ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්‍ෂ පන්දු යැවිම නිසා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (1) හම්බන්තොට, සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ ආරම්භවු තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 37 ජය අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර ඔහුගේ එම තිරණයට අභියෝග කරමින් පාකිස්තාන පන්දු යවන්නන් දැඩි පිඩනයක් ශ්‍රී ලංකා පිලට එල්ල කිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබා ගැනීමට හැකී වුයේ ලකුණු 132 ක් පමණි.පිළිතුරු ඉනිම ක‍්‍රීඩාකර පාකිස්තාන පිලට ඕවර 17.4 අවසානයෙදී සියලූ දෙනා දැවී ලබා ගැනිමට හැකී වුයේ ලකුණු 95 පමණි.
ශ්‍රී ලංකා පිලට ලකුණු අවශ්‍යම මොහෝතේ ක‍්‍රීයාත්මක වෙමින් තිසර පෙරේරා පන්දු 16 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 32 ලබා ගත්තේය. ඔහුට අනගී සහයක් දුන් ළහිරු තිරිමාන්න හතරේ පහර 5 ක් සමගින් ලකුණු 30 ක් ලබා ගැනිමට සමත් විය.
පාකිස්තාන පිලේ අහමඞ් ශෂාඞ් හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 36 න් රැස් කළ අතර වෙනත් කිසිදු පිතිකරුවකුට සර්ථක විමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ නොතැබුහ.
විස්සයි-20 තරගාවලියේ දෙවනි තරගය ලබන ඉරිදා පැවැත් විමට නියමිතය.
ශ්‍රී ලංකා පිල ඕවර 20 කඩුලූ 7 දැවී 132 ( කුමාර් සංගක්කාර 19, ළහිරු තිරිමාන්න 30, තිසර පෙරේරා 32, සොහේල් තන්වීර් 12/3, සයීඞ් අජ්මාල් 20/2)
පාකිස්තාන පිල ඕවර 17. 4 කදී සියලූ දෙනා දැවී 95 ( අහමඞ් ශෂාඞ් 36, උමාර් අක්මල් 12, නුවන් කුලසේකර 13/2, ලසිත් මාලිංග 12/2, ඇන්ජලෝ මැතිව්ස් 8/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සුභ දිණුමක්
ශ්රී ලංකා කණ්ඩායමට සුභ පැතුම්
නියමයි මෙන්න ක්‍රිකට්...
ඊයේ තරගයට වඩා මම නම් බැලුවේ වෙළද දැන්වීම් තමයි... මෙය වෙනස් විය යුතුයි.
ජය වේවා !
නියම මැච් එක.
මම සුභ පතනවා...
මම සුභ පතනවා..
අනෙත් තරගත් මේ වගේ දිනන්න..
කිසි වැඩක් නෑ. කවුරුවත් හරියට ගැහුවේ නෑ....
ඔහොම යං ඔහොම යං
නියමයි..
නිව්ස් මාර ඉක්මනට එනවා නේ එල එල
ඔය ගමන්ම අනිත් ඒවත් දිනමු..
ඔය ගමන්ම අනිත් ඒවත් දිනමු..
ශ්රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු රැකීම නිසයි තරඟය දිනුවේ.තිසර පෙරේරා නියමයි..
මගෙන් සුභ පැතුම්.
අනේ වාසනාවන් ,විශ්වාස කරන්න පුඵවන් ළමයිනේ ..ඔහොම යන්....
ලංකාවෙ තණතීරු සකස් කිරීම අන්තිමයි ඉදිරි ලෝක කුසලානයේදීත් නියමිත ප‍්‍රමිතියට තණතීරු සකස් නොකලහොත් ලංකාව දැඩි දෝෂ දර්ශණයකට ලක්වේවි අවම වශයෙන් ලකුණු 150 ක් වත් ලබා ගත හැකි තණතීරු සකස් කල යුතුය
නියමයි ආ.................
හිප් හිප් හුරේ.....
නියමයි කාලෙකට පස්සේ කට්ටියම නියමෙට සෙල්ලම් කරා...
පලමු 20/20 තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම්!
සුභ පැතුම් !!!!!!!