ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙට (2012) සුදුසුකම් ලැබීමේ පාරිසාධක මට්ටම ඉක්මවා සිටින ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ඉදිරියේදී අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලි පහකට සහභාගිවීමේ සුදානමින් සිටියි.
බැඞ්මින්ටන් ලෝක සම්මේලනයේ නවතම ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) 54 වැනි ස්ථානයේ සිටින නිලූකට ශ්‍රේණිගත කිරීමේ තවදුරටත් ඉදිරියට ඒමේ අරමුණින් මෙම අන්තර්ජාතික තරගමාලාවට සහභාගිවෙයි.
නිලූකගේ මෙම දස්කම් නිසා ක‍්‍රීඩා අමාත්‍යංශය මගින් ඔහුට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල දක්වා මාස්පතා දීමනාවක් ලබාදීමට මේවන විට පියවර ගෙන තිබේ. මෙම දීමනාවට අමතරව නිලූක ඉදිරියේදී සහභාගිවන අන්තර්ජාතික තරගාවලිවලදී පුහුණුකරුවකු සහ භෞතචිකිත්සකවරයකුගේ සේවය ලබාදීමටත් ක‍්‍රීඩා අමාත්‍යංශය ප‍්‍රතිඥා දී තිබේ.
එහිදී ප‍්‍රදීප් වෙලගෙදර මහතා පුහුණුකරු ලෙසත්, ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ් මහේෂ් කොඩිතුවක්කු මහතා භෞතචිකිත්සක ලෙසත් නිලූක සහභාගිවන තරග සංචාරවලට එක්වීමට නියමිතය.
මෙම 22 වැනිදා පෝලන්තයේ පැවැත්වෙන ‘පෝලන්ඞ්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවීමට නිලූක මේ වන විටත් සුදානමින් සිටියි. මෙම 29 වැනිදා ආරම්භවන පින්ලන්ත විවෘත තරගාවලිය අපේ‍්‍රල් මස 3 වැනිදා ආරම්භවන ඕස්ටේ‍්‍රලියා විවෘත තරගාවලිය මෙන්ම අපේ‍්‍රල් මස 11 වැනිදා සිට පේරු රාජ්‍යයේදී පැවැත්වෙන තරගාවලිය නිලූක සහභාගිවීමට සුදානමින් සිටින සෙසු අන්තර්ජාතික තරගමාලාවේ.
ඔහු සහභාගිවන දකුණු ඇමරිකාවේ තාහිටීහිදී පැවැත්වෙන අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිය අපේ‍්‍රල් මස 19 වැනිදා ආරම්භවේ.
නිලූක, පෝලන්ත සහ පින්ලන්ත තරගාවලි දෙකේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ නවවැනි ස්ථානයේ පසුවෙයි. පෝලන්ත තරගාවලියට ක‍්‍රීඩකයෝ 78 දෙනෙක්ද, පින්ලන්ත තරගාවලියට ක‍්‍රීඩකයෝ 66 දෙනෙක් ද ඉදිරිපත්ව සිටිති.
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බැඞ්මින්ටන් ශූර නිලූක විදෙස් තරග සංචාර 5 කට සූදානමින්