පෑලියගොඩ පොලීසියේ කොස්තාපල්වරයකු සහ ඔහුගේ සගයා දොම්පේ කටුලන්දේදී හොරොයින් කුඩු පැකට් හයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කොස්තාපල් ළඟ මිලිග්‍රෑම් 270ක් ද, සගයා ළඟ මිලි ග්‍රෑම් 30ක් ද තුබූ බවත්, කැලණියෙන් මේ කුඩු ගෙන එන්නට ඇත්තේ විකිණීමට යැයි පොලීසිය සැක කරයි.
ගිණිකූරු තුඩක කුඩු පැකට්ටුවක් රුපියල් 270ක් බවත් සාම්බ්‍රාණි, මී පාසානම් හා කපුරු ආදිය ද කුඩු වලට කලවම් කරතියි කියති.
සැකකරුවන් අද පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පහ කොට්ඨාම භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපෙස් පරිදි ඉදිරි විමර්ශන සිදු කැරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය මෙහෙමනම් , රට හදන්නේ කොහොමද? (ස)
අනිත් දේවල් ගැන කවර කතාද? මිනිස්සුන්ට සාදාරණය බලාපොරොත්තු වෙන්න පුලුවන්ද මේවගේ නිලදාරීන් ගෙන් ? (ස)
අපේ රටේ දවසින් දවස තව තවත් අපරාද වැඩි වේවි මෙහෙම ගියොත්. (ස)
පොලිසිය පොලිෂ් කළ යුතු කාලය පැමිණ ඇත. (ස)
පොලිස්ද? හොරා පොලිස්ද? (නි)
අත්අඩංගුවට ගත්තු රාළහාමිගෙන් කුඩු ගත්තේ කොහෙන්ද කියලා ප්‍රශ්න කළා නම් හරි. (නි)
මේ හැම කෙනෙක්ම මෙහෙම අය නෙමෙයි. මෙහෙම අය ඉන්නේ කිහිප දෙනයි. (නි)
දැන් සාමාන්‍ය මිනිහාව ආරක්ශා කරන්න කවුරුත් නැහැ. (නි)
සාම්බ්‍රාණි, මී පාසානම් හා කපුරු ආදිය ද කුඩු වලට කලවම් කරතියි කියති. එතකොට මේවා හෙරොයින් වලට වඩා බලගතුද?(නදී)
රටේ සාමය ආරක්ෂා කරන නිලදාරීන් මෙහෙම කරනකොට රට හදන්නේ කොහොමද? මේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ. තව ගොඩ දෙනෙක් ඉන්නවා මේ වගේ නිලදාරීන්. ඒ අයත් හොයල හොද දඩුවම් දෙන්න ඕනේ. අපේ ඉදිරි අනාගතයට හොද කලක් උදාවෙයි.(නදී)
පොලිසිය ගැන කතා කරලා වැඩක් නැහැ. ගොඩක් අය අපරාද කාරයන්ට උදව් කරනවා.(නදී)
අද ලංකාවේ මෙහෙම වැඩ ඔක්කොම කරන්නේ පොලිසිය. පොලිස් නිලධාරීන් අතට කුඩු එන්නේ කොහෙන්ද කියලා සොයා බලන්න . (නි)