යක්කලමුල්ලේ කරාගොඩ මිනුවන්දෙණිය කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිගේ නිවසට කඩාවැදුනු මැර පිරිසකගේ පිහි පහරට ලක්වූ විදුහල්පති අනුර මහානාම එදිරිසිංහ (53) මහතා කරාපිටිය රෝහලේදී මියගියේය. ඔහුගේ වැඩිමහල් පුත් අනුෂ්ක සුජිත් එදිරිසිංහ (23) මහතා ද පිහි අණුම් කා දැඩි සත්කාර ඒකකයට ඇතුළුකරනු ලැබීය. විදුහල්පතිගේ පුතකු හා තව පිරිසක් අතර ඇතිවූ ගැටුමක් ගැන ඔහු යක්කලමුල්ල පොලීසියට පැමිණිල්ලක් ද කර තිබියදී මැරයන් ගෙදරට කඩා වැදී ඇත. දැනටමත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මියගිය විදුහල්පතිවරයා යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැර බලය ලංකාවෙන් තුරන් කල යුතුයි (දී)
අනේ අපොය් මෙහෙම රටක්, වෙලාවට රට පැනගත්තේ. ...(නු)
මියන්මරයෙත් මිනීමරද්දී ලංකාෙවි කුමනකතාද?(නු)
අප දැං ආශ්චර්යයට පැමිණ ඇත..(නු)
කණගාටු දායක පුවතක්. ඔබට නිවන් සුව (දී)
දකුණේ ඉන්නේ මිනිස්සුමද කියලා දැන්නම් සැක හිතෙනවා. (නි)
දකුණ දැන්නම් හරියට මෙක්සිකෝවක් වගේ වෙලා. (නි)
චිරාත් 2012-07-28 23:43:16 මහතාණෙනි; තිබු තැනක සොර සතුරන් ගතනොහෙනා ....... උගත මන ශිල්පයමයි මතු රැකෙනා......... මගේ උගත් ශිල්පය මට හිමි කරලා....... මගේ සියලුම සහතිකපත් ටික හොරු ගෙනිහිල්ලා........... ..... උගත් කමට, රැකියා නැත. සහතිකයට රැකියා ඇත..... මට ජීවත් වන්නට ක්‍රමයක් නැත.... අනේ මන්දා චිරාත් මහත්තයෝ පැරණි කියුම් හරිද? නුතන සමාජ ක්‍රමය හරිද? කියලා ..... දැන් සමාජය පිරිහිලා තියෙන තරම ....... (නි)
අන්න ආදර්ශමත් විදුහල්පති වරු (දී)
ඔහොම යං මාරා.. ඔහොම යං.. ලෝක විනාශ්‍ය ලංකාවෙන් පටන් අරන් වගෙයි...!!(නු)
ජීවත් වෙන්න බැරි තත්වයක් තමයි තියෙන්නේ දැන් (දී)
මේකත් දකුණෙන් . කොතනක හෝ තරුණියක මේකට සම්බන්දවෙලා නැත්නම් පුදුමයි . (දී)
පොඩි කොල්ලෝ චණ්ඩි වෙලා. ගුරුවරුන්, අම්මා තාත්තාව අදුනන්නේ නැහැ. මේ කාගේ වරදද?? (නි)
මෙවෑනි ජරා වෑඩ වෙන්න හෙතු දෙකක් ඈත. 1.හාමුදුරුවරු හා අන්‍යාගමිකයන් හදාල තියෙන්නෙ පන්සල් පල්ලි ආදි ගොඩනෑගිලි විතරයි මිනිසුන්ව නෙමෙයි . 2.දඩුවම් ප්‍රමානවත් නොවිම. එකයි මෙ ධර්මද්වීපයේ අපරාද වෙන්නේ...(ස)
අල්ලා ගත් සිවු දෙනාම එල්ලා දමා මැරයන් ලංකාවෙන් තුරන් කළ යුතුයි. (නි)
පිස්සුද ජයකොඩි, මේ සියල්ලටම හේතුව නීතිය වල් වැදුණු එකයි. (නි)
බුදුන්ගේ දේශයට මොකද වෙලා තියෙන්නේ. (අ)
සමීර මෙල්බන්, අනේ , මාවත් ඔහේට ගන්නකෝ ! මට දැන් මේ රටේ වසන එක තිත්ත වෙලා තියෙන්නේ. (නි)
අයියෝ දෙවියනේ. අනේ අපොයි. අනේ අපොයි මෙහෙමත් අපරාධ (ස)
මිනිස්සු තිරිසන් වෙලා... මරාගන්නවා ඉවරයක් නැහැ.. දැං පොඩි වරදක් වුණාම කෙළවර වෙන්නෙ මරණයකින්..!!(නු)
යුක්තිය ඉටුනතුරු බලා සිටිනවා. යළිත් මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා !!!! ඔබට ඉක්මනින් නිවන් සුව පතමු. (ස)
මේක දැං නීතියක් නැති රටක්වෙලා.. ලංකාවෙ අදුරුම යුගයට දැං යන්නෙ.. ඉතිං අපි කාටද මේවා කියන්නෙ දෙවියනේ...??(නු)
ඓල්ලුමි ගහ ලග ඓනවා එතකන් සෙල්ලමි දායි......?(නු)
ලංකාවෙ හැමෝටම තමන්ගෙ ආරක්ෂාව සළසා ගැනීමට ගිනි අවි දෙන්න වෙනවා..!!(නු)
නිර්ලජ්ජිත සමාජ ක්‍රමයක වර්තමාන ඛේදවාචකයක තරම සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගැනීමට නුවණක් නැතිකම තමමයි මෙවැනි අපරාධ වලින් රටට උගන්වන අළුත් පාඩම. (ස)
මිනිස්සු ඔය තරම් තිරිසන් වුනාම තිරිස්නුන්ට කුමක් කියන්නද ලංකාවේ නීතිය. ????????????? මිනිස්සු මිනිස්සුද ? තිරිසන්නුද නැත්නම්...????? රටකට ගිය කලක්...... ????(ස)
දැන්වත් බලධාරීන් දැඩි තීරණයක් ගතයුතු කාලය උදාවී ඇත. (ස)
අපරාධකරුවන්ට නිසි දඩුවම් දෙන්න.. ඒ උතුමන්ට නිවන් සුව ලැබේවා..!!(නු)
තිබු තැනක සොර සතුරන් ගතනොහකා ....... උගත මන ශිල්පයමයි මතු රැකෙනා......... දැන් සමාජය පිරිහෙලා තියෙන තරම .............(නු)
අනේ ඇත්තටම මේ මිනිස්සුන්ට වෙලා තියෙන දෙයක්! ඕක මිනී මරාගන්න තරම් දෙයක් ද???(නු)
මට නම් පේන්නෙ මේක නීතියෙ වැරැද්දක් නෙමෙයි, මිනිස්සුන්ගෙ සදාචාරය හා ඉවසීම පිරිහීමේ ප්‍රතිඵලයක් කියලයි. හැමදේටම් රජයට දොස් කීමට වඩා තම් තමන්ගේ පවුල්වල උදවිය දැහැමි මාර්ගයට ගැනීමට වැඩිහිටියන් වශයෙන් මීට වඩා උත්සාහ ගත යුතුයි. (නු)
මේක දැං කැලෑ නීතිය රජ කරන රටක් වෙලාද මන්දා.. ඇයි මේ එල්ලුම්ගහ ගේන්න ප්‍රමාධ කරන්නෙ..(නු)
මෙයා චණ්ඩිකම පැතුරුව කෙනෙක් කියලා තමයි ආරංචිය.. අවි ගත්තෝ අවියෙන්ම නැසෙයි..!!(නු)
අධිකරණ ඇමතිතුමනි වහාම මේ සදහා ක්‍රියාමාර්ගයක් ගන්න.. රටේ අපරාධ මේ තරම් වැඩිවන්නෙ ඇයි කියලා හොයලා බලන්න..(නු)
එල්ලුම් ගහ ක්‍රියාත්මක රකන්න මිනිසුන් මරාදමන සහ ළමා අපචාර සදහා විශේෂයෙන්ම..!!(නු)