IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


'බිකිණිය ඇන්දෙ නෑ'

2016-12-03-ent-151

ගයාත‍්‍රි ඩයස් යනු නිරන්තරයෙන් කතා බහට ලක්වෙන ශිල්පිනියක නොවෙයි. නමුත් මේ දිනවල නම් ගයාත‍්‍රි ගැන වැඩි දෙනා කතා බහ වන බව කියන්න පුළුවනි. පසුගියදා ඉන්දියාවේදී පැවැත් වූ රූ රැුජින තරගයකදී ‘‘බිකිණි’’ ඇඳුමින් පෙනී නොසිටීම සහ ඊට සහභාගී වීම නිසා ගයාත‍්‍රී ගැන මෙලෙසින් කතා කරන බව කියන්න පුළුවනි.

එම තරගයේදී මිසිස් ටැලන්ට් අංශයේ ජය ලද ගයත‍්‍රි, සඳැල්ලට එක් වූ මොහොතකි මේ.

 

ගයාත‍්‍රි මේ දිනවල ඔබ ගැන වැඩිපුර කතා බහ වෙනවා, එහෙම නේද?

2016-12-03-ent-150පසුගිය දිනවල ඉන්දියාවේදී පැවැත් වු විවාහක රූ රැුජින ටොප් ඔෆ් ද වර්ල්ඞ් තරගය නියෝජනය කළ නිසයි ඒ විදියට කතා වෙන්නේ.

 

මෙහිදී ජයග‍්‍රහණයක් ලැබුණද?

”මිසිස් ටැලන්ට්” අංශයේ ජය ලැබුණා. ඒ නිසා තමයි වැඩි දෙනා මේ විදිහට කතා වෙන්නේ.

 

මේ වගේ රූ රැුජිණ තරග වලට සහභාගී වීමත් දැන් හරියට විලාසිතාවක් වගේ නේද?

ඇත්තටම ලෝකයේ නිරන්තරයෙන් මෙවැනි රූ රැුජිණ තරග පැවැත්වෙනවා. මේක ලංකාවට රැුල්ලක් වෙලාද කියලා මම දන්නේ නැහැ. සහභාගී වන අයම තමයි ඒවා ඒ විදියට රැුලි කර ගන්නෙ. නමුත් මම වගේ කෙනෙක් සහභාගී වීම නිසා ඒක ඒ විදියයි කියන්න බැහැ. හේතුව මට මේ අවස්ථාව නියෝජනයට ලැබුණම මම ඊට ඒ තරම් කැමැත්තක් දැක්වුවේ නැහැ.

 

එහෙනම් ඔබ ඊට සහභාගී වුණේ?

මගේ ජීවිතයේ මට ලැබෙන රූ රැුජින තරග නියෝජනයේ අවසාන අවස්ථාව මෙය වේවි කියලා පසුව හිතුවා. මොකද වයසින් වැඩි වෙනවා. ඒත් එක්කම මේවාට සහභාගීවීමට තියෙන අවස්ථාවක් අඩු වෙනවා. ඒ නිසා අන්තිම අභියෝගය තමයි මම මේ බාර ගත්තේ. මේ ටොප් ඔෆ් ද වර්ල්ඞ් තරගයේදී මෙරට අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන සංවිධාන අංශයෙන් තමයි ආරාධනා ලැබුණෙ. නමුත් ඇත්තටම ඊට සහභාගී වෙනවාද? නැද්ද? යන්න මට බයක් ඇති වුණා.

 

හේතුව?

වෙනත් රට වලින් පැමිණෙන රුවැත්තියන් ඉතාමත් උසින් වැඩි, ලස්සන පෙනුමැති ? සපුවකින් යුතු අයයි. ඉතින් ඒ රුවැත්තියන් එක්ක තරග කරන්න පුළුවන්ද? කියන චකිතය මට තිබුණා. නමුත් මේ රටේදී මම මීට පෙර රූ රැුජින තරග කීපයක්ම නියෝජනය කරලා තියෙනවා. මම ක්ෂේත‍්‍රයට ආවෙත් රූ රැුජින ජයග‍්‍රහණයෙන් පසුවයි. ඒ හැරත් දරුවන් දෙදෙනෙකුගේ මවක ලෙසත් රංගන ශිල්පිණියක ලෙසත් ගත කරන මට මේ රටේ ජනතාව ආදරෙයි. ඒ වෙනුවෙන් රටට යම්කිසි ජයක් ගෙන දීම අරමුණ වුණා. අන්තිමට මෙම තරගය නියෝජනයට ගියේ ඒ නිසයි.

 

මේ නිසා රටට ලැබුණු දේ මොනවද?

ශ්‍රී ලංකා රූ රැුජින, සිරස රූ රැජින ආදී තරග රැසක් නියෝජනය කරලා තිබුණා. අවුරුදු කුමරිය තරග නමයක් විතර ජයග‍්‍රහණය කරලා තියෙනවා. නමුත් ඒ ඔක්කොම වුණේ රට ඇතුලේදියි. රටින් පිට පැවැත්වු තරගයකට සහභාගී වීම නිසා ලැබුණු අත්දැකීම් මගේ ජීවිතයට වඩාත් වැදගත් වුණා. මීට පෙර ජාත්‍යන්තර තරගයකට මම ඉදිරිපත් වෙලා තිබුණෙත් නැහැ. ඒ නිසා මේ අවස්ථාව මට ලොකු අත්දැකීමක් වුණා.

 

මේ තරගයට යාමට පෙර විවිධ කතා සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය වුණා. එහෙම නේද?

කොහොමටත් වෙබ් අඩවිවල ස්වභාවය අනුව ඔවුන්ට අලූත් යමක් ඉදිරිපත් කිරීමේ වුවමනාව නිරන්තරයෙන් තියෙනවා. නමුත් මට මේ තරගයට ඉදිරිපත් වන විට, ඒ පිටත්ව යන මොහොතේ කිසිවක් අසාධාරණව සිදු වුණේ නැහැ. නමුත් ලොකුම ප‍්‍රශ්නය වුණේ මේ තරගයේ අවසන තිබු බිකිණි ඇඳුමෙ ඉදිරිපත් නොවීමයි.

ඒ ගැන බොහෝ සමාජ ජාලා කතා කරන්න පටන් ගත්තා.

 

මේ තරගයට යාමට පෙර එවැනි මොහොතකට සමබන්ධ විය යුතුයි කියා දැන ගෙන සිටියේ නැද්ද?

අනිවාර්යයෙන්ම දැනගෙන හිටියා. නමුත් මගේ බලාපොරොත්තුව වුණේ මීට සහභාගී වීමටයි. සමහර විට ඒ බිකිණි ඇඳුම අඳින්නත් ඉඩ තිබුණා. නමුත් එක් මොහොතකදී මම ඒ ගැන කීප වරක්ම කල්පනා කළා. මෙයින් පසුව මම නැවත රටට එද්දී අපේ රටේ තියෙන සදාචාරය සභ්‍යත්වය සහ ඒ සංස්කෘතික වටපිටාව යටතේ මේ නිසා ලැබෙන ප‍්‍රතිචාර විඳ දරා ගන්න පුළුවන්ද කියලා. පුද්ගලිකව මම මගේ සදාචාරය ගැන හිතන කෙනෙක්. මම දියණියන් දෙදෙනකුගේ මවක්, එක් මොහොතකට පමණක් සීමා වූ අවස්ථාවක් වුණත් අන්තිමට මම එයින් ඉවත් වීමට තීරණය කළේ ඒ නිසයි.

 

ඇයි ඔබ සහ චන්න එකට රඟපාන්නෙ නැත්තෙ කියලත් බොහෝ දෙනා විමසනවා නේද?

ඇත්තටම අපට එහෙම අවස්ථා ලැබිලා නැහැ. එකම එක ටෙලි නාට්‍යයක විතරයි අපි දෙන්නා රඟපෑවේ. මගේ තෙවැනි ටෙලි නාට්‍යය වූ බෙනට් රත්නායකගෙ මකර විජිතය එයයි. ඉන් පසුව කවුරුවත් අපට කතා කළේ නැහැ.

 

දැන් ඔබගෙ වැඩි මහල් දියණියත් කලා කටයුතු වලට දායක වෙනවා නේද?

එයාට රඟපෑම ගැන එච්චර උනන්දුවක් නැහැ. හැබැයි ගීත ගායනයට ආසයි. ඒ නිසා ඒ ගැන වැඩිපුර උනන්දුවක් දක්වනවා. සංගීතය හැදෑරීමක් කරනවා. ඒ නිසා එම අංශයේ වැඩ සටහන්වලට, විශේෂයෙන්ම කලා කරුවන්ගේ දරුවන් දායක වන වැඩ සටහන් වලට දායක වෙනවා. රඟපානවාට මගේ නම් කිසි අකමැත්තක් නැහැ. නමුත් එයා අකමැති බව පේනවා. පොඩි එක්කෙනා නම් චන්නගේ අලූත් ෆිල්ම් එකේ රඟපෑවා. මලීෂාත් චන්නගේ ටිකිරි හපන්නු ටෙලි නාට්‍ය මාලාවේ රඟපෑවා.

 

පවුලම එකතු වෙලා එක නිර්මාණයකට දායක වෙන්න අකමැතිද?

කලා පවුල් වල නිර්මාණයක් කෙරෙන කොට බොහෝවිට ඒ කලා පවුලම ඒ නිර්මාණය වටා හිටියා. නමුත් එහෙමම වෙන්න ඕනැය කියලා මම හිතන්නේ නැහැ. අපි සිිටිනවාය කියන දේ මුල් කරගෙන චරිත ලියවිය යුතුත් නැහැ.

 

අද බොහෝ නළු නිළියන් ෆේස් බුක් හරහා අනවශ්‍ය ප‍්‍රතිචාර ලබා ගන්න උත්සාහ ගන්නවා නේද? ඔබත් ෆේස් බුක් එකේ නිතර දකින්න ලැබෙන චරිතයක්ද?

ෆේස් බුක් කියන්නෙ නිරන්තරයෙන් පෙනී සිටිය යුතු තැනක් නෙවෙයි. එය මා විශ්වාස කරන විදියට මිතුරන් අතරෙ අදහස් හුවමාරු කර ගත යුතු මාධ්‍යයක්. ඒ හැර ඒ මගින් අනවශ්‍ය ප‍්‍රචාර ලබා ගැනීමේ අවශ්‍යතාවයක් මට නැහැ.

 

ඔබ දැන් නිතර රඟපාන්නෙ නැහැ නේද?

ඇත්තටම කාලාන්තරයක් තිස්සෙ විටින් විට රඟපෑවා. ඒත් දැන් නම් මට ඒ ගැන වැඩි කැමැත්තක් නැහැ.

 

දැන් කැමැත්ත?

දියණියන් දෙදෙනා වෙනුවෙන් වැඩිපුර කාලය වැය කිරීමට වගේම, දැන් නැවතත් මගේ රූපලාවන්‍ය කටයුතු සඳහා වැඩිපුර කාලය යෙදවීමට තමයි කැමැත්ත තියෙන්නේ.

 

සැලෝන් වැඩ ගැන කතා කරද්දී ‘ගයාත‍්‍රි සහ නයනා’ ගැන නිතර කතා වුණා නේද?

ව්‍යාපාර හෝ රඟපෑම ගැන කතා කළත් අපි දෙන්නා දෙපැත්තක සිටියෙ. මිත‍්‍රත්වය කියන්නෙ තව දෙයක්. අපි එකට සැලොන් හෝ රූපලාවන්‍ය කළේ නැහැ. නයනා හොඳ මිතුරියක් වුණා.

 

හැඩගැන්වීම් චාමි හබරකඩ

විලාසිතා Jump

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-12-03-ent-149
2016-12-03-ent-148
2016-12-03-ent-147
2016-12-03-ent-146



අදහස් (0)

'බිකිණිය ඇන්දෙ නෑ'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 633 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4595 1

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2014 5

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8804 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1484 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site