බැංකුවන් රුපියල් හැට ලක්ෂයක ණය මුදලක් ගැනීමට උදව් කරන්නැයි කියා බලපිටියේ පුද්ගලයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ කාර්යාලය ඉදිරිපිට උස පොල් ගසකට නැග සිටී. ඔහුගේ බිරියද ගස මුල සිටී. මීට පෙර මෙම පුද්ගලයා හික්කඩුවේදී පොල්ගසකට නැගී මෙවැනිම ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහස නම් තමන්ගේ පෟද්ගලික අවශ්‍යතාවයන් සපුරාගැනීමට මෙවැනි දේවල් කරන්නේ ලංකාවේ පමනයි කියා.. නිසි අධ්‍යාපනයක් නොමැති කමේ තවත් ප්‍රතිඵලයක්.(නදී)
ජීවන් අපට නගින්න තියෙන්නේ රට ඉඳි ගහෙ තමයි. බැස්සට පස්සේ අවරුදු කීයකින් ලංකාවට එන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. (ස)
උස ගස් කපාදෑමීමෙන් මෙම ගෑටලුවට විසදුම් සොයාගත හෑකියි.(ස)
මේ අර ශිරාණි නෝනට විරුද්ධව උද්ඝෝෂණ කරපු උදවිය පෙන්නපු නාඩගමනේ. දැන් ඔක්කොමලා ඒක අනුගමනය කරනවා.(නදී)
මම නම් ගස් නගින්න දන්නෙ නැහැ. ඒත් අපිට තියෙන දුප්පත්කම නිසා අද සෞදි රටේ දුක් විදිනවා. ඇයි මෙයාලට බැරිද අත පය හොල්ලලා වැඩක් කරලා තියෙන ණය බර ගෙවන්න. (නි)
පොල් ගහ කපන්න ලැහැස්ති වෙන්න නිකම්ම බහීවි.(නදී)
ගස මුල ඉන්න බිරිඳට එලොව පොල් පේනවා ඇති නේද? (නි)
එලොව පොල් කඩන්නද දන්නෙ නැහැ ගහට නැග්ගේ..(ස)
නෝනා බිම ඉන්නේ පොල් කැඩුවොත් අහුලගන්න වෙන්න ඇති. (නි)
ඇයි මිනිස්සු මෙච්චිර මෝඩ.(නදී)
වහාම මේ පුද්ගලයා මානසික රෝහලකට යවන්න. බිරින්දෑ ගැනත් එම දෙයම කලයුතු වගෙයි.(ස)
ඉල්ලීම් ඉටුකරගන්න දැන් දැන් සේරම අය කරන්නේ ගස් නැගීම හා වහලයට නැගීමයි.(නදී)
දැන් අලුත්ම කලාව තමයි ගස් නැගීමේ කලාව. මම හිතන්නේ ණය ඉල්ලන්නේ පොල්වත්තක් ගන්න වෙන්න ඇති. (ස)
රටේ දියුණුව පේනවා. මන්ත්‍රීතුමනි මෙයාගේ ඡන්දය එපා කියන්ඩ.(නදී)
දැන් පොල් වල ගණන් හැටියට පොල් කැඩුවනම් ඔය මුදල හොයාගන්න පුළුවන් බැංකු වලට ණය නොවී (ස)
මිහින් ලංකා වලිනුත් සෑහෙන පාඩුවක් වුණා. බලමුකෝ අපි මොනවා හරි කරන්න. ඔක්කොටම ඉස්සෙල්ල ගිහින් බහින්නකෝ. මොකද නැත්නම් මම එක දුරකථන ඇමතුමෙන් ගේනවා ඔයාව මේ ගහටම තියලා බඳින්න පුළුවන් කෙනෙක්.(නදී)
ආස්චර්යයේ පෙර නිමිති.(නදී)
දැන් ඉතින් පොල් ගස් නගින මිනිස්සුන්ට පාඩුව.(ස)
පොල් ගස් නැග්ගට බැංකු ණය දෙන්නේ කොහොමද? තමන්ට ණය ආපසු ගෙවීමේ හැකියාවක් ඔප්පු කරන්න ඕන නේද?(ස)