IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


පාසල් බස් රථ අනතුරකින් සිසුන් 15කට තුවාල

(පුෂ්පකුමාර ජයරත්න )
 
සිසුසැරිය බසයක් සහ ඇඟළුම් කම්හලක සේවකයින් ප්‍රවාහනය කරන බසයක් අද  (07) ⁣උදෑසන කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව පාන්ගොල්ල මංසන්ධියේදී ගැටීමෙන් වූ අනතුරකින් සිසුසිසුවියන් 15 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.
 
තුවාල ලැබූ සිසුන්ද, ඇඟළුම් කම්හල් බසයේ රියැදුරාද කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ ගොකරැල්ල දිසා රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව පැවසේ.
 
 මැල්සිරිපුර දිද්දෙනියේ සිට ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට සිසුන් ප්‍රවාහනය කරන සිසුසැරිය බසයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
 
 අනතුර සිදුවන අවස්ථාවේ එම බසයේ සිසුවියන් 80 කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කරමින් සිට ඇත. තුවාල ලැබූ සිසුන්ගෙන් වැඩි පිරිසක් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉගෙනුම ලබන දරුවන් බව ගොකරැල්ල පොලිසිය කියයි.
 
 ඉබ්බාගමුව ප්‍රදේශයේ ඇඟඵම් කම්හලක සේවක පිරිසක් ප්‍රවාහනය කර ආපසු යමින් සිටියදී ඇඟළුම් කම්හලේ බසය අනතුරට ලක්වී ඇත.
   
ඇඟළුම් කම්හලේ බසයට දැඩි හානි සිදුව ඇති අතර සිසුසැරිය බසය මාර්ගය අසළවූ කුඹුරකට පෙරළි ගොස් ඇත.
   
සිසුසැරිය බසයේ රියැදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුව බව පොලිස් පරීක්ෂණ⁣ වලදී අනාවරණය වී ඇත.
 
 සිසුසැරිය බසයේ රියැදුරා ගොකරැල්ල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.ගොකරැල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 



අදහස් (3)

පාසල් බස් රථ අනතුරකින් සිසුන් 15කට තුවාල

Raveendra Friday, 07 June 2019 06:55 AM

අපේ රටේ තමයි ලෝකේ ඉන්න හොද හොද රියදුරු " මහත්වරු" ඉන්නේ. පේනවා නේද මොනතරම් විනීත විදියට රථය ධාවනය කරලා තියෙනවා ද කියලා. අප රටේ රියදුරන් 99.9999999% කිසිදු විනයකින් තොරව වාහන පදවන බව මෙය තවත් එක උදාහරණයකි. මම විතරයි පාරේ යා යුත්තේ ... මට විතරයි මාර්ගය අයිති... මෙවන් මගමරුවන්ට නිසි දඩුවම් නොදී වංක නිලදාරීන් බඩ පුරෝවා ගැනීම මෙයට බලපානා තවත් බයානක අතුරුපලයකි.

:       137       212

chandana Friday, 07 June 2019 10:05 AM

ඉක්මන් සුවය ලැබේවා!!!

:       4       2

Indika Friday, 07 June 2019 10:09 AM

බසයේ 80ට වැඩි සිසුවියන් හිටිය නිසා රියදුරු මල්ලි නංගිලට පේන්න වැඩදාන්න ඇති! මොඩකමනේ...!!!

:       4       74

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 317 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 1517 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 1205 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 639 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 399 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 499 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site