කටුනායකදී අද අලූයම අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයන් දෙදෙනකු පස්සා පැත්තේ සඟවාගෙන සිටි රන් බිස්කට් 30 ක් එළියට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා රාජ්‍ය බුද්ධි තොරතුරු සේවය සමත් විය. යාපනයේ හා අලූත්කඬේ මේ ව්‍යාපාරිකයන් ඉන්දියාවේ මුම්බායි නුවරට යෑම සඳහා එසේ සඟවාගෙන ආ රන් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි අසූ ලක්‍ෂයකි. බැංකුවකින් එම රන් බිස්කට් මිලට ගෙන ඇති බවත් මේ දෙදෙනා නිතර නිතර එතෙර යන්නවුන් බව රේගුව කියයි. රේගු අධිකාරි වත්සලා නානායක්කාර නියෝජ්‍ය අධිකාරින් වන කේ. එල්.සී. කුමාර, එච්.එම්.කේ. පී. හේරත්, ඒ.ඒ.ටී.පී. ඩයස්, එච්.එම්.පී. එන් එන් හේරත්, ඒ.ඒ.ඞී.සී. ශාන්තපි‍්‍රය, එස්.එම්. සකරියා මහත්වරුන්ගේ සහායෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ස්ටැන්ලි සේනාරත්න මහතා පරීක්‍ෂණ මෙහෙයවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගුවේ කොටස දුන්නනම් මෙච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ මම හිතන්නේ.(ස)
සිල්වා .... මේ වතාවේ කොටසක් එලියට පේන්න තිබිල ...(ස)
වටිනා කියන වැඩ වලට නියම සේප්පුවක්නේ. දැනුයි තේරෙන්නේ. (නි)
මළපහ ගැවුණු රත්තරන් ඇයි ඔච්චර ගණන් ??? (නි)
සල්ලි හොයන්න රත්තරන් පොලුයි තියාගෙන තියෙන්නේ. මේ වගේ අයව නම ගම එක්ක පින්තුරෙත් පත්තරේ , වෙබ් එකේ , ටීවී එකේ දැම්මා නම් අහුවුණාම ලැජ්ජා හින්දා, වෙන කරන්න හිතන් ඉන්න අයත් ආයේ කරන්නේ නැහැ. (නි)
හැමදාම ගෙනියන එකේ මේ පාර අහුවුණේ කොහොමද ? (ස)
ගුද මාර්ගයටත් ගිය කලක්? (නි)
මම දැනගෙන හිටියෙ නැහැනෙ පක්ෂාත් ප්‍රදේශය මේ තරම් වටිනවා කියලා..!!(නු)
රේගුවේ අයත් ඇගිලි ගහන්නේ නැති තැනක් නැහැ බලනකොට. හැබැයි මොණවා වුණත් මේක හොද වැඩක්. (නි)
ඊයා.. මට නම් එපා ඕවා. රත්තරන් වුනත් හංගලා තිබුණ තැන වැරදියි. (නි)
හැම කෙනාගෙම පස්ස පැත්තෙන් උදේට රන් බිස්කට් අපතෙ යනවා. (ස)
බන්ධනාගාරයෙත් තියෙනවා මේ වගේ සේප්පු . ඒවගේ හංගලා තියෙන්නේ ජංගම දුරකථන..(ස)
අපේ රේගුවට දැන් හොද නිලධාරීන් ඉන්නවා වගෙයි. (නි)
මේ වගේ පහත් වැඩ කරමින් දරුවන්,අඹුවන්, දෙමාපියන්,ගම, රට, පන්සල, පල්ලිය, කෝවිල රවට්ටන අය නැවත ඔවුන්ගේ මූණ බලන්නෙ කොහොමද දෙයියනේ.තන්හාවට මුල් වෙලා, මූණේ දැලි ගාගෙන වැනසෙන හැටි. අජූතයි. (ස)
අනේ අනේ මෙහෙම දේවල්...(ස)
ශරීරයේ වෙන තැනක් තිබ්බෙම නැද්ද මන්දා මේ ටික හංග ගන්න...(ස)
මට තියෙන ප්‍රශ්නේ මෙතන ගබඩාවක් කරගන්නේ කොහොමද කියන එකයි....(ස)
මේක ලෝක වාර්තාවක්ද කෙහෙද?(නු)
පශ්චාත්භාගය ආරක්ෂාකාරී පිරිවැය අඩු භාණ්ඩාගාරයක්නෙ.. නව සොයාගැනීමක්..!!(නු)
ගුද මාර්ගය ආධායම් මාර්ගයක් කරන් වගේ...(ස)
නියම ආධායම් මාර්ගය...(ස)