බෙංගාල බොක්කේ ඇති පීඩන අවපාතයේ බලපෑමෙන් තවදුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, උතුරු, උතුරුමැද හා වයඹ පළාත් වල තද සුළං සමඟ ඉතා තද වැසි ද දිවයිනේ අනෙක් ප්‍රදේශවල තැන තැන තද වැසිද බලාපොරොත්තුවේ. මෙම පීඩන අවපාතය අද අළුයම 2.00 පමණ වනවිට මුලතිව් වෙරළට නැගෙනහිර දෙසින් කිලෝ මීටර 250 ක් පමණ ඈතින් කේන්ද්‍රගතව තිබූ බවත් එය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් එම ස්ථානයේ සිට බටහිර දිශාවට ගමන් කරනු ඇතැයි ද අපේක්ෂිතය.
මන්නාරම සිට යාපනය සහ ත්‍රිකුනාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ තද සුළං සහිත රළු ස්වභාවයක් ගන්නා බැවින් ධීවර හා නාවුක කටයුතු වලදී වඩාත් පරෙස්සම් වන ලෙස ද දැනුම් දී තිබේ.
මඩකලපුවට ද සැඩ සුළං හමායයි මුහුද ද බෙහෙවින් රළු ස්වභායක් ගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේම සිදුවන්නේ බෙංගාල බොක්කෙ නිසා අපිට ඒ තැන වෙනස් කරන්න බැරිද? (නි)
පහුගිය සතියේ මාලු ගොඩට ආවේ ධීවරයින් ගැන හිතලා. මේ සතියේ ගොඩට ආවා විකුණලා ජීවත් වෙන්නම. (නි)
වැස්ස නැහැ කියලා කම්පා වුණා. දැන් ඔය ලැබෙන්නේ රම්පෙට පොරි පොකුරු පොකුරු. (නි)
බෙංගාල බොක්කේ පරිප්පු ඇටයක් හිරවුණත් දුක අපිටමයි. (නි)
ගොඩවුණු වැව් අමුණූ යළී සකස් කළා නම් බොක්කේ සියලු ප්‍රශ්න අහවරයිනේ. (නි)
ඕක ඉතිං පොඩි වැස්සක් ආවත් හැමදාම කියන එකම සිංදුවනේ. (නි)
පියල්, අපි ඉපදුණු රට අපිට හොදයි. (නි)
මේක සුළි සුළගක් වෙලා ත්‍රිකුණාමලය සහ මඩකලපුව අතරින් ලංකාවට කඩා වදීද? (නි)
මාලු ගොඩට ආවේ මෙවැනි විපත්තියක් අපිට කලින් දැනුම් දෙන්නයි. (නි)
මටත් කියන්න පුලුවන් මේ දවස් වල වහිනවා කියලා. (නි)