(අජන්ත අගලකඩ)
ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද (05 වැනිදා) රාත්රියේදී තීරණය කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව තීන්දුවක් ගැනීම ජනාධිපතිවරයා වෙත පැවරූ බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොට්ටුවට එක්වීමේ තීන්දුව ගැනීමේ බලය ජනපති වෙතට
sirimal Saturday, 05 October 2019 06:50 PM
අවාසනාවට ලංකාවේ ජනාධිපති අපේක්ෂකයන් ප්‍රතිපත්ති ගැන නොව පොරොන්දු ගැන කතා කරනවා. ඇතැම් අපේක්ෂකයන්ට ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකම් නැති නිසා ඔවුන් කරන්නේ මීට අවුරුදු 50කට පෙර තිබුණු පොරොන්දු දේශපාලනයමයි. දේශපාලනය හැර කිසිදා රැකියාවක් කර නැති ඔවුන් දන්නේ අරක්කු බෝතලේට බත් පැකට් එකට පස්සෙන් එන හෙංචයියන් පිරි ලෝකයයි. මේ නරක ඇසුරේ විෂම චක්‍රයට හසුවූවන් ඔවුන්ට තමන්ට ඕනෑම දෙයක් කළ හැකියි යන මුලාවේ ඉඳිමින් හැමදේම තමන්ගේ අණසක යටතට ගන්නට සිතයි. පසුගිය කාලයේ එක්තරා ජනාධිපති කෙනෙක් කියා සිටියේ මේසන් බාස් මිස ඉන්ජිනේරුවරුන් අනවශ්‍ය බවයි. ලෙඩ හොද වෙනවානම් දොස්තර නොව කවුරු බෙහෙත් දුන්නත් කමක් නැති බවයි. එකළ ප්‍රධාන ආරක්ෂකයාට වඩා අරක්කැමියා ආරක්ෂාව පිලිබඳ තීරණ ගත් නිසා ඔවුන්ට මහ මගදී වන්දි ගෙවන්නට සිදුවිය.
senaSunday, 06 October 2019 07:35 AM
ඔයා කියන්නේ ආර්යාවට අඩි දෙකක් පස්සෙන් ඇවිදපු මල් කුමාරයා ගැන නේද? ඒ යුගේ මතක් වෙනකොට බඩ දඟලනවා.
මිත්‍රසේනSunday, 06 October 2019 09:35 AM
ඌරගේ මාළු, ඌරගේ පිටේම තියලා කපන තීරණයක් මධ්‍යම කාරක සභාව අරන් තියෙන්නේ... දැන් ඉතින් මොනවා වුණත් පිලත් අත හෝදගත්තා වගේ කාරක සභාවට ඉන්න පුළුවන්... කලින් කිව්වේ නම් මළත් අත හෝ පුටුව පොහොට්ටුවට විකුණන්නේ නැහැ කියලා.. දැන් නිකන් දෙන්නයි යන්නේ..
දයා සිරිසේනSunday, 06 October 2019 09:50 AM
මේ දවස්වල අපේ අතේ අදහස... දෙමව්පියන් විකුණලා හරි කමක් නැහැ. වැඩක් කරගෙන සැපෙන් ඉන්න... මොනවට හේත්තු වෙලා හරි බලය ලැබෙනවා නම්..!
sandaruwanMonday, 07 October 2019 03:00 AM
විශාල වැටුප් වැඩි කලත් ආර්ථිකය කඩා වැටීම නිසා රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කිරීමට අද වනවිට දිනකට රුපියල් බිලියන 7 අවශ්‍ය වුවත් රජයට සොයා ගතහැකි වී තියෙන්නේ බිලියන 5යි . දුර්වල ආර්ථික කළමනාකරණය නිසා දවසට බිලියන 2 බැගින් ණයවී වසර 5 ට රුපියල් බිලියන 2*365*5=3650 ලෝකෙට ණයවී තියනව ( ඩොලර් බිලියන 20ක්) . මෙහෙම තවදුරත් යන්න පුලුවන්ද . මෙය දරුණු ආර්ථික ගැටළුවක්. දේශපාලන කෝණයෙන් බලන්න එපා .
vidya Saturday, 05 October 2019 09:48 PM
පොහොට්ටුව පිපෙන්නත් කලින් වැඩේ අල තමා.
Chathuri Saturday, 05 October 2019 11:03 PM
ඔබට මතක නැති වුනාට අද වාගේ මතකයි මට........ ජනාධිපති වෙන්නත් පෙර සිටම මහින්ද ඇතුළු පොහොට්ටුවෝ කියපු කරපු දේවල්. ජනාධිපති වූ පසු කරපු කෙනෙහිලි අමතකද? දැන් මහින්දගේ සහෝදරයා ජනාධිපති කරවන්න වලි කනවා. මහින්ද එදා හිතුවේ නැහැ අද මේ වාගේ තත්වයක් උදා වෙයි කියලා. කොකාට වාරයක් අවා වාගේ තිත්තයටත් වාරයක් එනවා.දැන් ඔබගේ වාරය ඇවිත් තියෙන්නේ. එද ඔබ පක්ෂය ගැන හිතල නෙමේ නේ රනිල් සමග එකතු වුනේ. දැනුත් ඒ තීරණයම ගන්න.ජනතා විමුක්ති පෙරමුණට ඔබගේ කැමැත්ත දුන්නත් පොහොට්ටුවට දෙන්න එපා. ඔබට මහින්ද එක දවසක් සතුටින් ඉන්න දුන්නේ නැහැ. එයා පොහොට්ටුව හදා ගත්තනම් එයා දැනගන්න ඕන පිපෙන හැටිත්............
YapaMonday, 07 October 2019 07:09 AM
මේ මොනවා කතා කරනවද..? ජනාධිපතිට මොළේ අමාරුවක් තියෙනවා නම් ඔයාගේ කතා ටික අහලා ආයේ එකතු වේවි..!!! එකට දීග කන්න බැරිවූ නිසානේ ආයෙත් දීගෙ කඩාගෙන ආවේ...
ranjith Saturday, 05 October 2019 11:35 PM
විහිලු සපයන දේශපාලනය.
විකල්ප චින්තන Sunday, 06 October 2019 08:26 AM
ශ්‍රීලනිප ගමනක අවසානය. මෙය මෙසේ සිදුවන බව 1980 දශකයේ රෝහණ විජේවීර සහෝදරයා පැවසුවා.
ලුම්බිණි Sunday, 06 October 2019 12:38 AM
උණු නිසා බොන්නත් බැහැ.කිරි නිසා අහක දාන්නත් බැහැ නේද? එහෙමත් නැත්නම් ගෙදර ගියොත් අඹු නසී. මඟ හිටියොත් තෝ නසී තත්වයද?
Bamunuarachchi Sunday, 06 October 2019 01:15 AM
සිරිසේන මහතා අපේ පොදු සතුරා. එජාපෙ පාක්ෂයක් හැටියටත් ප්‍රතිපත්ති හැටියටත් සිංහල ජාතියට ගැළපෙන්නේ නැති කොටසක්. එජාප නායකයින් කතා කරන්නේ මොනවාදැයි ඔවුන් නොදනී. ඊයේ කෙනෙක් කිව්වා එයා කතා කරන්නේ ශ්‍රී මුඛයෙන් කියලා. බෞද්ධයන් හැටියට අපි දන්නේ ශ්‍රී මුඛයක් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි කියලා.දේශපාලුවන්ට තිබෙන්නේ වාචාල මුඛයන්ය.ඒ නිසා කරුණාකර පොහොට්ටුවට එකතුවී එජාපය පලවා හැරීමට කටයුතු කරන්න.
ගල් බමුණා Sunday, 06 October 2019 08:20 AM
සිරිසේන ඔබගේ සතුරෙක් නම් ඇයි සහයෝගය ඉල්ලන්නේ...?
BamunuarachchiSunday, 06 October 2019 04:38 PM
දේශපාලනයේ සදාකාලික හතුරෝද සදාකාලික මිතුරෝද නැති බව අසා නැද්ද? එහෙත් ප්‍රතිපත්ති වෙනස් කර මිතුරු හෝ සතුරු වීම ගොන්කමකි. ඔහු සතුරා වන්නේ බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති පාවාදී එජාපෙට කත් ඇද්ද නිසායි. දැන් එජාපෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නැතිව නන්නත්තාර වී සිටින බව පෙනේ. එමනිසා නමින් වෙනස් වුණත් බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගෙන පොහොට්ටුවට සහයෝගය ඉල්ලන්නේ එ් නිසාය.
AmilaSunday, 06 October 2019 05:12 PM
ඕන කුණුගොඩක් ගන්නවා කියන එකනේ කියන්නේ. දැනටමත් අර අතන මෙතෙන උපවාස කරකර හිටපු කුණු ගොඩ එකතුවෙලා ඉන්නේ. අර කොළඹ පැත්තේ ඉන්න නෝනා තමයි දන්නේ... කියන හාදයත් ගත්තා නම් නියමයි.
chithranandaSunday, 06 October 2019 11:35 PM
බමුණු ඔබගේ මෝඩ අදහස් දැක්වීම පංකාදුයි. ඔබට අනුව සිරිසේන නිදහස් පක්ෂය පාවා දුන්නා නම් මහින්ද පොහොට්ටුවක් අටවාගෙන එහි සාමාජිකත්වය ලබාගැනීම ඔබගේ බමුණු මතයට අනුව පාවාදීමක් නොවන්නේද? ඔබගේ අදහස් විමසිල්ලෙන් බැලුවිට ඔබ ප්‍රතිපත්තියක් නොමැති ස්වාධීන නොමැති බයියන් දේවත්වයෙන් සලකන තවත් එක් සාම්ප්‍රදායික ඡන්දදායකයෙක් බව පැහැදිලිව පෙනේ.
Buddika Sunday, 06 October 2019 01:19 AM
හොඳයි.ඒත් තමන්ව අඩි 6ක් පොළොව යටට යවන්න තැත් කරනවා කියලා ඔබ විසින්ම කිව්වා.පරපුරක්ම එක්වී රටේ ජාතික ධනය කොල්ල කෑවා.මිනීමැරුම්,අතුරුදහන් කිරීම්,සුදු වෑන් චෝදනා තියෙන මිනිස්සුත් එක්ව යාමට පුළුවන්ද? ඒ කරන්නේ නිකන් නෙවේ. තමන්ට නගින්න දුන්නු ඉනිමගට.ඡන්දය දීලා ජනාධිපති කරවපු ජනතාවට පයින් ගැසීමක් නෙවේද? යූ.එන්.පී එක නොතිබ්බනම් මේ රටේ මෛත්‍රීපාල කියලා ජනාධිපති කෙනෙක් බිහි වෙන්නේ නෑ.ඔබ පොහොට්ටුවට කැමැත්ත දුන්නොත් එය දේශපාපාලන දිවිනසා ගැනීමක් බව ඉඳුරාම අවබෝධ කරගන්න.
ඇහැලේපොළ Sunday, 06 October 2019 05:51 AM
එදා ජනාධිපතිවරණ වේදිකාවේ කියපු පට්ට පල් බේගල් වලට රැවටූණු කාලේ ඉවරයි. අවුරුදු 5 ක් තිස්සේ මොකවත් ඔප්පු කරගන්න බැරුව නේද මහලේකම් අකිල විරාජ් කිව්වේ හරියට දේශපාලන පළිගැනීම් කරගන්න බැරි වුනා කියලා. මහ බැංකුව මංකොල්ල කාපු එකනම් ඔප්පු වුනා.සහරාන්ලා බෝම්බ ගහලා සිය ගණනක් මිනිස්සු මරනකම් ජාතික ආරක්ෂාව බිංදුවට දැම්මා. අපවත් වුණු හාමුදුරුවන්ගේ දේහය පන්සලේ ආදාහනය කරන්න නොදෙන තැනට රට ගෙනාවේ මේ යූඑන්පී නඩය තමයි. හොරාකන්න හරි රටක් ඉතුරු වෙන්න ඕනේ.ඒ නිසා අනිවාර්යයෙන්ම ගෝඨාභය ජයග්‍රහණය කළ යුතුමයි.
sumedaSunday, 06 October 2019 05:02 PM
හොඳම ආත්මාර්ථකාමී තීරණය. නැත්නම් යටට තමයි යන්න වෙන්නේ රජ පවුලේ ෙකනා පැරදුනානම්. කිව්වට තරහ වෙන්න එපා.... ගොන්නුනට ලැබෙන්නේ ගොන් නායකත්වක් පමණි. ජයවේවා...!
gunarathna Sunday, 06 October 2019 01:32 AM
දැන් මෛත්‍රී මොකද කියන්නේ මගේ තීරණය දෙනුම් දුන්නා. ඊට පස්සේ මධ්‍යම කාරක සභාව රැස් වෙලා අවසන් තීරණය ගන්න ඕනේ කියලා.ඔය මධ්‍යම කාරක සභාවේ ඉන්නේ අඟහරු ලෝකෙන් ආපු කට්ටියක්ද? නැහැනේ. ඔය වටේ ඉන්න අයම තමා.
bud Sunday, 06 October 2019 02:42 AM
කෙලෙහි ගුණ නැති මිනිසා.
ගුණපාල බදුල්ල Sunday, 06 October 2019 03:56 AM
ඔව් ඉතින් දෙවරක් ජනාධිපතිට කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී වෙන්න පුළුවන් නම් මට මොකද බැරි පොළොන්නරුවේ මන්ත්‍රී වෙලා රටට සේවය කරන්න................
rohana Sunday, 06 October 2019 04:03 AM
පොහොට්ටුව කියන්නේ ශ්‍රීලනිපයෙන් කඩාගෙන ගිය කට්ටියක් හදපු අලුත් පක්ෂයක්. එහෙම වුනාම මව් පක්ෂය එතනට යන්න තරම් පල්ලෙහාට වැටෙනවාද නැද්ද කියල තීරණය කරන්න වෙනවා. අනික රාජපක්ෂවරුන් නැතිවුනොත් පොහොට්ටුව ඉවරයි. එහෙම එකේ ඇයි අපි මේ තරම් පැරණි ශ්‍රී.ල.නි.පයට බාල්දු වෙන්න එතනට යන්නේ?
kamalSunday, 06 October 2019 04:42 AM
බාල්දු වෙලා හරි බලයට ආවොත් කාටද හොද?
YapaSunday, 06 October 2019 07:14 AM
ඔබ කියන්නේ නැත්නම් ආයෙත් යූ.එන්.පී. එකත් එක්ක දීග කන්න කියලද? මව් පක්ෂයේ කොටසක් එක්ක මේ ගමන යන එක තමයි ලේසි.. මොකද ඒ දෙකේම තියෙන්නේ එක සමාන ප්‍රතිපත්ති නිසා..
Amila Sunday, 06 October 2019 04:21 AM
බොහෝ දුරට පොහොට්ටුව සමග එකතුවේවි. යම් පිරිසක් යු.න්.පී එකට යාවී. ඊලග මහ ඡන්දෙන් පොහොට්ටුවට යන අය කෙලින්ම ගෙදර.
ගල්කටස් Sunday, 06 October 2019 05:07 AM
ඔන්න මේ පාරනම් වමට සිග්නල් දාලා දකුණට හරවන්නෙ එහෙම නැහැ. වැඩේ වෙනකම් විශ්වාස නැහැ.
ධම්ම Sunday, 06 October 2019 05:15 AM
ජනාධිපතිකම ඔබෙන් ගිලිහී ගියදාට එ.ජා.පය ඔබේ රැකවරණයට ඒවිදැයි සැක සහිතයි. එහෙත් පොහොට්ටුවේ ඉන්නා බොහෝ අය කලක් එකම මතය දැරූ ඔබේම සමකාලීනයන්ය. ඒ නිසා පොහොට්ටුව හැර ඔබට වෙනත් ගැලවීමක් නැත.
chandra Sunday, 06 October 2019 05:35 AM
රාජපක්ෂ පවුල්වාදයේ වහලෙක් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කළා.
ගුණවර්ධන Sunday, 06 October 2019 07:21 AM
රාජපක්ෂ නෙවෙයි, නිදහස් පක්ෂය නැතිකරේ වත්මන් ජනාධිපති සිරිසේන. ඔහු තමයි යූ.එන්.පී. එකත් එක්ක එකතුවෙලා පක්ෂය නැත්තටම නැති කරේ.. පෙර හිටපු කිසිම ජනාධිපති කෙනෙක් නොකරපු විදියට.. හැබැයි පස්සේ ඔහුටම තේරුණා පරස්පර ප්‍රතිපත්ති එක්ක එකට දීග කන්න බැරි බව.. මේ ඒ කසාදෙන් දික්කසාද වෙන තීරණය ගන්න වෙලාව...
amila Sunday, 06 October 2019 05:42 AM
ආපහු ඇමතිකමක් ගන්න පුළුවන් එකම පිළිසරණ පොහොට්ටුව විතරයි. ඒජාපෙ එක්ක එකතු උනොත් අලියා එක්කම ඉතිහාසෙට එකතු වෙනවා යන එන මන් නැති වෙන්නම. ඒක එතුමා දන්නවා.
Rane Sunday, 06 October 2019 06:03 AM
ඕක මොකක්ද ? අද තීරණයක් ගත්තා හෙට වෙනස් කළා.
dilal Sunday, 06 October 2019 06:40 AM
මිට වසර කීපයකට පෙර ලෝකයේ යුද කටයුතු අතින් ප්‍රමුක රටක් වන ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුණා .ඒ රටේ කිසිවෙක් එරටේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න කිවේ නැහැ. අපේ රටේ ශාක්සරතාවය 94%ක් වුවාට දේසපාලන දැනුම නම් 10%කට වඩා නැහැ.අපේ රටේ දැන් දසක ගණනාවක සිට තදින් වැස්සත් තදින් පෑව්වත් ආණ්ඩුවට ඉල්ලාඅස්වන්න කියනවා.
sarath kuru Sunday, 06 October 2019 07:52 AM
මෙදාපාර මොනවා අනුභව කරාවිද?
siri Sunday, 06 October 2019 09:46 AM
බණ්ඩාරනායක මහතා අද හිටියා නම් මොනවා හිතෙයිද? මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය නේද මේ මනුස්සයා සිදුකරමින් පවතින්නේ..?
ranjith Sunday, 06 October 2019 10:04 AM
ප්‍රතිපත්ති දේශපාලනේ දාලාගිහින් පොහොට්ටුවේ තක්කඩියන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යට වෙන්න යන්නේ ඒ ටික කරගන්නකන් තමයි පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ කරන්නේ...
BamunuarachchiSunday, 06 October 2019 04:46 PM
මට හමු වූ මිනිසුන්ගෙන් සමහරක් එජාපයට පක්ෂව කතාකරති. තවත් සමහරු පොහොට්ටුවට පක්ෂව කතාකරති. තවත් කීපදෙනෙක් ජේවීපියට පක්ෂව කතා කරති. නමුත් මේ වනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂව කතා කළ කෙනෙක් හමුවී නැත. මමත් 1956 සිට, සිරිසේන එජාපයට සම්බන්ධ වනතුරු, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකි. නමුත් දැන් ඒ මම දැක්ක ගරුකළ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික දේශපාලකයින් එම පක්ෂයේ නැත. ඉන්නේ යන එන මන් නැතිව නන්නත්තාරවූ දේශපාලුවන් රොත්තකි.
pjSunday, 06 October 2019 08:59 PM
ඔව් ඔබ කරමින් සිටිනුයේ ශ්‍රීලනිප නන්නත්තාර කරමින් සිටින අය සමඟ එකතු වී ශ්රිලනිපයටම අවුල් කිරීමට බව ඔබට ම නොවැටහීම ඔබ පළ කරන අදහස් අනුව පුදුම විය යුතු නැත.
BamunuarachchiMonday, 07 October 2019 02:27 AM
මගේ අදහස්වල පදනමක් තිබෙනවා පුලුවන්නම් ඒ පදනම කඩා දමන්න ඔබේ දේශපාලන අදහස් වලින්, මට බැනලා නොවෙයි.
Chanak los angelesMonday, 07 October 2019 10:02 PM
සාටකව පස්ස දොරෙන් අගමැති කමට රින්ගෙව්වාම යහපාලව කරේ තියාගත්තා . සාටකව පුටුවෙන් එලියට විසිවුනම කරේ තියාගත් යහපලව බිමට තල්ලු කළා .. ලැජ්ජයි
BamunuarachchiTuesday, 08 October 2019 05:56 AM
ලොස් ඇන්ජලිස්, මේ අගමැතිත් බලයට ආවේ පස්ස දොරෙන්නේ. ඉස්සෙල්ලා මුට්ටිය දාලා බැලුවා නැතිනම් කෙලින්ම ජනාධිපති වෙන්න තිබුනානේ. මේ සැරෙත් එහෙමනේ.
saman Sunday, 06 October 2019 11:01 AM
ඔබ ඔබේ නිදහස් පක්ෂය තියාගෙන බුදිය ගන්න.. ඔච්චර ඩිමාන්ඩ් කරන්න ඡන්ද පදනමක් දැන් නැහැ. පොහොට්ටුව දිනනවා.
Lebbe Sunday, 06 October 2019 11:16 AM
ඉස්සෙල්ලාම SLFP එක පාවාදුන්නේ හිටං..පොහොට්ටුවට බැනලා වැඩක් නැහැ.
Mahinda Sunday, 06 October 2019 11:40 AM
ශ්‍රීලනිප යනු 1956 විප්ලවයේත් රෙද්ද, බැනියම ඇන්ද සිංහල, උගත් මිනිහගේ පක්ෂයයි. එය බිල්ලටදී පොහොට්ටුව අටවන්න එපා
ගුණවර්ධන Sunday, 06 October 2019 11:48 AM
ආයෙත් ජරා දේශපාලනයට කඩේ යන්න පටන් අරගෙන වගෙයි. හැමදාම අපිව ඔයාලට දිරවන්නේ නෑ වගේ නේද..?
සෙනෙවිරත්න Sunday, 06 October 2019 02:18 PM
ලකුණ මාරුකරගන්න ඇප මුදල් බඳිනකන් කල් මැරුව, දැන් නිති ප්‍රශ්නයක් ලකුන මාරු කරන එක. නිකන්ම අත හෝ පුටුව පොහොට්ටුවට යට වෙනව
MAHJANAYA Sunday, 06 October 2019 04:04 PM
ගෙදර කෙනෙක්වත් මෙයාට ඡන්දය දීලා ඡන්දය නාස්ති කරගනීද?
CHANDA DAYAKAYA Sunday, 06 October 2019 04:09 PM
හොරුන්ටම තමයි කැමැත්ත.. ඉල්ලගන්න දෙයක් තියෙන්නේ ඔවුන් ළඟ විතරයි.
sirimal Sunday, 06 October 2019 07:54 PM
ගෝඨාභයගේ අනුරාධපුර මංගල රැස්වීමේදී එම වේදිකාවට ජනාධිපති සිරිසේන සහ ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා ගොඩවෙන බව ගෝඨාභයගේ සමීපතම මිතුරෙක් ප්‍රකාශකර තිබෙනවා.
gunarathnaMonday, 07 October 2019 02:37 AM
සිරිමල් ඔබේ කීම හරිනම් යුද්දේ කාලේදී වගේ මේ ට්‍රිබල[ගෝට,මහින්ද,සරත් ෆොන්සේකා } සෙට් උනොත් රට ගොඩම තමා.පාතාලෙට,කුඩුකාරයට බඩුම තමා.ගෝට අවොත් සරත් ෆොන්සේකාට ආරක්ෂාව සම්බන්දව ලොකුම තනතුර ලේබෙනවා අනිවාර්යෙන්.
අමල් Monday, 07 October 2019 02:20 AM
මෙයා ආවම පොහොට්ටුවට ඡන්ද ටිකක් විතර අඩුවේවි.
lalithm Monday, 07 October 2019 03:25 AM
මේ හැම දෙනෙක්ම එක කට්ටියක් අල්ලාගෙන තම තමන්ගේ මතය කියනවා මිස යුක්තිය හෝ රටේ දැවෙන ප්‍රශ්න ගැන කතිකාවතක් ගොඩ නගන්නේ නැහැ. බල අරගලය සහ තමතමා කැමති අපේක්ෂකයා දිනවන හැටි විතරයි කතා වෙන්නේ... අපි නිදහස ගත්ත දා ඉඳලාම දියුණුවෙන ජාතියක් කියකියා ඉන්නේ මේ වගේ මෝඩ ක්‍රියා නිසා. බලයට පත්වෙන කෙනා හත්මුතු පරම්පරාව සහ හෙන්චයියලා ගොඩදා ගන්නවා විතරයි. රටත්, අපිත් නරාවලේම තමයි.
jine Monday, 07 October 2019 06:29 AM
බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ මැතිණිය, චන්ද්‍රිකා මැතිණිය රැකගත් අපේ පක්ෂය මෙයාලා විනාශ කළා... රාජපක්ෂලා රජකරන්න යන්නේ..
BamunuarachchiThursday, 10 October 2019 10:56 AM
චන්ද්‍රිකාගෙන් තමයි පක්ෂය කඩා වැටෙන්න පටන් ගත්තේ... අපිටත් ශ්‍රී ලංකා පක්ෂය එපා වෙන්න චන්ද්‍රිකා එක හේතුවක්...
widane Monday, 07 October 2019 08:24 AM
සරමක් ඇඳගෙන රනිල් ගාවට යන්න පුලුවන්ඩ මෙයාට ?
Nevmini Asha Kumari Ahalepola Tuesday, 08 October 2019 10:30 AM
ගිය පාර ඡන්දේ තිබ්බට මෙයාට කොහෙන්ද ඡන්ද? පුත්තලම් බුරුවෙක්වත් ඡන්දය දුන්නොත් තමා. බොරුවට උඩ පනිනවා විතරයි. මෙයාට කවුද ආයෙත් ඡන්දේ දෙන්නේ ?
Chanak los angeles Tuesday, 08 October 2019 03:07 PM
මේ සිංහලයන්ගේ රටය. මේ රටේ දෙමළ මුස්ලිම් අයටද ජීවත් විය හැක. එහෙත් ඔවුන් රාජපක්ෂ පවුලට හිතවත් නම් පමණි. කොටින්ටද ජීවත් විය හැක ඒ ඔවුන් රාජපක්ෂ පවුලට හිතවත් නම් පමණි. රණවිරුවන්ටද "රණවිරු පට්ටම" රැක ගන්නට ඕන නම් රාජපක්ෂලාට හිතවත්ව ජීවත් විය යුතුය. එසේ කියන්නෙ.