කැනඩා ජාතික බිලි මෑක්නිලි මෙයට වසර තුනකට පෙර පාළු පාරක ගමන් ගන්නා විට නන්නාදුනන පුද්ගලයෙකුගේ පිහි ඇනුමකට ලක් විය.
විගස රොහල් ගත කල බිලිගෙ පිට පෙදෙසේ පිහි ඇනුම් පහක් ඇති බව වෛද්‍යවරුන් දුටුහ.
තුවාල පිරිසිදු කර මැහුම් දමා තුවාල සුව කෙරිණි. එහෙත් ගෙදර ගිය බිලිගේ අත ඔසවන විට දැනුණු සුළු වේදනාව මෑතක සිට ඉතා උත්සන්න විය. පෞද්ගලික වෛද්‍යවරයා බිලිගේ පිට පෙදෙස පරික්ෂා කරන විට අතට හසු වු යම් අමුතු දෙයක් නිසා බිලි විගස එක්ස් රේ පරික්ෂණයකට ලක් කළේය. පුදුමයකි සෙන්ටිමිටර් තුනකට වඩා විශාල පිහි තලයක් බිලිගේ පිට පෙදෙසේ මසට ඈලි තිබිණි. වසර තුනකට පෙර රොහල් වෛද්‍යවරුන් බිලිගේ පිටට මෑහුම් දමාතිබෙනුයේ පිහි තලය ඔහුගේ පිටේ තිබියදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම දක්ෂ දොස්තරලා පිටරට ඉන්නෙ. ලංකාවෙ වගේ නෙමෙයි (නි)
මේ සිද්දිය ලංකාවේ වුණා නම්? ඒත් රජයට බනිවී. (නි)
එහෙත් එහෙම වෙනවා නේ ඒ කියන්නේ. (නි)
කැනඩාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වේනනේ නෑ. (ස)
රංජනීට හරි දුකායි වගේ රජයට බනිනවට (නි)
ලංකවේ වෛද්‍යවරුන් ඉතාමත් දක්ෂයි .ඔවුන්ගේ පිහිටෙන් තමා අපි මේ ලෝකේ එලිය දැක්කේ .කෝටි 02 වැඩි ජනගහනයක් වෙනුවෙන් සේවය කරන්නේ ඉතාම අඩු පහසුකම් මැද.ඕනෑම රැකියාවක මෙන්ම රටක රැකියාව හරියටම නොකරන හොරුන් සිටිනවා.අපේ වෛද්‍යවරුන්ට අපි අපහාස නොකළ යුතුය.මක්නිසාදයත් අපි මොන රටේ සේවය කලත් ලංකාවේ ඉන්න අපේ අයගේ පිහිටට ඉන්නේ ඔවුන් නිසා . (අ)
ඔයා හරි ප්‍රියන්ත (නි)
ඕක මොකක්ද? පිටේනෙ. අපේ ඉන්නවා ඔලුව ඇතුලේ වෙඩි උණ්ඩ තියාගෙන කිසි කැක්කුමක් නැතුව ඉන්න අයත්. (නි)