පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය නිලධාරීන්ට කඩිනමින් සහන ලබාදීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
එම වකවානුවේ දී දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ පැමිණිලි 31,000 පමණ තම අමාත්‍යාංශයට ලැබී ඇති බව කී අමාත්‍යවරයා එයින් 23,000කට අදාළ විමර්ශන අවසන් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකිරීමෙන් පසු අදාළ පැමිණිලිකරුවන්ගේ පෞද්ගලික ලිපි ගොණු පරීක්ෂා කර බලා නිසි පියවර ගන්නා ලෙස නිර්දේශ කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය රජය සමයේ අසාධාරණයට ලක්වූවන් පිළිබඳ සොයා බලා සහන ලබාදීමේ අරමුණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇති දේශපාලන පළිගැනීම් කමිටුව ඔස්සේ මෙම විමර්ශන සිදුකර ඇති අතර එම කටයුතු සඳහා සෑම අමාත්‍යාංශයකම අතිරේක ලේකම්වරයකු වෙත පැවරූ නමුත් ඇතැම් අමාත්‍යාංශයන්හි එම කටයුතු සාර්ථකව සිදුවී නැතැයි ද ඇමතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන පලිගැනීම් වලට ලක්වෙන්නේ අත යටින් පත්වීම් ලබපු අයනේ.ඔතන උගත් නුගත් දෙවර්ගයම ඉන්න පුළුවන් දේශපාලකයට කඩේ යන..නිසි ක්‍රමවේදයකට රැකියා ලබාදෙනවනම් මේ මොකුත් නැහැනේ.(ම)
අනේ මන්ද මුළු රටම දැන් පලිගැනීමට ලක්වෙලා තියෙන්නේ. (ම)
එතකොට ඇමතිතුමා, දැනට පලීගනීමට ලක්වෙලා ඉන්න බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාට මොනවාද වෙන්නේ? එතුමා විතරයි කිසිම තනතුරක් නොමෙතිව (ඇමතිකම හෝ නියෝජ්‍ය ඇමතිකම්) දිස්ත්‍රික්කයේ පළවෙනියාවුණේ. එතුමාට හැකියාව තියනවා. (අ)
ඊළගට පලිගැනීම සදාරණය කරන්න. (අ)
"කඩිනමින්" කියන වචනය ශ්‍රී ලංකා දේශපාලනය තුළ දැන් අරුත්සුන් යෙදීමක් වෙලා (නි)
මම දන්නා ගුරු මහත්මියක් ගෙදර සිට අල්ලපු ගමේ පාසලට ගොස් රජය මාරු වුනාම දේශපාලන පලිගැනීම් කොමිටුවට ලියලා තිබුනා (හේ)
ඉසුරන්දි හරියටම හරි (නි)