ගාල්ලේ පේදුරුවල ලෑලි ගෙයක නිවැසියන් අළුත් අවුරුදු නැකතට චාරිත්‍ර ඉටුකැර දැල්වූ පහන එසේම තබා උණවටුනේ ඥාතීන් බැලීමට ගිය අවස්ථාවේදී ගිනි ඇවිලී මුළු ගෙයම දැවී ගියේය. අසල ගෙවල් දෙකකට හානි සිදුවිය. ගාල්ල ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොනවා කිවුවත් අන්තිමට උදව්වට ඇවිත් ඉන්නේ මුස්ලිම් සහෝදරයෙක් නේද? අපි සමගියෙන් හිටියොත් කිසිම දේකට බයවෙන්න ඕනෑ නැහැ. විදේශිය කුමන්ත්‍රන වලටත් බය වෙන්න ඕනෑ නැහැ. (නි)
බේදය නම් හොඳ නැහැ තමයි. ඒත් මීට වැඩි දේවල් තවත් වෙන්න පුළුවන්. ඒකට විසදුමක් කලින්ම බලාගෙන ඉන්න එක හොදයිනේ. ලංකාවට හුඅගක් දේවල් වුණේ නොසැලකිල්ල නිසා නෙමෙයිනේ. ඉතින් අපි ටිකක් අවබෝධ කරගන්න මේක අවස්ථාවක් කරගමු. (නි)
කුමාර්, සත්‍ය කතා කෙරීම අපට බාරදුන්න වගකීමක්. එහි සියලු ගෞරවය සහ ස්තුතිය ස්වාමින් වහන්සේ සතුයි. ඔබගේ දායකත්වයත් අගය කරනවා. (නි)
අමිල, ඔයාට ස්තුතියි සත්‍ය ප්‍රකාශ කළාට. (නි)
මම හිතන්නේ මෙතන තියෙන්නේ ආගම ජාතිය ගැන ගැටලුවක් නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ නොසැලකිල්ල.(නදී)
ඇයි මේ ජාති, කුල-මල, ආගම් භේද මේ වගේ වෙලාවකට? (නි)
දරුණුම කිල්ල නොසැළකිල්ලයි කියලා කියනවානේ (නි)
කුමාර්ලා වැනි කිසිම දර්ශනයක් නැති ආගම් අදහන අයගේ කතා වලින් ලංකා සමාජයේ ප්‍රශ්න වලට විසදුම් ලැබෙන්නේ නැත. මුතු මැණික් වැනි පෙරදිග ආගම් වල ඉගැන්වීම් බටහිර රටවල ක්‍රිස්තියානි ජනයාද තම ජීවිතයට එකතු කර ගනිමින් සිටී. මම බටහිර රටක ඉන්න නිසා හොඳට දන්නවා මෙහි සිටින තරුණ පරම්පරාව ආගමක් අදහන්නේ නැහැ. ඔවුන්ට ජන්මයෙන් උරුම පල්ලියෙන් අයින් වෙලා. නොපෙනෙන බලවේගයකට තම ආේමය පාවා දීමට ඔවුන් කැමති නැහැ. ලංකාවේ අපේ ජාතිය ආරම්භ වූ කල සිටම වාගේ පැවත එන බුදු දහම අත හැර ජාතිය ආගම පාවාදී වෙනත් ආගම් වලට හැරුන අයගේ දරුවන් අද කරන ප්‍රකාශ ගැන කණගාටුයි. (නි)
යේසුස් වහන්සේ එකම ගැලවුම්කාරයා කියලා පිළිගන්නකන් ඔහොම වෙනවා තමයි. (නි)
උමාල්, ඔහේ අපේ මුස්ලිම් සහෝදරයන් ගැන දන්නේ නැතුවවද්ද? (නි)
රසික මට ඔබගේ අදහසට කොහොම ස්තුති කරන්නද මන්දා. අදෝ මුක කතා ඇහෙන කොටම මට නින්ද යනවා.(නදී)
උමල් සහෝදරයා, මේක උගත් උලමාවරුන්ට සතියක ප්‍රශ්නයක් නොවන බවත් නව නිවසක් සතියෙන් සාදා නිමකරදීමට හැකිබවත් එසේ සිදුවුවහොත් එසේ වීමේදී දේශපාලනික මෙන්ම ජාත්‍යන්තර බලපෑම් උඩ උසිගන්වන සමහරුන් ඇති සමාජයක් තුල ඇතිවන්නා වු කැරලිකාර අතුරු බලපෑම් හේතුකොට එවැනි සුබසාදක කටයුතු වලින් දුප්පතාෙග් හිතවතා වන උලමාවරුන් දැනුදු එයින් ඈත්ව සිටින බවද අප දැනගතයුතු කරුණකි. (නි)
මෙවැනි දෙයක් මුස්ලිම් සමාජයේ සිදුවුවා නම් මෙලහටත් අසාධාරණයට ලක්වු පවුලට සහන සැපයිමට පිරිස් ඉදිරිපත් වෙලා ප්‍රශ්නය විසදලත් ඉවරයි. එයයි වෙනස. (නි)
අනේ පවු දෙවියනේ! මොනවද මේ වුණේ? (නි)
අනේ පව් පුළුවන් විදිහට උපකාර කරන්න ඒ අයට. (නදී)
දැන්වත් ඉර හඳ තාරකා නමස්කාර කරන එක නවත්තල ඒවා මවපු ජේසුස් වහන්සේට නමස්කාර කළා නම් මුළු රටටම මහා ආශිර්වාද ගලාවි. (නි)
අපි උලමාවරුන්ට කියලා ගෙයක් හදලා දෙමුද රිස්වාන්? (නි)
නැකැත් බලන්නෙ එතකොට මොනවාටද? මේ කට්ටියට නරක වෙලාවක්ද? (නි)
මේ වගේ අවුරුදු වෙලාවක මේ දුප්පත් මිනිසුන්ට දැන් ඉන්න හිටින්න තැනක් නැහැ . ඉතින් ජනාදිපතිතුමා මේ අයට පිහිටුනොත් හොදයි.(නදී)
හරිම කනගාටුයි. පුළුවන් විදියට උපකාර කරමු.(නදී)
අනේ පව්! මොනා හිතෙන්න ඇතිද? අසල් වැසියන්ගේ පිහිට තමා .දැන් කිසි කෙනෙක් ගින්නට අහු උනේ නැති එක වාසනාවක් !(නදී)
මම අද උදේ පාන්දර අයි ටී එන්, ජාතික රූපවාහිනී බැලුව අවුරුදු නැකත් දැනගන්න. ගන් කබරු රැඟුම් මදිවට සාස්තර සුමනෙලාගෙ සූරියප්පෙරුමලාගෙ අඳෝමුඛ කතා අහන්න උනා උදේ පාන්දර. අවුරුද්දම මස්ත බාල්දුයි.(නදී)
මේවා 100% ක්ම වළක්වා ගත හැකි අනතුරු. නොසැලකිල්ල තමා මීට කාරණය. සැලකිලිමත් වෙනවා නම් දරුවන් ළිංවල වැටී මිය යාම, විදුලි සැර වැදී මරණ සිදු වීම, නොසැලකිලිමත්ව වාහන ධාවනය කිරීම නිසා වන අනතුරු වලින් මියයාම ආදිය විශාල වශෙයන් අඩු කර ගත හැකියි. වළක්වා ගත හැකි අනතුරකින් අයෙක් මිය ගිය විට ඒක දේව කැමැත්ත, කරුමය, ඒයාගේ ඉරණම, ගෙනාපු ආයුෂ ඉවරයි වැනි කතා කියමින් හිත හදා ගැනීම හා ඒවා අමතක කර දැමීම අප රටවාසීන්ෙග සිරිතයි.(නදී)
දුප්පතාට තමා හැම දෙයක්ම වෙන්නේ. පව් දුප්පත් මිනිස්සු. මේ වගේ සිද්දීන් වලටත් සේනාවක් ඉදිරිපත් වෙලා උදව්වක් කලොත් හොදයි නේද ?(නදී)
දුප්පත් කම සිරිත් රැකිමට බාධාවකි. (ස)
පව් දෙවියනි මොකද මේ උනේ අසල් වැසියනි ඔහුනට උපකාර කරන්න ඔබලාට පින් .. (ස)
බලන්න අද වගේ දවසකවත් අපේ මිනිසුන්ට සැලකිල්ලකින් වැඩ කරන්න බැරි හැටි (ස)