2009 දී ලසන්ත වික්‍රමතුංග ඝාතනය හෙළා දැකීම සඳහා සංවිධානය කළ විරෝධයකදී පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරියට බාධා කළැයි නව වාමාංශික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක චමිල් ජයනෙත්තිට එරෙහිව පැවරූ නඩුව අද විභාගයට ගත්තේය.
උප පොලිස් පරීක්ෂක ඛාන් සමන්ත මහතා පැවසූයේ ජයනෙත්ති එම කොස්තාපල්ගේ නිල ඇඳුමින් ඇද්ද බවයි.
තමා එම සිද්ධිය වීඩියෝ ගත කළ බවත්, ජයනෙත්ති ඒ අවස්ථාවේ රවි කරුණානායක, තිස්ස අත්තනායක, රවුෆ් හකීම් හා නව වාමාංශික පෙරමුණු නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සමග සිටි බවත් ඔහු කීවේය.
මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් වැඩිදුර විභාගය ජූනි 14 දක්වා කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම අදින්න පොලිසිය ඇදගෙනද හිටියෙ කියලත් මට සැකයි (නි)
මොනවා වුණත් රාජකාරී කටයුතු වලට ආපු පොලිස් නිලදාරින්ට කරදර කරන එක හරි නැහැ. ඉහලින් දෙන විධාන වලට ඒ අය එන්නේ (නි)
නිල ඇදුමින් ඉන්න පොලිස් නිලධාරීන් බලවතුන්ගෙන් ගුටිකන කාලේ ,විරෝධතා පෙළපාලියකදී නිල ඇදුමෙන් ඇද්දට එතරම් ගණන් ගත යුතු කාරණයක්ද? (නි)
අැයි පසුගිය දවස්වල නිල නොවන හමුදාව කියලා හාමුදුරුවරු පිරිසක් එකතුවෙලා පොලිස් නිලධාරියකුගේ තොප්පිය ගැලවෙන්න ගැහුවේ? ඒවාට මොකද වුණේ? (නි)
නිල ඇඳුමෙන් ඇදලා මදි ...ගලවන්නයි තිබුනේ ... (නි)
පොලිසිය කරන වැඩවල හැටියට ඕක මොකක්ද ? නිරුවත් කළේ නැහැනේ අනේ. (නි)
කොටින්ට වඳින ආරක්ෂක අංශවලට ගරහන මේ දේශද්‍රෝහින්ට රජකාලේ දඬුවම් දිය යුතුය (නි)
කවුරු කොච්චර පොලිසියට අපහාස කළත් මතක තියා ගන්න, පොලිසිය තමා අන්තිමේදී අසරණ වුණාම ඉන්නේ. (නි)
ඔන්න බලන්න බොරු නම්, මෙයාට ළඟදීම උසස්වීමක් ලැබෙනවා. (නි)
ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් ඇල්ලීමට හෝ නඩු පැවරීමට වඩා මේක තමයි වැදගත් දේ. (නි)
ජයනෙත්ති, යුනිෆෝම් එක ඇදගන්නකල් කොස්තාපල් කොහොමද ඉදලා තියෙන්නේ? (නි)
ඒ ඇත්තෝ හොරකම් කරලා කුඩු බිස්නස් කරාට කමක් නැහැ. අනේ එයාලගේ ඇඳුමෙන් අදින්න හොද නැ නේද අනේ මගේ කට.. (ස)
පී සී ගේ නිළ ඇදුමෙන් අදින එක වරදක් නම් මිනිස්සුන්ගේ ඇඳුම් වලින් පී සී කෙනෙක් අදින එක වරදක් නෙවි ද ?(නදී)
අද රටේ පොලිසිය කරන දේවල් වල හැටියට මේවත් නඩු යන කරුණුද? අපරාදේ උසාවියේ වටිනා කාලය ගැන හිතන්න තිබුනා.(ස)