බැංකු ගිණුම් වලින් දත්ත සොරා ගැනීමට සහ දත්ත ඇතුළත් කිරීමට හැකි උපකරණයක්, පරිපථයක්, ලැප්ටොප් පරිගණකයක් සහ ණය කාඩිපත් සැකැසීමට ගන්නා හිස් මැග්නටි කාඩි 110 ක් රැගෙන ආ ඉන්දියා සහ ශ‍්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙක් ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය කාර්‍යංශය නිලධාරීන් විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය.
වවිනියාවේ නෙල්ලිකුලමිහි පදිංචි 26 හැවිරිදි පරිගණක ඩිප්ලෝමාධාරීයා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණියේය.
මොහු පසුගිය 02 වෙනිදා ඉන්දියාවට ගොස් ඇති බවත් එහිදී මෙම උපකරණ කිසියමි පුද්ගයෙකුගෙන් ලබා ගෙන වවිනියාවේ පුද්ගලයෙකුට දීම සඳහා ආ බවත් කියති. සැකකරු හා උපකරණ රහස් පොලිසියට බාරදී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහුනොවුණු ඒවා කීයක් තියෙනවද කියලා කවුද දන්නේ? (නි)
ඒකටත් හොද යතුරක් හදුවනම් ප්‍රශ්ණය ඉවරයි.. නැවත ඇරියොත් තවත් එකක් හදනවා. ඔය කොහොම උනත් පරිගණකයට තවත් උපාංගයක් හදලා විකුණා ගනියි.. මොල කාරයෝනේ..!(නු)
මේ වගේ අයගේ මොලෙන් තවත් මේ වගේ හොරෙන් කරන වැඩ ගැන දැනගත යුතුයි (ස)
දැන් තියන ආර්ථිකය එක්ක එහෙම නොකර බෑනේ , එයා හරි (ස)
මේක යල්පැනගිය කාර්ඩ් රීඩර් එකක්.මේවා ගොඩාක් රටවල භාවිතයෙන් ඉවත්කරන ලද්දක්.අද භාවිතාවෙන්නේ පින් ඇන්ඩ් චිප් ක්‍රමයයි. අද බොහෝ රටවල මෙම මැග්නට් කාඩ් ක්‍රමය භාවිතාකරන්නේ ගනුදෙනු කරුවන්ට ලකුණු දීමේ ක්‍රමය මගින් ආකර්ශනය කර ගැනීමටයි. මෙම නාට්‍ය යේ ඉතුරු කොටස උසාවියේ රගදක්වෙන අයුරු කියවීමට පුලපුලා බලා සිටින්නෙමි.(නු)
නිතිය ක්‍රියාත්මක කරන්න
කවදාවත් කාගෙවත් අතේ බැංගු ගිණුම් තොරතුරු යවන්න එපා, කාඩ් හදලා සල්ලි ගනීවි (ස)
මෙයා මාර්ගයෙන් මහජන මුදල් වංචාවක් කළොත් නරකද? (නි)
ඇමතිකෙනෙකුගේ ලේකම් කෙනෙකුට බාර දුන්නනම් වැඩක් ගනීවි..!(නු)
"අන්ෆාස් මෙවැන් පුද්ගලයින්ව නිදහස් නොකර මරණ දඩුවම් දිය යුතුයි" ඔන්න තවත් ලේ පිපාසිතයෙක්. අර මිනිහා පැහැරගන්න හැදුවේ මුදල් නම් ඔයා පැහැර ගන්න හදන්නේ මිනිස් ජීවිතයක්. කියලා වැඩක් නැහැ අපේ රටේ කට්ටියට නීති හැදීමේ නිදහස තිබුනා නම් පාරේ සුදු ඉර කපලා ධාවනය කිරීමේ වරදටත් මරණීය දණ්ඩනය තමයි. සුද්දා අපේ හැටි නොදැන සර්වජන ඡන්ද බලෙත් දීලා ගියානේ.. (ස)
ඔහුගේ මොළෙන් වැඩක් ගන්න බැරිවෙයිද? (නි)
හොද වෙලාවට අහුවුනේ..(නු)
මෙවැන් පුද්ගලයින්ව නිදහස් නොකර මරණ දඩුවම් දිය යුතයි (ස)
පේටන්ට් බලපත්‍රය ගන්නයි තිබුණේ (ස)
තාම කොටින්ගේ බලපෑම් තියනවා නේද? (ත)
ලංකාවේ පුරවැසි කම අහෝසි කරලා ඉන්දියාවට යවමු. ඉන්දියා පුරවැසිකම තියනවානේ.
බලන්න තිබුන අහු නොවුනනම් මොකද වෙන්නේ කියලා.. ඉන්දියාවටම යවන්න මෙයාව..!(නු)
ඔය තියන කලු පාට රීඩර් එකම වෙළදසැල් වලත් පාවිච්චි කරනවානෙ අපේ ඩේටා කියවන්න (ක්‍රෙඩිට් කාර්ඩ් රීඩර් එකට අමතරව ). කවුරුහරි මේක නීති විරෝධීද නැද්ද කියලා කියන්න. ලංකාවෙ ප්‍රධාන පෙළේ හැම සුපර් මාර්කට් සහ ඇඳුම් කඩ මේක පාවිච්චි කරනවා. පිටරටනම් මෙහෙම ඩේටා එකතු කරන්න තහනම්. (නි)
මේවා මොනවද? බැංකු මරුවන් ඉන්නේ ඉතාලි වලනේ. (නි)
අල්ලපු අයට අපගේ ප්‍රණාමය! (නි)
පාර්ලිමේන්තුව පැත්තෙ ගියානම් උපදේශක තනතුරකට සුදුසුයි..!(නු)