IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පහේ සිසුන් සමඟ උද්ඝෝෂණ බෑ

පහේ ශිෂ්‍යත්වය ප‍්‍රශ්නපත‍්‍රය කලින් පිටවී යැයි පහේ සිසුන් හවුල් කරගෙන උද්ඝෝෂණ කිරීමට නොහැකිවන සේ ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය වාරණයක් නිකුත් කළාය. රහස් පොලිසිය කළ ඉල්ලීමක් අනුව නොතීසි පිට ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අද උසාවියේ පෙනී සිටියේය. ප‍්‍රශ්නපත‍්‍ර පිටවූ බවට තොරතුරු දුන් අය පිළිබඳ විස්තර ඔහු නොදුන් බව රහස් පොලිසිය කීවේය. තොරතුරු දුන් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කීවාය. ඔහු දන්නා තවත් දෙයක් ඇත්නම් හය වැනිදා අධිකරණයට දන්වන ලෙස මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය. ලංකා ගුරු සේවා සංගමයට වෙනම  වාරණයක් නිකුත් කළේ නැත. 2002 වසරේ සිට ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන මහින්ද ජයසිංහ මහතා 1992 වසරේ ඉංග්‍රීසි උප ගුරුවරයකු වශයෙන් ගුරු සේවයට එක්වී ඇති බව ද, 2009 වසරේ දී චෝදනා 12ක් යටතේ විනය පරීක්ෂණයකට යටත්ව සේවයෙන් පහකර ඇති බව ද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

පහේ සිසුන් සමඟ උද්ඝෝෂණ බෑ

අහිංසා Tuesday, 04 September 2012 03:33 PM

කට්ටිය සේරම එකතුවෙලා දුප්පත් අයට ඇති අයිති වාසිකමක් නැති කරන්න තමයි උත්සාහ කරන්නේ .(ස)

:       0       0

ලුම්බිණි Tuesday, 04 September 2012 03:33 PM

අපේ අධ්‍යාපන බලධාරීන්ට ජය වේවා! .(ස)

:       0       0

ගාල්ලේ සමන් Wednesday, 05 September 2012 05:39 AM

කුඩා දරැවන් උදඝෝෂණ වලට මුලින්ම ගෙනාවේ ජවිපෙයයි. ශිෂ්‍යත්ව හෝ මොනයම්ම විභාගයක හෝ ප්‍රශ්න පත්‍ර කලින් පිටවූවා නම් එය විභාග දෙපාර්තමේන්තුවේ වරදක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. එහෙත් සියලු බලධාරීන් කරන්නේ විභාග දෙපාර්තමේන්තුව නිවැරදි බව රටට කීමයි. 'සුද්ද කිරීමයි.' මෙහෙම ගියාම මේ අය කලින් ප්‍රශ්න පත්‍ර දීම නවත්වන එකක් නැහැ. කෙසේ වුවද පාසැල් සිසුන් උද්ඝෝෂණ වලට කැන්දාගෙන ඒම අයහපත්. උද්ඝෝෂණ කළ යුත්තේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ මාපියන්. (නි)

:       0       0

සුමිත් Tuesday, 04 September 2012 03:44 PM

කාට කියන්නද .... ලොක්කා තීන්දුව දීල ඉවරයි...(ස)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 04 September 2012 04:03 PM

කරන්න දෙයක් නැහැ. උරුමය එයාලගේ. කරුමය අපේ. (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 05 September 2012 06:48 AM

ඒත් ඉතින් ඔය ළමයි මහන්සි වෙන විදියට උද්ඝෝෂණ නොකර බැහැනේ (නි)

:       0       0

ආනන්ද Tuesday, 04 September 2012 04:16 PM

අධ්‍යාපනය හා දරුවන් තම පටු දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා කරන යන එන මං නැතිවූ දේශපාලකයින් හා සම්බන්ධ කුමන පුද්ගලයෙකුට වුවද මෙවැනි තීන්දු ලබා දිය යුතුය. එමෙන්ම පදනමක් නැති හුදු කටකතා පමනක් මත ජනතාව කුපිත කරන්නන්ට ද දඬුවම් දිය යුතුය. අධ්‍යාපනය නංවන මුවාවෙන් ජනතා සුබසාධනය බොරුවට පෙන්වමින් තම අවශ්‍යතා සඳහා සිසු ජීවිත අනාත කරන්නවුනටද අධිකරණය හෝ දඞුවම් දිය යුතුමය. .(ස)

:       0       0

සමන් Tuesday, 04 September 2012 04:19 PM

ඔබත් ඔබගේ ගුරුසංගමයත් සමග අපි සැමදා රැඳී ඉන්නවා. ඔබ ඔහොම ඉන්න. අපි අපේ දරුවන්ගේ අයිතිය වෙනුවෙන් ඔබ ගිය මග යනවා...... ඔබටත් ලංකා ගුරුසේවා සංගමයටත් ජයවේවා........(ස)

:       0       0

අනුර Tuesday, 04 September 2012 04:12 PM

බොරුවට කෑගහනවා ඔක්කොටම තරු විසිවෙන්න ,වෙලාවට ප්‍රථිඵල නිකුත් කරන්න ,මේවා ඔක්කොම කට කතා විතරයි‍. 5 හේ ළමයින්ට‍ ජය වේවා !!(ස)

:       0       0

දුම්බරසෙනෙවි Tuesday, 04 September 2012 04:56 PM

අධ්‍යාපනය සම්බන්ධ ගැටලු ඇති වෙනකොට ගුරු සංගම් පෙනී සිටින එක වැරදිද..?(නු)

:       0       0

ජනක Tuesday, 04 September 2012 04:56 PM

කොහොම උනත් පොඩි ළමයි එක්ක උත්ඝෝෂණය කරන එක වැරදියි..!!(නු)

:       0       0

සූරි Tuesday, 04 September 2012 05:06 PM

මේ ප්‍රවෘත්තිය මට පිළිගන්න අමාරුයි. (නි)

:       0       0

පුබුදු Tuesday, 04 September 2012 05:27 PM

ගුරුවරුන්ගේ වටිනාකමත් බාල්දු කරනවා ඔය වගේ මෝඩ වැඩ වලින්.ළමයින්ට ආදර්ශයක් දෙන්නෙ ඔ‍හොමද? පොඩි කාලෙම ඕවට පුරුදු කරලා ළමයින්ගෙ අනාගතේ කාලකණ්ණි නොකර ඉන්න. (ස)

:       0       0

මාලන් Tuesday, 04 September 2012 06:06 PM

ළඟදී අර දරුවෙක් දූෂණය කරන්න මහත්තයට උදව් කරපු ගුරුතුමියත් ඔය කියන ගුරු සංගමේ සාමාජිකාවක්ද? (ස)

:       0       0

රණා Wednesday, 05 September 2012 08:56 AM

ඊළග අවුරුද්දට සුදානම් වෙන්න සිසුනි. ප්‍රශ්න පත්‍රය සතියකට පෙර ඔබ අතට ලැබේවි. (නි)

:       0       0

පරාක්‍රම Tuesday, 04 September 2012 06:34 PM

අධ්‍යාපනය හා දරුවන් තම පටු දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා කරන යන එන මං නැතිවූ දේශපාලකයින් හා සම්බන්ධ කුමන පුද්ගලයෙකුට වුවද මෙවැනි තීන්දු ලබා දිය යුතුය. එමෙන්ම පදනමක් නැති හුදු කටකතා පමනක් මත ජනතාව කුපිත කරන්නන්ට ද දඬුවම් දිය යුතුය. අධ්‍යාපනය නංවන මුවාවෙන් ජනතා සුබසාධනය බොරුවට පෙන්වමින් තම අවශ්‍යතා සඳහා සිසු ජීවිත අනාත කරන්නවුනටද අධිකරණය හෝ දඞුවම් දිය යුතුමය (ස)

:       0       0

රණා Wednesday, 05 September 2012 09:50 AM

අනුර ඔයාගේ දරුවටත් පේපර් එක කලින් ලැබුනද ?? නොදන්න දේ නොකියා හිටියනම් නේද හොඳ ?(ස)

:       0       0

අහිංසා Wednesday, 05 September 2012 10:14 AM

සුළු සුළු අත්වැරදීම් නිසා ලොකු ලොකු විනාසයක් අධ්‍යාපනයට සිදුවෙලා තියෙන බව කව්රුත් පිලිගන්නවා ඇතැයි සිතමි . මහාචාර්ය වරුන්ගේ ප්‍රශ්න වලට විසදුම් දුන්නේ නැති උනාට දේශපාලකයන්ගේ පහසුකම් සහ පඩි වැඩිකිරීම් සිදුවේ . සමහර ඇමති වරුන්ට කටේ දත් ගනනට වඩා වැඩියෙන් රජයේ වාහන තිබේ..(ස)

:       0       0

සිසිර Tuesday, 04 September 2012 08:55 PM

දැන් හැම එකකටම වාරණ. අනේ මන්දා? (නි)

:       0       0

ගුණරත්න Tuesday, 04 September 2012 09:04 PM

ජනක නිවැරදියි. අනික ගුරු වෘත්තියෙන් ඉවත් කළහම ගුරු සංගමයක ඉන්නේ කොහොමද? (නි)

:       0       0

වරුණ Tuesday, 04 September 2012 03:26 PM

146 සමරණ පොලිසියට වැඩක් කරගන්න බැරිඋනාම මේක තමා තියෙන විකල්පය..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1113 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 74 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 327 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1172 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 276 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2766 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site