දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම නවත්තුඩුව කොළෑකඩ අසල කඩා වැටුණු පස් කනදේ උස අඩි 25ක් පමණ වේ. බැකෝ යන්ත්‍රයකින් පස් ඉවත් කෙරේ. මීටර් 200ක් පමණ සාවියක් පමණ පස් කන්දෙන් වැසී තිබේ. කොට්ටාව ගාල්ල මාර්ගය මුළු මනින්ම වැසී ගාල්ල කොට්ටාව මාර්ගයට ද පස් වැටී ඇති අතර මැද යකට වැට ද ඉක්මවා අනෙක් පසට ද පස් වැටී ඇත. යකඩ වැට ඇදවී තිබේ. පොලිස් ආරක්ෂාව යටතේ සේවකයන් ද යුහුසුළුව වැඩ කරන නමුත් පස් ඉවත් කිරීමට සෑහෙන කාලයක් ගත වෙතියි අපෙක්ෂා කෙරේ. ගාලු මංතිරුවට වැටුණු පස් ඉවත් කරන අවස්ථාහි දී එම මාර්ගයේ වාහන ගමනා ගමනය ද නතර කෙරේ. කඩාවැටුණු ගල්කන්දේ සිට පහළට බැසීමට තනා තිබූ පඩි පෙළද දැන් නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිස් අරන් භාගෙට වැඩ කරහමත් ඔහොම වෙනව නේ (ස)
ලංකාව තව තවත් දියුණු වෙන්න මගෙන් සුබ පැතුම් (ස)
මෙහෙම දේවල් වීම සාමාන්‍යයයි. (නි)
මේ කන්දෙ ගස් කැපුවෙ ඇයි.. ? ඒවා තිබුණානම් මෙහෙම වෙන්නේ නැහැ..!(නු)
ගහපු ගැහිලි අහුඋනෝතින් රටෙත් ඉන්න නැහැ..!(නු)
ඒක ඇත්ත..මේකට කිසිම පෞද්ගලික සම්බන්ධ කමක් නෑත. ස්වාභාවික සංසිද්ධියක් පමණි. හැබැයි මේ ලිං පස් බවනම් බැලූ බැල්මට පෙනේ. සමහර විට පාර හදන්න කපපු පස් දෙපැත්තෙ ගොඩ ගහල තිබිලද දන්නේත් නෑ. එක ඩෝසරයක් මොනවා කරන්නද...තුන හතරන් දාලා වැඩේට එන්ටර් උනානම් හරිනේ. පාර පිළිසකර කර දෙනකම් වෙන පාරකින් යන්න අනේ.(ස)
අයියෝ සල්ලී (ස)
මානව ශිෂ්ටාචාරයේ පළමු වරට අධිවේගී මාර්ගයකට පස් කන්දක් කඩ වැටුන වගේනේ සමහරු දගලන්නේ... මේක ස්වභාවික සිද්ධියක් විතරයි... පස් ටික අරන් දමන කල් ඉවසගෙන වෙන පාරකින් යන්න... නැට්ට පිටින් අලි මැරෙන්නේ... ගෙවල් වලට පස් කඳු කඩ වැටිලා අහිංසක දරු පවුල් පිටින් මැරුණේ.. ඒ වෙලාවට කඳුලක් වත් හෙලපු නැති එවුන් මේ අධිවේගී මාර්ගයට පස් කන්දක් වැටුනම කිඹුල් කඳුළු හෙලනවා..රට ජාතිය වෙනුවෙන්.. අමුලික බොරු කරන දේශපාලනික කුහකයෝ...(ස)
පස් කන්ද මත ලෝහ දැලක් අතුරලා උඩින් නියමාකාර තණකොල වැවුව නම් ඕක වෙන්නේ නැහැ. (ස)
මේ විදියටම උන්නදුවෙන් කාර්යෂ්මව අපේ ගම පළාත් වලත් වැස්සෙන් කැඩුණු බිඳුණු පාරවල් පාලම් එහෙමත් හැදෙනවනේ අනේ හෙඳයි (ස)
ලංකාවේ පාරවල්වලට මුකුත් වෙන්නෑ. පස්කන්දක් කඩාගෙන වැටිලා ඒකයි ප්‍රශ්නේ (ස)
කුඩා වාහනනේ පස් කපන්න අරන් තියෙන්නේ (ස)
හැමදාමයන පරණ ගාලු පාර කෝකටත් හොඳයි නේ (ස)
පස්වලින් හදපුපාර පස් විසින් වනසයි (ස)
අනේ මේ මොකද ලංකාවේ අලුත් පාරවල් වලට වෙන්නේ? (නි)
අධිවේගී මාර්ගයේ ලොකු අවදානමක් නේද? අධිවේගී මාර්ගයේ මෙවැනි ලොකු කඳු තියෙන අනිත් තැන්වලත් ඔය වගේ වෙයිද දන්නෙ නැහැ නේද? (ස)
අලුත් පරණ කියලා දෙයක් සොබාදහමට නෑ. එහෙනම් සුනාමියට ගාලුපාර යට උනේ. 2012 අප්‍රේල් 11 සුනාමි එයි කියලා ගාලු පාර වහලා දක්ෂිණ අධිවේගීයේ නොමිලේ යන්නත් දුන්නනේ..(ස)
මේ පින්තූර බලන්න.. ලංකාව කොච්චර ලස්සනද කියලා..අපි ඉක්මනට අපේ රට ගොඩනගමු (ස)
බාල පාරවල් . ඒකයි එහෙම වෙන්නේ (ස)
අධික වර්ෂාවට මේවා වෙනවා ඉතින්, ස්වභාවික විපත් අලුත් දේවල් නෙවෙයිනේ (ස)
අපේ තාත්තත් ගියා ෆොටෝ ගහන්න (ස)
බයයි පාරේ යන්නත්
මෙහෙම දෙයක් වෙන්න කලින් අපි නවත්ත ගන්න ඕනේ
අයියෝ සල්ලි
අපිට වේගයෙන් යන්න ඕනි නෑ. පාර පළලට තිබුණොත් ඇත (ස)
මාර කේස් එක . යකඩ වැටට උන ඔය අලාභය ගන්නේ පස් කන්ද තිබුණ ඉඩමේ අයිතිකාරයගෙන් වෙන්න ඇති නේද? (ස)
කොමිස් එක අනුවයි වැඩ (ස)
අපි පස් ඉවත් කරනකල් ගාලු පාර පාවිච්චි කරමු. (නි)