රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා රත්තරන් කැබැල්ලක් සිරුරේ සඟවාගෙන දකුණු ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි අලුත්ගම රෙදි වෙළෙන්දකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සහකාර රේගු අධිකාරී ගයාන් අමරසේකර මහතාට ඇතිවූ සැකයක් මත ඔහු පරීක්ෂා කැරිණි. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී විජේවර්ධන මහතා විසින් සැකකරුට රුපියල් ලක්ෂයක දඩ නියම කර රන්කැබැල්ල රාජසන්තක කළේය. රේගු අධිකාරී ඊ ඒ ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධිකාරී ඒ බී ඉෂඩීන් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන පී ශිවපාලන්, චන්දිම කරුණාරත්න, ගයාන් සේනාරත්න, චරිතා හෙට්ටිගොඩ, ආර් ඒ ඩී ප්‍රසන්න, නුවන් බංඩාර සහ රුචිර කරුණාතිලක යන නිලධාරීහු විමර්ශන සිදු කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා කියන රත්තරං මනුස්සයෙක් (ස)
ඔය පොඩි දේ විමර්ෂණයට ඔයතරම් ලොකු කණ්ඩායමක් ඕනද ? (ස)
දැන් ඉතින් කට්ටියට රත්තරන් පෙරවගෙන යන්න වෙන්නේ නහය වහගෙන තමයි (ස)
මේ මනුස්සයාගේ පස්ස පැත්ත ගැන මට නම් හිතාගන්නවත් බැහැ. (නි)
මෙච්චර වටිනා පශ්චාත් පැත්ත ටික වේලාවකින් කිසිම වටිනාකමක් නැති එකක් වුණානේ? (නි)
මිනිස්සු පුදුම කපටියි නේද (දී)
රත්කරලා පස්ස පැත්තෙන්ම තියන්නයි තිබුණේ. (නි)