(බුලත්සිංහල ලක්මි කුඩලිගම)
කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයකු නවම් පොහෝ දිනය නිවසේ කසිප්පු විකුණමින් සිටියදී කසිප්පු බෝතල් 20 ක් සමග අත් අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.
බුලත්සිංහල , ගෝවින්න,පහළ නාරගල ප්‍රදේශයේ පදිංචි මොහු කලක් බුලත්සිංහල සහ මහරගම රෝහල්වල සුළු සෙිවකයකු ලෙස කටයුතු කළ අයකු වන අතර වර්තමානයේ කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයකු ලෙස කටයුතු කරන බවද පොලිසිය කීය.
54 හැවිරිදි සැකකරු දිගු කලක් තිස්සේ නිවසේ කසිප්පු විකිණිම සිදුකර ඇති අතර අවස්ථා කීපයකදිම අත්අඩංගුවට ගෙන පෙර වැරදි රැසක් ද ඇති මොහු රාජකාරියෙන් පසු සහ නිවාඩු දිනවලදි කසිප්පු ජාවාරම සිදු කර ඇතැයි ද පොලිසිය කියයි.
නිවසේ හතර පැතත්තට ආරක්ෂක කැමරා සවිකර ඉතා සැලසුම් සහගතව සුක්ෂම ලෙස කසිප්පු විකිණිම සිදු කරගනගොස් ඇතැයි හෙළිව තිබෙි.
අලෙවියට සුදානම් කසිප්පු පැකට් නිවසේ උණු වතුර බොතල් තුළ සඟවා තබා නිවස පිටුපස විශාල බැරලයක කසිප්පු තොග පවත්වාගන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැකකරු අද (6) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතිි අතර බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දුලංජන ඒකනායක මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් වැටලිමට සහභාගිවූහ.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොදා කසිප්පු වික්ක ජාතික රෝහලේ සුළු සේවකයා මාට්ටු
Gunawardhana Sunday, 05 February 2023 02:36 PM
බොන කෙනාට පොහොය දවස කියලා වෙනසක් නැහැ... බොන්න ඕනෑ.
ලලිත් පී Sunday, 05 February 2023 03:28 PM
මෙයට පෙර අවස්ථාවලත් අත්අඩංගුවට ගත්තා නම් රජයේ සේවකයෙක් ලෙසට දෙපාර්තමේන්තු මට්ටමෙන් පරීක්ෂණයක් කලේ නැත්ද? එහෙම නොවුනේ පොලිසිය අත් අඩංගුවට ගැනීම් ඔහුගේ සේවා ස්ථානයට නොදැන්වූ නිසාද, නැත්නම් රෝහල් වල සුළුසේවක පත්කිරීම දේශපාලුවන් කරන නිසා ඔහුගේ බලයෙන් යටගැසූ නිසාද කියලා සොයන්න රජයේ සේවකයෝත් කසිප්පු පෙරීම රැකියාවක් නැති අය කළාම මොකද?
තොප්පියා Monday, 06 February 2023 02:59 AM
මනුස්සයො පෝයට තමයි කරටිය කැඩෙන්න ගහන්නෙ !
Perera Monday, 06 February 2023 12:03 PM
ඔහොම ජාවාරම් කාරයෝ ගැන තමයි, රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ බෙල්ලන මහතා කිව්වේ...!