(අජන්ත කුමාර අගලකඩ)
පළාත් ආණ්ඩුකාරවරු පස් දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
කොළඹ නාගරික මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් සිටි අසාද් සාලි මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා ලෙස පත් කර තිබේ.
පසුගිය දා ජනාධිපති නීතීඥවරයකු ලෙස පත් කැරුණු මෛත්‍රී ගුණරත්න මහතා දිවුරුම් දුන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා උතුරු මැද ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් අතර උතුරු මැද මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ පේෂල ජයරත්න මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතාය.
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන
මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පළාත් ආණ්ඩුකාරවරු 5ක් දිවුරුම් දෙති
nasa Friday, 04 January 2019 10:34 AM
ආණ්ඩුකාර කාඩ් පැක් එක අනයි... ඕක හෙට ආයෙත් වෙනස් වේවි.
ගල්කටස් Friday, 04 January 2019 10:35 AM
බස්නාහිරට නම් මේ පාර තනි වල් උෟරෙක් පත් කරලා හිටං ... අපිට නම් සත පහක වැඩක් නැහැ.
Mendis Friday, 04 January 2019 10:46 AM
හයියෝ රටකට ගිය කලක්... හැමදේම තමන්ගේ බලතණ්හාව උදෙසා පමණි.
රවින් Friday, 04 January 2019 12:12 PM
පිස්සුව හොඳටම තදවෙලා වගේ...
silva Friday, 04 January 2019 01:05 PM
පළාත් 9 න් 2කම මුස්ලිම් ආණ්ඩුකාරවරු... කොහොමද සිරාගෙ ජාතික හැඟීම..? අසාද් සාලි කියන්නේ වෙනම මුස්ලිම් කලාපයක් ඉල්ලපු කෙනානේ... මෛත්‍රී ගුණරත්නට දෙන්න තිබුනේ දකුණු පළාත, මොකද එයාට කාපු කුරුඳු පොලු පාර තාම මතක ඇතිනේ...
රුවන් Friday, 04 January 2019 03:02 PM
අනේ අපෝ ....රටකට ගිය කලක්... මේ අය නැතුව වෙන හොඳ මිනිස්සු නැත්ද?
senarath Friday, 04 January 2019 03:20 PM
දන්නැති ගේම හොඳට ගහනවා.. කොච්චර වෙලා සෙල්ලම් කරයිද දන්නේ නැහැ...
Buddika Friday, 04 January 2019 03:24 PM
මේ මනුස්සයා සියලුම දේ අනනවා. ඔක්කොම තමන්ගේ හෙන්චයියෝ... පේෂල එයාගේ ගෝලයෙක්. හිස්බුල්ලා පරාද වුණු කෙනෙක්.. ඒකනායක හිටපු මහඇමැති... අසාද් සාලි සහ ගුණරත්න ඡන්දයකින් බලයට එන්න බැරි කෙනෙක්. මේක අම්මගෙ අප්පගේ බූදලයක්ද?
Roshan Saturday, 05 January 2019 02:09 AM
අපේ රටේ නූගත් ඡන්ද දායකයා බුද්ධිමත් වනතාක් මේ රට හදන්න බෑ. ජාති, ආගම්, කුල භේද පැත්තකින් තියමු අසාද් සාලි කියන්නේ කව්ද ආණ්ඩුකාරවරයෙකු වන්න මොනවද තියෙන සුදුසුකම්...?
isurandi Saturday, 05 January 2019 05:40 AM
දැන් ඉතින් තනතුරු බෙදබෙදා ඉඳීවි ඊළඟ මැතිවරණයක් එනකම්ම...
jayanaath Saturday, 05 January 2019 05:03 PM
මොකටද මේ සතපහකට වැඩකට නැති පින්පඩි දීමනා උලාකන ආණ්ඩුකාරයෝ,මහා ඇමතියෝ ..? සුද්දා එක ආණ්ඩුකරයෙකුගෙන් මේ කුඩා දිවයින පාලනය කලේ... තක්කඩි දේශපාලකයන්ගේ සන්හරයම ජාතික තලයට ඒමට පාර කපන කාලකන්නි පළාත් සභා හෙළාදකිමු. වර්ජනය කරමු.