(උපාලි ආනන්ද)
කොබෙයිගනේ පොලිස් අත් අඩංගුවේ   සිටියදී තරුණයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බන්ධනාගර ගත කර සිටි  පොලිස් සැරයන්වරයා  සහ සිවිල් සැකකරුවන් හය  දෙනා  12 දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන ලෙස  නිකවැරටිය මහේස්ත‍්‍රාත්  දිනිති නිසංසලා ජයසේන  මෙනවිය  නියෝග කළාය.

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටියදී  මිය ගිය බව කියන තරුණායාට යම් කිසි පිරිසක් පහර දෙන අයුරු දැක්වෙන දර්ශන රූ ගතව ඇති බවට සැක කෙරෙන සීසීටීවී දර්ශනවලට අදාළ ඞී වී ආර් යන්ත‍්‍රය රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරික්ෂක වාර්තාව   අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරිය මෙම සිද්ධිය එළැඹෙන 12 දින  අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරනු ලැබුවාය.