ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන අද (12 වැනිදා) පස්වරුවේ තරග අත්හැර දමන විට ලකුණු 268 ක ජයග‍්‍රාහි ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ පිල එක කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා සිටියේය.
බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 135 කදී කඩුලූ 4 ක් දැවී 570 සහ දෙවැනි ඉනිම ඕවර 83 කදී කඩුලූ 4 ට 335 (තිලකරත්න ඩිල්ෂාන් 126, කුමාර් සංගක්කාර 105, කිත්රුවන් විතානගේ 59, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 38, මහ්මුදුල්ලා 70/3)
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 196 කදී සියලූ දෙනා දැවී 638 (මොහෙම්ඞ් අෂ්රාෆුල් 190, මොමිනුල් හක් 55, මුෂ්ෆිකුර් රහීම් 200, නසීර් හොසේන් 100, නුවන් කුලසේකර 94/2, ශාමින්ද එරංග 122/2, රංගන හේරත් 161/2, අජන්ත මෙන්ඩිස් 152/2, තිලකරත්න ඩිල්ෂාන් 75/2* සහ දෙවැනි ඉනිම ඕවර 22 කදී කඩුලූ 1 ට 70 (ජහුරුල් ස්ලාම් නොදැවී 41, මොහොමඞ් අෂ්රාෆුල් නොදැවී 22)
ඡයාරූප - ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් පහක්ම තරග නැරඹුවොත් ගෙදර මිනිස්සුන්ට බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ. (නි)
තරඟයේ වීරයා සංගාට දෙන්න තිබුනේ, පොඩ්ඩක් හොඳට කල්පනා කර බලන්න. (නි)
ඊලග එක අපි දිනනවා (දී)
කණ්ඩායම් දෙකම එකවගේ (දී)
පවු අනේ! අපේ ජාතික වීර කොල්ලෝ ටික (නි)
අපේ කට්ටිය දිනනවා ඊලග එක (දී)
බංගලියන්ගෙනුත් අපි කන්න ඉතාමත්ම ආසන්නයි. ජය වේවා! (නි)