුත් අයින්වුණා නම් තමයි රටට හොඳ (නි)