කෑගල්ල පොල්ගහවෙල පාරේ පාසල් බස් රථයක් හා මංගල රථයක් ඒකිනෙක ගැටී බස් රථය අඩි තිහක් ප්‍රපාතයට පෙරලි ඇත සිසුන් 37 දෙනෙක් ද හෙදියක ද බසයේ හා මෝටර් රථයේ රියදුරෝ දෙදෙනා ද සුළු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මොනවා ලිවුවත් මොනවා කිවුවත් මෙය වීමට තිබුණ දෙයක් .නොවැලැකිවිය හැකිය. දෛවය අනුව මෙ බසය අහවල් දවසේ මෙම ස්ථානයෙදී අනතුරට පත්වන බව කවුරු නොදැන හිටියත් එය ලියවීතිබුණ දෙයක්. සෑම දෙයක්ම එහෙම තමයි. අපි වුනාට පසුව විසදුමි සොයනවා. නමුත් ආපදාවක් වීමට පෙර විසදුමි ලබා දීමට මනුෂ්‍යට බැරිවී තිබෙනවා. ඒ අතර මනුෂ්‍යයන්වන අප දුර්වලයි. නමුත් ඊළඟ තත්පරය ගැන කල්පණාකාරීව කටයුතු කිරීමට අපට පුලුවන. එයිට එහා දෙයක් කිරීමට නුපුලුවන.
මගුල් ගැන නෙමෙයි අර දරුවෝ ගැන බලන්න....
රියදුරැගෙද වරද? සොයා නිසි දඩුවම් දෙන්න ඕන.. නමුත් ගමේ පාසලට යනවානම් සල්ලි ටිකත් ඉතුරැයි කාලයත් ඉතුරැයි.. ගමේ පාසලත් දියුණුවෙයි.. ළමයි ටිකත් ඉතුරැ වෙයි..
වෙන්න තියෙන.දෙ. වෙනව දරුවන්ගේ ජීවිත බේරුන එක ගැන සතුටුයි රියදුරෝ පරිස්සමෙන් යන්න ඕනි
මේ අනතුරු අඩුකරගන්න, ප්‍රවාහන ඇමති තුමයි, මහාමාර්ග ඇමති තුමයි එකතුවෙලා වැඩ පිළිවෙලක් යෙදුවොත් හොදයි, අඩු තරමින් දුම්රිය දෙපාර්තු මේන්තුවේ තියන පරණ රේල් පීලි දමලා, බෑවුම් තියන තැන්වලට, ආරක්ෂක වැටවල් ටිකක් දමන්නවත් මෙයාලට නුවන පහළවෙනවා නම් .....
අයියෝ මගුල් ජෝඩුවට මොකද වුනේ ? සිසුන්ට ඉක්මන් සුව ලැබේවා.
මේ බස් එක ඇත්තටම හොද තත්වයේ තියෙන බස් එකක්. බස් එක රියදුරැ මහත්තයත් ගොඩක් පළපුරැදු කෙනෙක්.. මේ පාර ගොඩක් අබලන්.. වෙලා තියෙන ප්‍රධාන හේතුව පාර තමයි.. මේ ගැන බලධාරින්ගේ ඇස් ඇරේවා..
බ්රේක් ලය්ට් පත්තු වෙන්නේ නැතුව ඇති
මෙම අනතුරින් තුවාල ලබපු සියලු දෙනාටම ඉක්මන් සුවය පතමි..!!
ඇති දෙවියනි ජීවිත ටික බේරැණා...
මාතර කොළඹ අධිවේගී මගේ චන්ඩිකමින් ගිය චීවරධාරියාගෙ වීඩියෝව දැන් නැහැනෙ...
ඔය බසය මමත් දන්නවා.ඒක ධාවනයට නුසුදුසු එකක් නෙමෙයි.වැරැද්ද ඉංජිනේරුවන්ගේ.ඔය හෙළ තියෙන හරියේ අන්තිම කොනට එනකල් කාපට් කරලයි තියෙන්නේ.ඇත්ත දන් නැතුව කමෙන්ට්ස් දාන්න එපා.සියල්ලන්ටම ඉක්මන් සුව!
ඇතැම් කමෙන්ට් කරුවන්ට පොදු ලක්ෂණ දෙකක් හඳුනාගත හැක. 1. හැම පුවතකටම මොනවා හෝ ලිවීම. 2. තමා ගේ හිතට එන ඕනෑම බහුබූතයක් රටේම අය දැනගත යුතුයි සිතා සිටීම. එය එසේ විය යුතුද ??
නිශාන්ත හේවගේ 2012-06-14 11:08:06 "රියදුරු මහතුන් රිය පදවන විට තුන්කල් දකින නුවනින් ක්‍රියා කරන්න ඕන බව මගේ අදහසයි." ඒ කියන්නේ ඒ ගොල්ල මාර්ගඵල ලබන්න ඕන.?? දැන් කාලෙ රියදුරන්ට තුන්කල් තියා තුන්කාලෙවත් නුවණක් නෑනෙ..(3/4)
රියදුරන්ගෙ විනය හදන්න ඕන... කිසිම ගානක් නෑ පාරෙ යන මිනිස්සු ගැන.. විශේෂයෙන් බස් රියදුරන්..
සමරෙ ඔහොම යං හොද ප්‍රකාශයක්..
මේ බස්එක පහළට පෙරළිලා තියෙන්නේ මංගල කාර් එක හැප්පෙන එක බේරන්න ගිහිල්ලා.. එ‍් මොහොතේ කාර් එක මනාළ යුවල ගන්න ගිහිං තියෙන්නෙ...
වේගයෙන් යනවා කියන එක පිරිමි කමක් කියලා හිතන් ඉන්න අය නිසා දැන් පාරේ යන්නත් අමාරුයි
පොඩි අයට කරදරයක් නැද්ද අනේ? දෙයියන්ගේ පිහිටයි!
" ඔය පාර ටිකක් දුෂ්කර පාරක්.. ඒ වගේම ලස්සන පාරක්..".
මේ දවස්වල බස් වලට අපලද කොහෙද....හැමදාම බස් අනතුරු....
මනමාල ජෝඩුවට මොකද උනේ කියල දාල නැහැනෙ.. මොනවා උනත් පරිස්සමෙන් රිය පදවන එක තමයි කාට කාටත් හොද...
ළමයි සුවපත් වේවා! බස්වල රියදුරන් තමන්ගේ දරැවන් මෙහි ඉන්නේ කියලා නිතර සිතන්නවනම් මෙවැනි දේ වෙන එකක් නැහැ..
ධාවනයට නුසුදුසු බස්රථ හා නොසැලකිලි රියදුරන් පිළිබඳ රජය තීරණයක් ගත යුතුයි....
සිසිර ලංකාව කියන රට දන්නැද්ද ? නීතිය කියන්නෙ මොකද්ද ,වේග සීමා මොනවද කියලා ඉහළ ඉදන් පහළටම මේ රටේ ඉන්න ඈයො දන්නෙනෑ
මංගල ගමන අවමංගල ගමනක් නොවුණ එක ලොකු දෙයක් , ආපධාවට ලක්වූ සැමට ඉක්මන් සුවය පතමි..
අලුත් නීති අවශ්‍ය නැහැ තියෙන නීති හරියට ක්‍රියාත්මක කරන්න පුළුව්න් නම් ඒ ඇති..
අළුතින් නීති ගෙනාවෙ නැති උනාට කමක් නැහැ.. තියෙන නීති ටික හරියට පිළිපදිනවානම්..තුවාල ලැබූ සිසුන් ඉක්මන් සුව පතමි..
මංගල රථය හෝ යුවලගේ පින්තුරනැද්ද බස් එකට වැඩියේ එකට ගොඩක් හානි න වෙන්න එපාය ?බස් ඒකත් දාවනයට සුදුසු එකක් නෙමෙයි වගේ..
අපේ අර ළමයි හිටියෙ නැද්ද ඔතන.. සද්දයක්වත් නැහැ... ඉස්පිරිතාලෙද දන්නේ නෑ..
ගොඩක් වෙලාවට පාසල් ප්‍රවාහනය සදහා යොදාගන්නෙ පරණ වාහන.. අවසර දෙන්න පෙර මේවා ධාවනයට සුදුසුදැයි බැලීම අවංකවම පරීක්ෂා කිරීම නිලධාරීන්ගේ වගකීමයි...
ඔයාලට පේන්නෙ නැද්ද මේ පාර තියෙන්නෙ කැලයක.. වාහන දෙකක් මාරැවෙන්න පුළුවන්ද දන්නෙ නැහැ.. දුර ඉදල පේන කියන්නේ නැතිව ළගට ගිහිල්ල ඇත්තට දැකල කමෙන්ට් දාන්න..
පාසල් බස් වලට නීති ගේනවා කිව්ව නේද??
ළමයෙක් වෙන්න ඇති රියැදුරා
පොඩි ළමයි ප්‍රවාහනය කරනකොටවත් ටිකක් ප්‍රවේශමෙන් යන්න බැරිද?
අනතුරට මුහුණ පෑ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. රියදුරු මහතුන් රිය පදවන විට තුන්කල් දකින නුවනින් ක්‍රියා කරන්න ඕන බව මගේ අදහසයි.
සිසුන් 37 දෙනෙක් ද හෙදියක ද බසයේ හා මෝටර් රථයේ රියදුරෝ දෙදෙනා ද සුළු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ. එතකොට මංගල ජෝඩුව ???????????
ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්. 1. කඩවත සිට කොටුව (උමං දුම්රිය) 2. කොටුව සිට කොට්ටාව(උමං දුම්රිය) 3. ගල්කිස්ස සිට කොටුව (උමං දුම්රිය)
ඔය පාර ටිකක් දුෂ්කර පාරක් පරිස්සමෙන් යන්න ඕනේ
ඇතියන්තම් ඔයින් ගියා.දරුවන්ගේ ජීවිත බේරුන එක ගැන සතුටු වෙන්න ඕනි
ඔතන පාර ටිකක් පටුයි.. වාහන දෙකක් මාරැ වෙන්න අමාරැයි ඒක වෙන්න ඇති වෙලා තියෙන්නෙ..
එතකොට මංගල ජෝඩුවට මොකද උනේ කියලා කවුරුවත් දන්නේ නැද්ද ?...