අද අලුයම 2.30ට පමණ බත්තරමුල්ල පැලවත්තේ සෙත්සිරිපාය ඉදිරිපිට බැංකුවක් කැඩීමට ආ සොරුන් කල්ලියක සාමාජිකයකු පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මේ පිරිස බැංකුව කඩන බවට ලැබුණු ඔත්තුවකට අනුව පොලීසිය වහා එහි ගියේය. මැරුම්කෑ පුද්ගලයා හමුදාවේ හිටපු සාමාජිකයකු විය හැකි බවටද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
සොරුන් බැංකුවේ මුදල් ගෙන ගියාද නැද්ද යන්න ගැන තවම තොරතුරු ලැබී නැත.
අනෙක් සැකකරුවන් අල්ලා ගැනීමේ මෙහෙයුම් අරඹා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
ඡායාරූප : එම්.එස්.පෙරේරා











1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ජගත්, ඔයාත් හොරකම් කරලද ජීවත් වෙන්නේ? හැබැයි හොරකමේ සතුට ටික කාලයයි
අපරාධකාරයන්ට අවිආයුධ ගැන තියෙන්නේ හොද පුහුණුවක්.නමුත් පොලිසියටවත්, අපරාධකාරයන්ටවත් විනය හෝ හැසිරීම ගැන පුහුණුවක් නෑ
මේ පින්තූරවල කඩුවකුත් සටහන් වෙනවනේ.කව්ද මේ කඩුව අල්ලගෙන ඉන්නේ ඇඟිලි සලකුණු ගන්නත් කලින් ? අපේ මිනිස්සු මේවා ගැන දන්නේ නැද්ද?
රුපියල් 2000ක කලිසමක් හොරකම් කරලා මාස 3ක් හිරේ යනවට වැඩිය ඔය වගේ ගේමක් දීලා මළත් කමක් නෑ
රට පුරාම ලයිසන් ඇති සහ නැති හොරු
විලෝ ගහ නොතිබෙන්න සෑහෙන ගාණකට වැඩ වරදිනවා
පව් , උසස් පෙළ අසමත් කොල්ලො ටිකක් වෙන්න ඇති , අම්මල මහන්සිවෙලා උගන්නලා කියන්න ඇති බැංකුවේ රක්ෂාවක් හොයා ගන්න කියලා , එකට ලේසිම විදිය මේක තමයි. වහලයෙන් බහින එක.
මේක වැරදීමක් අනේ...බැන්ක් ගොඩනැගිල්ල පරණයි...ඉතින් ඒක කඩන්න කන්ට්රැක්ට් 1ක් දීලා මේ මිනිස්සුන්ට බැන්ක් 1න් ටෙන්ඩර් කරලා දීලා තිබුණේ......ඔන්න ඉතින් අවශ්‍ය දේවල් අරන් මෙතන්ට එන්න රෑ වුණා... කඩන්න පටන් ගත්තා විතරයි ඇවිත් වෙඩි තැබ්බා...අපරාදේ ....
පුදුමයි.පොලිසිය පාන්දර 2.30ට විතර ඇහැරිලා ඇවිත් හරියටම හොරෙකුටම වෙඩි තියපු එක
TK සහ වසන්තට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අතගාලා බලන්ඩ අං ඇවිල්ලද කියලා. හොදටම කියලා තියෙනවා ඒගොල්ලත් වෙඩි තිබ්බා අත්බෝම්බයක් ගැහුවා කියලා. එතකොට වෙඩි නොතියා තුවක්කුව තියාගෙන වෙඩි කන්නද කියන්නේ. හොද දෙයක් කරත් ඔහොම තමයි. ඔය ගොල්ලන් වගේ අය ඉදිද්දි තමයි මේ ලංකාව හදන්න බැරි. ඒ වෙලාවේ පොලිසිය නාවා නම් හොරු බැංකුව කඩලා සල්ලි අරන් යනවා. ඇහැරලා ඉදලා හරි නිදාගෙන හරි වැඩේ කරානේ. ඒ ගැන සතුටු වෙන්න. නිකන් පිස්සු කමෙන්ට් දාන්න එපා. ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න.
මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි..බඩු මිල අහස උසට ..හොරකම් නොකර කොහොමද ජීවත් වෙන්නේ... දරුවන්ට උගන්වන්නයි, කන්න දෙන්නයි ගියාම ඉතුරු සල්ලි ටික දිහා බලද්දි පඩිය අරන් හූල්ලන්න තමයි වෙලා තියෙන්නේ
ඇයි මේ මිනිස්සු කියන්නේ ජීවත් වෙන්න අමාරු නිසා හොරකම් කරනවා කියලා.එතකොට එහෙම කළ එක හරිද? කවුද අමාරුවේ වැටෙන්නේ එතකොට?
බැංකු මංකොල්ලේ ගැන පණිවිඩේ දුන්න කෙනා යහතින්ද දන්නේ නෑ.මොකද අපේ පොලිසියට පුලුවන් වලහා හාවා කරන්න
මෝඩ හොරු ටිකක් .හැමදෙයක්ම පුරුදු වෙලා එන්න ඕනෑ කියන්නේ ඒක තමයි
චමින්ද - අපේ රටේ පොලිසිය අහිංසකයන්ට කවදාවත් වෙඩි තියලා නෑ එහෙනම් .... රටේ අපරාධකාරයේ වැඩි හරියක් බිහිකරන්නේ පොලිසියයි......
ඔන්න දැන් බය වෙන්න දෙයක් නෑ. හමුදාවෙනුත් දාලා පොලිසියෙනුත් ආරක්ෂාවට දාලා ඉන්නවා. දැන් හොරු පනින්නෑ.පැන්නොත් පනින්නේ බළල්ලු තමයි. නමුත් අර කඩුව ගැන පොඩිඩක් බලන්න. හොරකමිකරපු කඩුවද කියලා.
අපි කියන්නෙත් මෙවැනි හොරකම් වලට ඉඩ තියන්න එපා කියලයි.හැබැයි බඩු මිළත් අඩු වෙනවනම් හොදයි
අනික් අයවත් අල්ල ගන්නයි තියෙන්නේ
ඕක තමයි කියන්නේ ආරේ ගති නෑරේ කියලා...
ආචාර්ය තුමාද දැන් නෑ වෙඩි කා නැසුනේ? පොර නැ නේ මේ ටිකේ
රෑට බැංකුව වහල නිසා ගිණුමෙන් සල්ලි ටිකක් ගන්න ඕන උනාද දන්නේ නැහැ හදිස්සියකට .. මොකද BOC ATM බොහෝ වෙලාවට ක්‍රියා විරහිතයි. පඩි දවස් ළං වෙනකොට system out
පොලිසිය සහ හමුදාව අතර තියෙන වෙනස ඔන්න...
ලංකාවේ අපරාධ රැල්ලක් තියෙනවා කියන්නේ බොරුවක්!
සභාපතිතුමගෙ ගෙට පැන්න හොරාමද දන්නෙ නැහැ..
දිනූශි මේක හමුදාවට අදාල නෑ..බුද්ධිමත් වෙන්න..
පොලිසියේ අය රෑ 2 ඇහරල හිටපු එකයි පුදුමේ.
වර්තමානයේ බැංකු මංකොල්ල වැඩිවෙලා .....බැංකුවල ආරක්ෂක පද්දතිය තවත් වර්දනය කරනම් හරි.......
මුදල් සොයන ලේසිම මග මේක කියලා හිතන්න ඇති...... අනේ පව් මේකත් ජීවිතයක්නේ ...... සමහරවිට පොලිසිය වැරදිලා .... පාරේ යන කෙනෙකුට වෙඩි තිබ්බද දන්නේ නෑ නේ....... දන්නවනේ අපේ පොලිසි වලත් හැටි...
මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි..බඩු මිල අහස උසට ..හොරකම් නොකර කොහොමද ජීවත් වෙන්නේ...
අනේ මගෙ රටට ගිය කළක් ...
මොන කරදර තිබුණත් වැරදි වැඩ නොකරන්න තිබුණා ,අපරාධකරුවන් සියල්ල අල්ලා ගැනීමට ලැබේවා !
අප රටේ පැවති ත්‍රස්තවාදී ක්‍රියාවන්වල අතුරු ඵලයන් තමා මේ අප අද අත් විදින්නේ. රටේ සිදුවන අපරාධ රැල්ල බොහෝමයකට සම්බන්ධවී සිටින්නේ හමුදාවෙන් පැනගිය හෝ ඉල්ලා අස්වූ පිරිසයි.
මංකොල්ලකාරයන්ව තව තව මේ වගේ අපරාද වලට උනන්දු කරන්න ඕනි.එතකොට පොලිසියට හරි හමුදාවට හරි පුලුවන් ඔක්කොටම වෙඩි තියලා දාලා මේ රට සුද්ධ කරන්න.නැත්නම් මේක හරියන්නේ නෑ.
ජගත්.........අහ් ඔයත් හොරකමේ යනවද?
හොරු නෙමේ . පාලු තැන තැන තියෙන ATM එකක් තොර ගන්න තිබුන නේ .
බැංකුවක සෑම ආරක්ෂා විධියක්ම තර කරලයි තියේනනේ.පොඩි ලමෙක් වුනත් දන්නවා ඒක.මේ විදියට බැංකුවක් කොල්ලකන්න කවුරුවත් එන්නේ නෑ
මැරුණේ හොරෙක්මද කියලා ෂුවර්ද? මොකද අපේ කට්ටිය වෙඩි තිබ්බම මැරෙන්නේ පැත්තක ඉන්න අහිංසකයෝනේ
බැංකුවේ ආරක්ෂක රැකවල්කරුවන් හිටියේ නැද්ද?