කොළඹ හොකී සංගමය සංවිධානය කළ කොළඹ දිස්ත‍්‍රික් ආරාධිත ක‍්‍රීඩා සමාජයීය පිළිමළුන් පිටුදැකීමේ හොකී තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. තරගාවලිය පසුගියදා කොළඹ මැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර පැවැති අවසන් මහා තරගයේදී නාවික හමුදා පිල ගෝල 4-0 ක පහසු ජයක් ලැබීය. පළමු අර්ධයේදීම ගෝල 2-0 කින් පෙරමුණ ගත් නාවික හමුදා පිලේ බුද්ධිකා ගුණරත්න ගෝල ත‍්‍රිත්වයක් ලබා ගැනීමට සමත්වුවාය. මධුෂානී ජයනෙත්ති ගෝලයක් ලබා ගත්තාය.
කොළඹ හොකී සංගමය මෙහෙයවු ලීග් තරගාවලියේ කාන්තා ශූරතාව නාවික හමුදාව දිනා ගත්තේය. එම්.ඒ.එම්. අෂ්රොෆ් මහතා නාවික හමුදා කාන්තා හොකී පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd