අද (4) අලූයම සිට බස්නාහිරට අකුණු සමග මහ වැසි ඇති විය. මාසයකට ආසන්න කාලයක් පුරා පැවැති රස්නය ඉන් සමනය විය. රාගම දුම්රිය පාර වැසි ජලයෙන් යටවිය. බණ්ඩාරගම පොලිසියේ වහල තෙමෙන්නට විය. හේතුව යටලීය කැඩී තිබීමයි. පොලිසියට ආ අය නොතෙමී සිටීමට කුඩ පිහිට පැතූහ.
(බණ්ඩාරගම පොලීසිය - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
(බණ්ඩාරගම මෛත්‍රී විදුහල අසල - සිරි මහ බෙල්ලන)
(රාගම දුම්රිය නැවතුම් පොළ - වීඩියෝ තරිඳු ජයවර්ධන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් ඉන්න දෙන්නම් කොමිසමකුත් එක්කම. (නි)
කොච්චර දඩ ලියනවද අපිට? ඔහොම වෙලා මදි (නි)
හෝමාගම බස් නැවතුමේ වහලා හොඳටම හිල් වෙලා. මිනිස්සු තෙමෙනවා පව්.(නදී)
අතිසාරේටත් ඕනෑලු අමුඩයක්...හා.හා.හාහ්... (නි)
මේ කොයි බණ්ඩාරගම පොලිසිය ගැනද ආයුබෝවන් කියන්නේ?හොරණ පාරේ තියෙන එක නම් වෙන්න බැහැ. (නි)
කුඩ විතරද ඕනෑ? ඇග පිහගන්න තුවා ටිකකුත් එවන්නද? (නි)
මොනවා තෙමා ගත්තත් කමක් නැහැ. තුවක්කු සහ පිස්තෝල ටික තෙමා ගන්නේ නැතුව හොඳේ! තවත් මලකඩ කයි (නි)
ඇයි කෝ ආරක්ෂක අමාත්‍යංශය? (නි)
මේවා ඉතින් පවතින රජයන් නේද බලන්න ඕනෑ? (නි)