IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පළාත් පාලන බලය කොමසාරිස්වරුන්ට

(අජන්ත කුමාර අගලකඩ)

පළාත් පාලන මැතිවරණය ලබන මස 19 වැනිදාට පෙර පැවැත්වීමට නොහැකි වන බැවින් ,පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වසරකින් කල් දමා ඇති පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 19 වැනිදායින් අවසන් වන අතර,ඒ සදහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ලබන මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ .

එසේ වුවද රජයෙන් අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන්,මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බැවින්,පළාත් පාලන ආයතන වල නිල කාලය මාර්තු මස 19වැනිදායින් අවසන් වනු ඇත

මහ නගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන් යටතට ද, නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය නාගරික ලේකම්වරුන් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතට ද,පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ

 



අදහස් (18)

පළාත් පාලන බලය කොමසාරිස්වරුන්ට

Sanath Kandy Saturday, 18 February 2023 05:17 PM

2018 අධිකරණ තීන්දුව අනුව රාජ්‍ය නිලධාරීන්ට මහජන නියෝජිතයින්ගේ වගකීම් දැරිය නොහැක​. අනිවාර්‍යයෙන් නව නියෝජිතයින් 19 ට පෙර පත්විය යුතුයි..

:       1       5

AB Saturday, 18 February 2023 09:16 PM

පළාත් පාලන මැතිවරණය පවත්වා පත්වන 8000 ක් පමණ අලුතින් පත්වන මන්ත්‍රීවරුන්ට වැටුප් සඳහා පමණක් මසකට මිලියන 200,000,00 සහ කාර්යාල පහසුකම්, වෙනත් දීමනා ගෙවීමට මුදල් ලබාගන්නා ආකාරය විපක්ෂයේ ආර්ථිකය සම්බන්ධ විද්වතුන් පැහැදිලි කරන්න. මෙය රටේ පුරවැසියන් දැනගත යුතුම දේශපාලකයින් මගහරිමින්/ පිළිතුරු ලබනොදෙනා ප්‍රශ්නයකි...

:       8       5

පිටරැටියා Sunday, 19 February 2023 08:47 PM

ඔබේ කතාව හරි... අනවශ්‍ය වියදමක් මිස හරිහමන් වැඩක් සිද්ද වෙන්නේ නැහැ... නාස්තිය සහ දූෂණ නම් නියමෙට. කෙරෙනවා. ලෝකයේ දියුණු රටවල් දිහා බැලුවාම වෙනස පැහැදිලියි.

:       2       4

හේරත් Monday, 20 February 2023 06:35 AM

වැඩේ හොඳයි හැබැයි චේතනාව හොඳ නැහැ . හැකි කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර හා වරප්‍රසාද වලටත් විරුද්ධව නඩුවක් දාන්න

:       0       4

Channa Saturday, 18 February 2023 09:56 PM

කොහොමද ටිකිරි මොලේ? ඔහොම යමු. ඔහොම යමු...!

:       0       7

Kumara Saturday, 18 February 2023 11:37 PM

පළාත් පාලන බලය කලිසමාටයි, මයිනටයි, කපුටටයි දුන්නා නම් හරි...

:       2       9

Bamunuarachchi Sunday, 19 February 2023 07:27 AM

නියමයි. පරිපාලන සේවයේ නිලධාරීන්ට, කොමසාරිස්වරුන්ට බලය දී පළාත් පාලන ක්‍රමය දේශපාලන පක්ෂවලට දීම නවතා දමන්න...

:       6       11

Rohana Sunday, 19 February 2023 08:12 AM

මුදල් ප්‍රතිපාදන නෑ කියන්නේ බොරු... ඡන්දය තිබ්බොත් ජනමතය අලි පොහොට්ටුවට අවාසි නිසා කොතැනකින් හරි හිරකරනවා ඡන්දය වළක්වන්න. ඡන්දය අලි පොහොට්ටුවට වාසිනම් ඔය ප්‍රශ්න මොකුත් නෑ. තියෙන ඡන්ද ඔක්කෝම තියලයි කයිවාරු ගහන්නේ...! 

:       4       14

Akila Sunday, 19 February 2023 08:39 AM

අයවැයෙන් මැතිවරණයට වෙන් කරපු මුදල් දැන් නැහැ කියනවා නම් හොර ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි...!

:       3       14

fairoos Sunday, 19 February 2023 12:48 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව මුල ඉඳලාම ඕක තමයි ප්ලෑන් කළේ...!

:       5       20

BamunuarachchiMonday, 20 February 2023 07:33 PM

ඊළඟ ප්ලෑන් එක කාලකන්නි හම්බයින් එළවන එක...

:       3       2

Sanjeewa Sunday, 19 February 2023 01:07 PM

පොලීසියටත් කන්න බොන්න නැති අහේනිය ගහලා...!

:       2       16

Samadhi Sunday, 19 February 2023 01:07 PM

ගෙදර යන්න රෙඩි වෙන්න රනිල්...

:       6       18

sumanasiri Sunday, 19 February 2023 03:41 PM

සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම තව එක සහකාර ප්‍රාදේශීය ලේකම් වරයෙක් අනුයුක්ත කළොත් මේ ප්‍රාදේශීය සභා මගුලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය වැඩටික අර නිලධාරියා සහ ප්‍රාදේශීය සභාවල සිටින සේවකයින් මගින් අපූරුවට කළහැකියි. ඔතැනින් වෙන්නේ ගමේ ඉන්න චණ්ඩිටිකට ගරු මන්ත්‍රී තුමන්ලා බවට පත්කිරීමයි වරිපනම් බදු සල්ලි ටිකෙන් 90% මොවුන් නඩත්තුවට වැයකිරීම පමණයි .

:       5       20

ලංකාපුත්‍ර Sunday, 19 February 2023 06:12 PM

මෙම අදහස ඉතාමත් නිවැරදියි කියලා කියන්න පුළුවන්... මොකද මමත් මහනගර සභාවල වැඩකළ නිසා කියන්නේ... අතීතයේ දිසාපතිවරුන්ට සම්පූර්ණයෙන්ම බලතල තිබුණු කාලයේ ඔවුන් තමයි ජනතාව පාලනය සඳහා ගැනීමට පළාත් පාලන ආයතන ඇතිකළේ... ඇත්තටම ඔය ආයතන විසින් කරන සංවර්ධන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවලින් කරන්න පුළුවන්... අමතරව අවශ්‍ය වන්නේ තවත් සහකාර ප්‍රාදේශීය ලේකම් කෙනෙක් පමණයි. ජනාධිපති ප්‍රේමදාස, උප දිසාපතිතුමන්ලා ප්‍රාදේශීය ලේකම් කළේත් එම කටයුත්ත සඳහා තමයි. ප්‍රදේශයේ වරිපනම් මුදල් අයකිරීම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පැවරීම කරන්න ඕන සනීපාරක්ෂක කටයුතු එම්.ඕ.එච් එකට දෙන්න ඕනෑ (ප්‍රේමදාස ජනාධිපතිවරයා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එම්.ඕ.එච් එකක් පිහිටෙව්වෙත් ඒ සඳහාම තමයි) මෙම ක්‍රමය ඇතිවුණොත් කිසිම සේවයක් නොකරන ලක්ෂ ගණනක් සේවකයින් සඳහා ජනතා මුදලින් වැටුප් ගෙවීමක් අවශ්‍ය වන්නේත් නැහැ... ප්‍රාදේශීය ලේකම්ට වුණත් කොන්ත්‍රාත් පදනම යටතේ පිරිසිදු කිරීම් කරවන්න පුළුවන්... නුවණැත්තෝ සිටී නම් සිතත්වා... නැත්නම් ඩිස්ලයික් දමත්වා)

:       1       13

jayarathna Sunday, 19 February 2023 05:11 PM

සුමනසිරි මහතාගේ කතාව හරි... දැනටමත් පිං පඩි ගෙවනවා... අති විශාල මුදලක් ඔවුන්ට...!

:       1       12

Jayantha Monday, 20 February 2023 05:03 PM

කොමසාරිස්වරුන් වශයෙන් පත්කරන අයව තෝරාගන්නේ කවුරුන් විසින්ද? එය කරනු ලබන්නේ ජනතාව විසින් ප්‍රතිකේෂ්ප කරමින් ඇති..., නමුත් ව්‍යවස්ථාව භාවිතා කරමින් බලයේ රැඳී සිටින, රනිල් ඇතුලු පීඩාකාරී පාලකයින් විසින් නම් සහ ඔවුන්ගේ ගැත්තන් කොමසාරිස්වරුන් හැටියට පත් කරන්නේ නම්, ජනතාවගේ අපේක්ෂාවන් ඔවුන්ගෙන් ඉටුවේවිය කියා හිතන්න අමාරුයි....

:       1       1

සුනිලානන්දTuesday, 21 February 2023 05:46 PM

ලිපියක් හරියට කියවාගන්න බැරිද ඩාලිං ..ඔහෙත් හරියට බැන්ද දවසෙ කන අත්සන තබා රේස් පත්තරේ කියවා තුන්ඩු ලියපු ගොබිලෙක් වගෙයි කියලා කියන්න පුළුවන් .මෙම ස්ථානවල දැනට සිටින ලේකම්ලා තමයි කොමසාරිස් වෙන්නෙ. ඔවුන් රජයේ නිළධාරින් කියන්න පුළුවන්. කලාතුරකින් ආණ්ඩුකාරවර ඔහුගේ වේලි වේලී සිටින රස්තියාදු කාරයෙක් පත්කරන්න ඉඩකුත් නැත්තේම නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 979 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 431 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 621 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1546 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 903 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 5098 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 600 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site