ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (09) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 135 ක් ලබා ශ්‍රී ලංකාවට වඩා ලකුණු 435 ක් පසු පසින් සිටියේය.
දිනය අවසන් වන විට මොහොමඞ් අෂ්රාෆුල් නොදැවී ලකුණු 65 ක් ද, මොමිනුල් හක් නොදැවී ලකුණු 35 ක් ද රැස්කර සිටියහ.
ශ‍්‍රී ලංකා පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 570 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීම.
ළහිරු තිරිමාන්න පන්දු 256 කදී හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලකුණු 155 ක් ද, දිනේෂ් චන්දිමාල් පන්දු 151 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 116 ක් ද, රැස්කිරීමට සමත් වූහ. මෙම ශතක තිරිමාන්නගේ සහ චන්දිමාල්ගේ පළමු ටෙස්ට් ශතක වීම කැපී පෙනේ.
ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 135 කදී කඩුලූ 4 ක් දැවී 570
(දිමුත් කරුණාරත්න 41, තිලකරත්න ඩිල්ෂාන් 54, කුමාර් සංගක්කාර 142, ළහිරු තිරිමාන්න නොදැවී 155, ඇන්ජලෝ මැතිව්ස් 27, දිනේෂ් චන්දිමාල් නොදැවී 116, සොහග් ගාෂි 164/3)
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 43 කදී කඩුලූ 2 ට 135
(ජහුරුල් ස්ලාම් 20, මොහෙම්ඞ් අෂ්රාෆුල් නොදැවී 65, මොමිනුල් හක් නොදැවී 35)
(ඡයාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ඔහොම යමු. හැබැයි කාලයක් යද්දී මුල අමතක කරන්න නම් එපා. (නි)
ඉතා හොදයි. (නි)
නරකම නැහැ නේද (දී)
ලංකාව දිනනවා, ජයවේවා ලංකා (දී)
මේ තණ තකීරුව දග කවන්නේ නැද්ද? කෝ මෙන්ඩිස්? කෝ රංගන? (නි)
ඉතින් මේවා මීට කලින් දැකලා නැද්ද? වැඩක් බලාගෙන යනවා හලෝ යන්න. (නි)
සංගා, අපිට 200ක් ඕනෑ. ඔයාට බුදු සරණයි සංගා. (නි)
අනෙක් කණ්ඩායම් සමගත් ඔය විදියටම සෙල්ලම් කරනවා නම් තමයි හොද (නි)
අපි තව කැප වීමෙන් ක්‍රීඩා කල යුතයි (දී)
දැන් අහවලාට හිතෙනවා ඇති, "අනේ අපොයි, මම කපාගත්ත වළක තරම" කියලා. (නි)
මාලිංග වගේ නම් වෙන්න එපා කොල්ලෝ (නි)
මොරටු වේල්ස් කොල්ලෙක්. සුභ පැතුම්! (නි)
එන්න එන්නම ප්‍රබල වෙනවා (දී)
ප්‍රබල තත් වයක (දී)
ලංකාව දිනනවා (දී)
චන්ඩි පුතේ, ඔහොම යන් ඔහොම යන් . සෑම හයේ හා හතරේ පහරක් ළඟම නිහතමානිකම රැඳිලා තියෙන්න ඕනෑ. එහෙම නොවුනොත් ගහන සෙන්චරි වල වටිනාකමක් නැහැ පුතේ. දම්සෝ මාතාවට වගේම මටත් තියෙන්නේ ඔබ ගැන ලොකු ආඩම්බරයක් පැටියෝ. ආයුබෝවේවා ඔබට. (නි)
අපේ කොල්ලන්ට දිනන්න පුළුවන් ජයවේවා (දී)
තමන්ගේ රට ගැන හිතලා ලස්සනට තමන් යන ගමන යන්න. (නි)
පොඩි කොල්ලන්ගේ වැඩ හොඳයි, හැබැයි පුතේ අරයා වගේනම් වෙන්න එපා (ස)
තවත් ශක්තිමත් වෙන්න දෙන්න එපා (දී)
සුබ අනාගතයක් . හැබැයි ආඩම්බර වෙන්න එපා. හැදූ දෙමාපියන්ගෙත්, ඉගෙනගත් විදුහලෙත් නම්බුව ආරක්ෂා කරන්න (ස)