ඉන්දිකා රාමනායක
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය දිනවල නීතිඥවරයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජයේ නොයෙක් චෝදනා එල්ල වන බවත් ඉහත නීතිඥවරයා තම වෘත්තිය සදහා සේවා දායකයකු සමග පැවැත් වු දුරකතන සම්බන්ධතාවත් පදනම් කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවට එල්ල වන විවේචන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තරයේ ප‍්‍රතික්ෂේක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද (19) පැවසීය.
මෙම නීතිඥවරයා අත්අඩංගුවට ගත්තේ ප‍්‍රමාණවත් තොරතුරු, සාක්කි, හා පදනම් කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
තවද දුරකතන විශ්ලේෂණ ගණනාවක් සිදුකර , දුරකතන විශ්ලේෂණ ආශ‍්‍රයෙන් ආගිය තැන්වල තොරතුරු රාශියක් එක්රැස් කරගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවද හෙතෙම කීය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජාලිය සේනාරත්න මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
එහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේද පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක හුදු දුරකතන සංවාදයකට හෝ හුදු පැමිණිල්ලක් මත කිසිදු අවස්ථාවක පුද්ගලයකු අත්අඩංගුවට ගන්නේ නැහැ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක පුද්ගලයකුගේ වෘත්තිය ඉලක්ක කරගෙන පරීක්ෂණ කරලා නැහැ. සියලූම පරීක්ෂණ පරීක්ෂණ සිදුකර නැහැ. අධිකරණය හමුවට ඉදිරිපත් කළ හැකි ප‍්‍රමාණවක් සාක්කි පදනම් කරගෙන ප‍්‍රමාණවක් සාක්කි අනුයාරයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ.
මෙම පුද්ගලයා බෝම්බකරුවන් සමග එක්ව යම් යම් කිසි සංවිධාන පිටුවාගෙන එම සංවිධාන ඔස්සේ තරුණ කණ්ඩායම් හරහා අන්තවාදී පැතිරවීම සදහා කටයුතු කර ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවෙනවා. එම නිසා වැඩි තොරතුරු හෙළි කරන්න හැකියාවක් නැහැ.
මෙහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්න වලට ඔහු ලබා දුන් පිළිතුරු මෙසේය.
ප‍්‍රශ්නය - මෙම නීතිඥවරයා මීට පෙර ඔහු අත්අඩංගුවට නොගත්තේ යම් කිසි දේශපාලන බලපෑමක් නිසා කියලා සැකයක් තියනවා.
පිළිතුර - මීට පෙර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එම ප‍්‍රකාශ අනුව හා වෙනත් සාක්ෂි අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප‍්‍රශ්නය - ඔහුගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇත්තේ කුමණ කාල වකවානුවක ද
පිළිතුර - පස්කු ප‍්‍රහාරයෙන් පසු මාස 2-3 ඇතුළත ඔහු ගෙන්වාගෙන ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එම විමර්ශන යම්කිසි අවස්ථාවක අඩපන වෙලා තිබුණා. එම විමර්ශන නැවත ආරම්භ කිරීමෙන් පසු හෙළි කරගෙන තිබු නව තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
ප‍්‍රශ්නය - මෙම නීතිඥවරයා අත්අඩංගුවට ගත්තේ සිද්ධියෙන් වසරට ආසන්න කාලයකට පසුවයි. ඇයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ඔහු අත්අඩංගුවට ගන්න ප‍්‍රමාද වුනේ.
පිළිතුර - මුල් කාලයේ එම විමර්ශන එක් එක් පැතිකඩ ඔස්සේ සිදුකර තිබුණා. එම කාලයේ පරීක්ෂණ සිදුකළේ බෝම්බකරුවන් හා ප‍්‍රහාරයට අනුබල දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළේ. පසුකාලයේ සිදුකළ විමර්ශන අනුව දෙවන ප‍්‍රහාරයක් සදහා සැලසුම් කර තිබෙනවා ඒ සදහා දෙවන පෙළ කණ්ඩායමක් පුහුණු කර තිබෙනවා කියා. ඒ ඔස්සේ තමයි නැවත මෙම විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.
ප‍්‍රශ්නය - මේ මොහොත වනවිට හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මොන ආකාරයෙන් ද සිදුකරන්නේ
පිළිතුර - අපි මේ දක්වා එතුමා අත්අඩංගුවට ගෙන නැහැ.
ප‍්‍රශ්නය - පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබෙනවාද .මේ සම්බන්ධයෙන් නොයෙක් මත සමාජ මාධ්‍ය ජාලාවල ප‍්‍රචාරය වෙනවා.
පිළිතුර - පාස්කු ප‍්‍රහාරයට අදාලව සමාජ ජාලා මත මුල්කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකන්නේ නැහැ. අපි විමර්ශන කරන්නේ එළඹෙන කරුණු මත , මේ දක්වා එවැනි පරීක්ෂණයක් සිදුකරන්නේ නැහැ.
ප‍්‍රශ්නය - මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කී දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවාද
පිළිතුර - සැකකරුවන් 197 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් නීතිඥවරයා ගැන තොරතුරු රැසක් හෙළි වේ
සපුමල් Sunday, 19 April 2020 11:11 PM
මෙවැනි ක්‍රියාවන්ට තිත තැබිය යුතුමය. එවැනි ක්‍රියා දැඩි ලෙස හෙලා දැකිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිය හැක්කේ නීතියේ ආධිපත්‍ය රැකුනහොත් පමණි
Nishan Monday, 20 April 2020 12:07 AM
ඡන්දය ඉලක්ක කරගෙන මේ අත්අඩංගුවට ගැනීම් සිදු කරනවා. ඡන්දෙන් පසුව ඇප ලැබෙනවා. චෝදනා නැහැ කියලා පොලීසිය උසාවියටත් කියනවා. නිදොස් කොට නිදහස් වෙනවා. ඕකනේ වෙන්නේ.
ranjith Monday, 20 April 2020 12:25 AM
හෙළිවන තොරතුරු අනුව නියමිත දඩුවම් දෙන්න එහෙම නැතිනම් පලක් නැත
C.K.LANKAPUTHRA Monday, 20 April 2020 01:28 AM
එතකොට මහත්තයෝ රංජන් රාමනායක මහත්තයා අත්අඩංගුවට ගත්තේ හුදු දුරකතන සංවාද මත නෙවෙයිද?