කුකුළු කෑම ඉහල යෑම නිසා සතියක් ඇතුළත කොළඹ තොග බිත්තර මිල රුපියල් 3.50කින් වැඩිවී ඇත. සුදු බිත්තරයක තොග මිල රුපියල් අටේ සිට රුපියල් එකොළහ දක්වාද, රතු බිත්තරයක මිල රුපියල් 11.50 දක්වාද වැඩිවී ඇතැයි වෙළන්දෝ කියති. මේ අනුව බිත්තරයක සිල්ලර මිල රුපියල් 13 පමණ වෙතියි වාර්තා වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තර කන්න එපා...මේදය වැඩියි, පපුවට හොඳ නෑ...මාස 3ක් බිත්තර නොකා ඉන්න එතකොට බිත්තර මිල බහීවී ..(ස)
අයියෝ සල්ලි
බිත්තර කළා ඉවරයි
අපි කතා නොකර ඉමු.. බිත්තර නොකා ඉමු.. ටික දවසක්..
අපට අවශ්‍ය බිත්තර පුලු පුලුවන් විදියට අපිම දා ගමු. (නි)
අර අපේ ඇමතිතුමාගෙන් ඇහුවා නම් ඕකට ආර්ථික විද්‍යාවෙන් පිළිතුරක් දෙයි. (නි)
2500කට බිත්තර කීයක් නම් ගන්න පුලුවන්ද? (නි)
අමිල එහෙමද? කෙකර ගාන කිකිළි එක්ක ඇයි ඔයා රණ්ඩු? (නි)
ඇයි බිත්තර ඔච්චර ගණන්..(ස)
බිත්තර කන්නම කියලා නියමයක් නෑනේ...නොකා ඉන්න..(ස)
අමිල -කටුනායක, ඒකට කියන්නේ කෙකරගානවා කියලයි..(ස)
ඕක ගැන කිකිලි දන්න නිසයි බිත්තරේ දාපු ගමන් හයියෙන් කෑ ගහන්නේ..(ස)
ඔම්ලට් හදන්න බෑ බිත්තර නැතුව.. ලෝකේ හැමෝවම සතුටු කරන්නත් බෑනේ ඉතින්...(ස)
කිකලියොත් ගණන් උස්සලා වගේ..(ස)
වැඩිය බිත්තර කන්න හොඳ නෑ...........(ස)
අද බිත්තර හෙට කුකුල් මස්ද ? ලංකාවේ බඩු වැඩි වෙනවා විතරයි අඩු වෙන්නෑ (ස)
කිකිලියෝ දන්නවනම් උන්ගේ බිත්තර මෙහෙමත් ගණන් උස්සනවා කියලා උන් බිතතර දාන එකතුත් නෑ (ස)
මමත් බිත්තර නිෂ්පාදකයෙක්. අපේ රටේ බිත්තර හා කුකුල් මස් නිෂ්පාදනය ඉතා සාර්ථක ව්‍යාපාරයක්. ඒත් එක්තරා සමාගම් දෙක තුනක කුමන්ත්‍රණ යටි උගුල් මගින් කුඩා ගොවි පොළ හිමිකරුවන් වට්ටවනවා. කුකුල් කෑම නිපදවන්නෙත් මේ සමාගම් විසින්මයි. පසුගිය ජුලි මාසේ එක්තරා සමාගමක් 4.80 ට කඩවල් වලට තොග දාගෙන ගියා. ඒ සමගම කුකුල් කෑම මිල වැඩි කළා. මේක හැම අවුරුද්දෙම අප්‍රේල් වලින් පස්සේ නත්තල් වෙනකම් ඔවුන් කරගෙන යන සෙල්ලමක්. මේ කාලය තුල කුඩා ගොවියන් බොහෝ දෙනෙක් කෑම වියදම වත් හොයාගන්න බැරුව කිකිළියන් මසට විකුණලා නිකම් හිටිය. අපේ බිත්තර කිසිම කඩයක් ගන්නේ නැතිව ගියා. අපි රත්තරන් බඩු ටික උකස් තියල කෑම ගෙනත් දීල අපි සත්තු ජීවත් කලා. දැන් යන්තම් මිලක් ඇවිල්ල තියෙන්නේ නිෂ්පාදනය පහල බැහැපු නිසයි කෑම මිල වැඩි කළ නිසයි. ඉතින් දැන් මේකට ඉන්දියාවෙන් බිත්තර ගේන්න කලබල වෙන්න එපා. නිෂ්පාදනය වැඩි කරන්න රජය පියවර ගන්න. ඉස්සර වගේ රජයෙන් කුකුල් කෑම නිපදවල සුළු ගොවියා ආරක්ෂා කරන්න. අවුරුදු කිහිපයකදී ප්‍රතිඵල බලන්න. (ස)
කිකිලියනේ තව ටික දවසක් ඉවසන්න..(ස)
ඇයි අනේ තේරෙන්නෙ නැද්ද කිකිළියන්ගේ දුක? කුකුලු කෑම ගනන් නිසානෙ බිත්තරත් ගණන් වැඩි කරන්න වුණේ. (නි)
බිත්තර කෑම නුසුදුසුය !! ලෙඩ වලට හේතු වේ . දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගත යුතුයි. ඒකයි මිල වැඩි කරේ.(ස)
කිකිලියන්ට තේරෙන්නේ නැද්ද මේ දවස්වල ගණන් උස්සන එක හරි නෑ කියලා..(ස)
සම ජීවිකතා අය වැය දෙක සමව තියාගෙන කල්පනාවෙන් හා අරපෙරස්සෙමන් වියදම් කරන්න වෙයි (ස)
කිකිලියන්ගේ ගණන් බස්සන්න ලොකු වැඩකොටසක් කරන්න වෙයි කලින් වතාවේ වගේ(නු)
කිකිළි බිත්තර දාන්නෙ ගානත් කියාගෙනමද?(නු)