දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ නොමේරූ ළදරු ඒකකය අද දෙවැනිවරටත් විවෘත කිරීමට ආ පළාත් සෞඛ්‍ය ඇමති සුනිල් කේ අමරතුංග මහතා රෝහල ඇතුලේ සිටියදී ඔහුගේ වාහනයට කුණු බිත්තර හා කුණු බාල්දි ප්‍රහාරයක් එල්ල විය.
එම වාහනය පුරාම කුණු බිත්තර හා කසල ඇඳී සිටිය නිසා ඇමති වෙනත් රියකින් ගියේය.
විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන වෛද්‍යවරයා හැර සෙසු වෛද්‍යවරු ද බෝහෝ සේවකයෝ ද නොපැමිණිය හ. මීට දෙමාසයකට පෙර මෙම ඒකකය විවෘත කැරිණි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තර විතරද තිබ්බේ (දී)
ගින්නක් නැතිව දුමක් නගිවිද (දී)
වරදක් නැතිනම් මෙහෙම වෙයිද (දී)
නියමයි. නියම වැඩේ (දී)
ජනතා ප්‍රසාදය දිනා ගත්ත කෙනෙක්
ඇති ඔයින් ගියා (දී)
ජනතා සේවය කරන තරම තමයි (දී)
නරක ආදර්ශයක් . (දී)
කාලෙකට පස්සේ ආසාවෙන් කියවන්න නියම ප්‍රවෘත්තියක් ලැබුණා. අන්න කොන්ද ඇති මිනිස්සු. (දී)
ඕක කරන්න කල වරද මොකද්ද (දී)
කළගුණ සැලකීම (දී)
හූ හූ හූ... (නි)
කුරහං ඉස්සාම නෙලාගන්න වෙන්නෙත් කුරහංම තමයි..!(නු)
දඹුල්ලේ වීර ජනතාවට ජය වේවා...!.(ස)
මෙය කරපු අයට මගේ ප්‍රනාමය...(ස)...
මුත්‍රා වලින් නාලත් ඔය යසට ඉන්නේ......කුණු බිත්තර මොනාද. (දී)
ඔය වැඩේ කරන්න ඇත්තේ ආරක්ෂකයොමද දන්නෙ නැහැ..!(නු)
දැන් දැන් දේශපාලඥයන්ට එරෙහිව මිනිස්සු වීදි බහින්න කාලය ඇවිත් වගේ .(ස)
අපරාදේ මේවට වියදම් කරන ජනතාවගේ මුදල්, මොනවද මේ වැඩ? එකම ලංකාව ඇතුලේ දොස්තර මහත්වරු පොළවල් ගානේ ගිහින් සල්ලි හොයනවා රෝහල හදන්න, මෙහේ දෙපාරක් එකම රෝහල විවෘත කරනවා.ඇත්තටම මේවා බලන්න කෙනෙක් නැද්ද? හරිනම් මෙයා කරන්න තිබුනේ මේ සල්ලි ටික 'නිකවැරටියට' දෙන එක නොවේද? බිත්තරත් අපරාදේ, මේකට ගිය සල්ලිත් අපරාදේ.දැන්වත් මේ තේරුමක් නැති වැඩ නවත්වන්න. .(ස)
ජනතා ප්‍රතිචාර (දී)
හොඳ කම තමයි ඉතින් .(ස)
කාලෙකට පස්සේ ආසාවෙන් කියවන්න නියම ප්‍රවෘත්තියක් ලැබුණා .(ස)
අන්න කොන්ද ඇති මිනිස්සු. ලස්සන ප්‍රවෘත්තියක්..(ස)
බිත්තර ගහන්න තිබුණේ වාහනයට නෙවෙයි .(ස)
කළකම් පලදේ (දී)
පාර්ලිමේන්තු සහ පලත්සභා මන්ත්‍රී වරුන් නාම යෝජනා බාරගනීමදී අධ්‍යාපන සුදුසුකමක් අනවශ්‍ය නිසා මේ නුගත් කට්ටිය නිසා උගත් අයටත් හරි තැනක් අපේ රටේ නැහැ...(ස)
ජනතා කැපවීමක තරම (දී)
ඕව කලාට වැඩක් නැහැ අපේ දේශපාලකයින්ට ලජ්ජා නැහැ (දී)
මෙයාට වෙන වැඩක් නැද්ද දෙපාරක්ම ඕක විවෘත්ත කරේ..කුණු බිත්තර ගහලා මදි.....(ස)
බිත්තර වලටත් නින්දාවක්..(ස)
පිස්සුවටත් ලිමිට් එකක් තියෙනවලු. එත් මේ අයට පිස්සුවෙ ප්‍රමාණයක් නැහැ. මම කියන්නේ මෙතන තව දෙතුන් සැරයක්වත් විවෘත කරලයි නවත්තන්නේ.(ස)
ඕවා ඔහොම තමයි....(ස)
අපරාදේ බිත්තර ගණන් කාලේ ? .(ස)