එංගලන්තයේ එඬේප‍්‍රාන්තයට අයත් ක්ලැක්ටන් ඔස්සී නගර සීමාවේ පිහිටි වනාන්තර ආසන්නයේ පසුගිය ඉරිදා රැය පහන් කළ සංචාරකයින් පිරිසක් එහි ගැවසෙන ”සිංහයකු” දුටු බව කියති.
එදින සවස හා රාත‍්‍රියේ ඔවුහු එම සිංහයාගේ ඡායාරූප දෙකක්ද ගත්හ. පලාත් පොලිසියට ද ඒ පින්තුර ඉදිරිපත් කළහ. මෙම සිදුවීම සැලවීමත් සමග නගර වැසියෝ භීතියට පත්වූහ. පොලිසිය ”සිංහයා” සෙවීම සඳහා සඳුදා උදෑසනම මෙහෙයුමක් ඇරැඹීය. ආයුධ සන්නද්ධ පොලිස් බලඇණියක් සමග ස්නයිපර් තුවක්කු කරුවෝද හෙලිකොප්ටර් යානා කිහිපයක් සිංහයා සෙවීමේ මෙහෙයුමට යවනු ලැබූහ.
දිනය පුරාම සිදුකළ මෙහෙයුමේදී සිංහයෙකු හමු නොවූ බවත් එවැනි සතෙකු එම වනාන්තරයේ ගැවසුන බවට කිසිදු සලකුණක් නොමැති බවටත් එහෙත් නිවසකින් පැනවිත් වනාන්තරයේ සැරිසරන විශාල පූසෙකු හමුවූ බවත් මෙහෙයුම කළ අය පවසති. සතුන් වත්තකින් හෝ වෙනත් පෞද්ගලික ස්ථානයකින් සිංහයකු පැන ගිය බවට පැමිණිල්ලක් ලැබී නැති හෙයින් ඉහත කී සංචාරයකින් පිරිස දැක තිබෙනුයේ වනාන්තරයේ ගැවසෙන තරබාරු පූසා වීය හැකියැයි එඬේ පලාත් පොලිසිය පවසයි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමි සිංහයෙක් පුසිගේ ගෙදරටවත් පැන්නද දන්නෙ නැහැ නේද? (නි)
සුද්දන්ටත් පිස්සු වගෙයි පෙනෙන්නේ. (නි)
ලංකාවේ පොලිසිය එතෙනට ගියානම් පූසා කියයි, "මම තමයි ඒ සිංහයා" කියලා. (නි)
අපේ රටේ නම් කිරි බොන බබෙකුත් පූසෝ සිංහයෝ කරනවා. (නි)
මේ ගොල්ලො අර පූසො සිංහයො කරන ***ප්‍රෝ කිරි ජාතිය බීලද දන්නේ නැහැ හිටියෙ. (නි)
මේකේ මොකක් හරි හොරයක් තියෙනවා. (නි)
සිංහයෙක් ගමට ආවද? පූසි අම්මා කැළේට ගියාද? (නි)
අයියෝ ලැජ්ජයි (නි)
අර කිරි බීලා තමයි. (නි)
බය වුණ තරම. පවු. (නි)
අනේ අනේ දවල් අවතාරයක්වත් දැක්කද මන්දා (ස)
නගර වැසියනි, පරිස්සමින්. පහළ ඡායාරූපයේ ඉන්නේ සිංහයෙක් තමයි. දුවලා බේරියල්ලා. (නි)
මේ දෙවන පින්තුරය හදපු එකක් බව ඔප්පු වී ඇත. මේ පිළිබඳ එංගලන්ත පුවත්පත් සියල්ල වාර්තා කර තිබුණි. (නි)
එන්ගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)
සුද්දෝ, සිංහයයි පූසයි හරියට හදුනන්නේ නැතුව ඇති. (නි)
කොහෙවත් ඉන්න සිංහයෙක් ගැන හොය හොය ඉන්නෙ නැතිව අපිව කන්න බලාගෙන ඉන්න කොටි ගැන හොයලා බැලුවොත් නරකද?(නු)
පුසෙක් නෙමේනේ (දී)
ලක්ෂමන්ගේ අදහස හරියටම හරි. (ත)
උඩ රූපය පූසෙකුගේ විය හැකිය.නමුත් යට රූපය අනිවාර්යෙන් සිංහයෙකුගේය.ශරීරයේ හැඩයෙන් එය සනාථ වෙයි.(ස)
කොටියෙක් ආවොත්
ෆොටෝ එකේ ඉන්නේ නම් සිංහයෙක් නේද ??? පූසෙකුයි සිංහයෙකුයි අදුරගන්න බැරිද ? .(ස)
කොහොමද පූස් පාට් එක....(ස)
කන්ද කෙන්ද කරලා වගේ...(ස)
තාමත් කට්ටියට හරියට පූසව හොයාගන්න බැරි වෙලා වගේ...(ස)
අපේ රටේ හිටියනම් මෙලහකටත් ඌට වහ දීලා...(ස)
උඩ පින්තූරය නම් පූසෙක් කියල සැක කරන්න පුළුවනි. නමුත් යට පින්තූරය නම් පූසෙක් වෙන්න බැහැ..!.(ස)
සුදත් ඔයා කියන දේ හරි..ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙවෙනි පින්තූරෙයි...(ස)
ඉතින් අපට මොකෝ ! .(ස)
මේ පූසිගේ තාත්තා සිංහයෙක්ද මන්දා .(ස)
පූසා වඩ වඩාත් කියනවලු මම තමයි '' සිංහයා '' කියලා.... (ස)
උඩ රූපේ බල්ලෙක් යට රූපේ සිංහයෙක් වගේ‍්.....(ස)
පූසගේ තාත්තා ගැන සැකයක් තියෙනවා...(ස)
යට රූපය නම් අනිවාර්‍යයෙන්ම සිංහයෙක් තමයි...(ස)
අතීතයේ එහි වාසය කර සිංහයෙක්ගේ අවතාරයක්... (ස)
විකාර
අයියෝ සල්ලි
එංගලන්තෙ අයට පූසොයි සිංහයොයි අදුනගන්න බැහැ. කොටින්ටනන් කිරිත් පොවන්න පුලුවන්. මරු සුද්දො. (ස)